මහින්ද චීනයට යයි.. චීන ලොක්කන් හමුවෙන්න සූදානම්..

November 22, 2016 at 12:40 pm | lanka C news
මහින්ද චීනයට යයි.. චීන ලොක්කන් හමුවෙන්න සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 නොවැම්බර් 23 සිට දෙසැම්බර් 1 දක්වා චීනයේ සංචාරයක නියෙලෙනු ඇත.

ඔහු නොවැම්බර් 28 වෙනිදා චීන රජයේ ප්‍රධානීන් හමුවීමට නියමිතය.

මේ සංචාරයේදී හිටපු ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගුආන්ශු හා බීජිං නගරවල නවාතැන් ගනු ඇති අතර, ඩෆෝ පන්සල, විවිධ නිදහස් වෙළඳ කලාප සහ ශෙන්ෂිං නගරයේද සංචාරය කරනු ඇත.

මේ සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ගුආන්ශු ප්‍රාදේශීය ආණ්ඩුවේ ප්‍රධානීන් හා ශෙන්ෂිං නාගරික ප්‍රධානීන්ද විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ හිටපු ජනාධිපති පුද්ගලික ලේකම් උදිත් ලොකුබංඩාර යන මහත්වරුන් සහභාගී වේ.

– උදිත් ලොකුබණ්ඩාර

9 views

One Comment to “මහින්ද චීනයට යයි.. චීන ලොක්කන් හමුවෙන්න සූදානම්..”

  1. DIGA JANTHU says:

    Mahinda methithuma–punaragamanayata sudanam———-jaya wewa “Lanka bumiye sebe desapremiyaanani— me bimata nidahasa labadun”—-desaye sebe nayakayanani “chiran jayathu”

Main News