මහින්ද ඝාතන කුමන්ත‍්‍රණය තවත් තියුණු කෙරේ.. තවත් ආරක්‍ෂකයින් 50ක් ඉවත් කරයි..

May 7, 2017 at 10:27 pm | lanka C news
මහින්ද ඝාතන කුමන්ත‍්‍රණය තවත් තියුණු කෙරේ.. තවත් ආරක්‍ෂකයින් 50ක් ඉවත් කරයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් තවත් 50 දෙනෙකු වහාම පොලිස් මූලස්ථානය වෙත කැදවා තිබේ.

ඒ අනුව සතියක් තුලදී හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් 92ක් ඉවත් කර ඇත.

මෙය පැහැදිලිවම රාජපක්‍ෂ මහතා පහසු ඝාතන ඉලක්කයක් බවට පත් කරවීමේ ආණ්ඩුවේ සැලසුමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ආණ්ඩු විරෝධී වැඩසටහන් සදහා ඔහු සහභාගී වීම සීමා කිරීමද මෙහි උපක‍්‍රමයක් සේ සැලකිය හැකි බවද මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ අනුව ඉතිරි වන සුළු ආරක්‍ෂක භට පිරිසෙන් 1/3ක් සෑම අවස්ථාවකදීම නිවාඩු ලබා යන අතර අනෙක් එක් කොටසක් එිටපු ජනාධිපතිවරයා අසල රැදී සිටියදී ඉතිරි පිරිස පෙර ආරක්‍ෂක සූදානම් සදහා යෙදවීමට කිසිසේත්ම ප‍්‍රමාණවත් නැතැයිද ඔහු පැවසීය.

48 views

20 Comments to “මහින්ද ඝාතන කුමන්ත‍්‍රණය තවත් තියුණු කෙරේ.. තවත් ආරක්‍ෂකයින් 50ක් ඉවත් කරයි..”

  1. Ranjith says:

    Oba thuma parrissam wenna. Meyalage paliganima iwarawenne nana. Eyalata ona Oba thumawa sadahatama nathi karranna.

  2. sumudu hewa says:

    නානා,
    // බොමිබ වැදිල ඇහැක් නැතිවුණ චන්ද්‍රිකාට මහින්ද .. මහින්ද ගෙ පන විතරද පන? අනික් අයගෙ ජීවිත ජීවිත නෙවෙයිද ?// 😀
    රටකටම අභය දානය දුන්නුමහින්ද​ගේ ජීවිතයේ වටිනාකම ​චන්ද්‍රිකා​ වගේ දේශද්‍රෝහියෙකුගේ ජීවිතයේ වටිනාකමට සම කරන ඔබ ඉන්නේ හොඳ සිහියෙන් ද?
    කොටින්ගෙන් රට මුදා ගත්තු නායකයාට මිස කොටි එක්ක දීග කන උදවියට ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ
    නැහැ. හෙණ ගහද්දි දොට්ට විසි කළයුතු ද්‍රෝහී ගැහැණියක වගේ ද මේ රටේ ජනතාවගේ සම්මානයට පාත්‍ර වෙන මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා?

    චන්ද්‍රිකාගේ ඇසක් අහිමි වුණේ ඇය මේ භවයේ උපන් බිමට එරෙහිව කළ නොපනත් කම්වල කර්ම දිට්ඨධම්ම වේදනීය විපාක හැටියටම තමයි. ඒ වුණාට එය වටහා ගන්නවත් සිහි නුවණක් නැති ඇය මහින්ද වැනි උතුමෙකුට අවමන් කර තව තවත් අපායගාමී වෙනවා.

    අපේ රටේ හැමෝම මේ දිනවල ගෙවන්නේ ඔබ වැනි ගුණමකුවන් 2015 ජනවාරියේ කරපු පව් වල දිට්ඨධම්ම වේදනීය කර්ම විපාක තමයි. තවම ඒකවත් තේරුම් ගන්ට බැරි හැටි!

Main News