මහින්ද චීනෙට ගිහින් බොරු කියලා.. අපි ගිහින් ඇත්ත කියලා චීනයත් දිනාගත්තා..

December 25, 2016 at 8:40 am | lanka C news
මහින්ද චීනෙට ගිහින් බොරු කියලා.. අපි ගිහින් ඇත්ත කියලා චීනයත් දිනාගත්තා..

ශී‍්‍ර ලංකාවේ ස්ථාන තුනක සියළු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකගතාව පල කර තිබේ. එක් මධස්ථානයක සිසුන් 2000 ට එකවර අධ්‍යාපනය ලැබිය හැකි පරිදි සියළු පහසුකම්වලින් සමන්විතව මෙම කාර්මික විද්‍යාල ඉදිකිරීම දෙරටේ එකගතාවයි.

මෙම අනගි අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමි කර ගැනීමට හැකි වුනේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පසුගියදා සිදු කළ චීන සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙසයි.

චීන රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය අමාත්‍ය ඩව් එන්යෝන්ග් (DOU ENYONG) මහතා සමග පැවැති දීර්ඝ සාකච්ඡුාවේදී විශේෂයෙන් අවදානය යොමු කෙරුණේ චීනය ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීමට නියමිත ආයෝජන සහ ඒ සඳහා පුහුණු ශ‍්‍රමිකයින් සපයා ගැනීම පිළිබඳයි. හම්බන්තොට ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට නියමිත චීන ආයෝජන මගින් කර්මාන්ත ශාලා 2500 ක් ශී‍්‍ර ලංකාව තුළ ස්ථාපිත කෙරෙනු ඇති බව චීන රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය අමාත්‍ය ඩව් එන්යෝන්ග් මහතා පෙන්වා දී තිබේ. එමෙන්ම ඔහු අවධාරණය කර ඇති තවත් කාරණයක් වූයේ එම කර්මාන්ත ශාලා සඳහා පුහුණු ශ‍්‍රමිකයින් ශී‍්‍ර ලංකාවෙන් සපයා ගැනීමද දුෂ්කර කටයුත්තක් බවයි. එබැවින් ශී‍්‍ර ලංකාවේ තරුණ ප‍්‍රජාව තාක්‍ෂණික පුහුණු කිිරීම් සඳහා කඩිනමින් අවතීර්ණ කළ යුතු බවත් එලෙස පුහුණුව ලැබූ නිපුණ ශ‍්‍රමිකයින් උසස් වැටුප් සහිත රැුකියා සඳහා බදවා ගැනීමට හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දී තිබේ. මෙම කාරණය පිළිබඳ මීට ඉහතදී අවස්ථා කිහිපයකදීම ශී‍්‍ර ලංකාවේ වෘත්තීය පුහුණු ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් දැනුම්වත් කිරීමට පියවර ගැනුනද ඒ කෙරෙහි නිසි අවදානයක් යොමු වී නොමැති බවද පැවසූ චීන රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ කණගාටුව පල කර තිබේ.

මේ කෙරෙහි අවදානය යොමු කරමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා යෝජනා කර ඇත්තේ චීන ආයෝජන මගින් ඉදිවන කර්මාන්තශාලා සඳහා ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සැපයීමට අවශය කටයුතු සම්පාදනය කළ හැකි බවයි. එමෙන්ම ඒ සඳහා දිවයිනේ ස්ථාන කිහිපයක් ආවරණ වන පරිදි කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට අදාලව අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ බලවත් අවදානය හා කැමැත්ත පල විය. ඒ පිළිබඳ දීර්ඝව සාකච්චා සිදු වූ අතර අවසාන තීරණය වූයේ හම්බන්තොට, පුත්තලම හා මොනරාගල යන ප‍්‍රදේශවල කාර්මික විද්‍යාල තුනක් කඩිනමින් පිහිටුවීමටයි. ඒවා ලංකා චයිනා ටෙක් ලෙස ආරම්භ කිරීමට ද යෝජනා වී තිබේ. ඒ සඳහා සියළූ අරමුදල් ලබා දීමේ වගකීම චීන රජය විසින් භාර ගැනීමද විශේෂ කාරණයයි. මෙම කාර්මික විද්‍යාල ස්ථාපිත කිරීමේ කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගත යුතු බවද ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු කඩිනමින් සිදු කිරීමට මැදිහත්වන ලෙසද චීන රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගනිමින් පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා වෙත මෙම සුබවාදී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනෙකුත් අවශ්‍යතා ඉටු කිරීමේ වගකීම තමන් විසින් භාර ගන්නා බවයි. එමෙන්ම අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා දිවයිනට පැමිණි විගස මේ පිළිබඳ අදාල අංශ දැනුම්වත් කරමින් ඉදිරි කටයුතු සැපසුම් කිරීමට පියවර ගත්තේය.

චීන ආයෝජන හරහා නව කර්මාන්ත ශාලා 2500 ක් මෙරට තුළ ස්ථාපිත වනු ඇති බවට ගණන් බලා තිබේ. එමෙන්ම මෙම තත්ත්වය තුළ සෘජු රැකියා අවස්ථා පන් ලක්‍ෂයක් (500000) පමණ නිර්මාණය වන බවත් රජයේ අපේක්‍ෂාවයි. එම අවස්ථාවන් ලාංකික තරුණ ප‍්‍රජාවට උරුම කර දීම රජයේ අපේක්‍ෂාව වී තිබේ. එමෙන්ම ලංකා චයිනා ටෙක් කාර්මික විද්‍යාල ශී‍්‍ර ලංකාවට අලූත් සංකල්පයක් බවට පත්වනවා මෙන්ම එහි ගෞරවය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා වෙත හිමි වේ.

මේ අතර චීනයේ සිදු කළ සංචාරයට තවත් අමාත්‍යවරුන් පිරිසක් සමග පාර්ලිමේන්තු මන්ති‍්‍ර කණ්ඩායමක්ද එක්ව සිටියහ. චිනයේ සංවර්ධන කි‍්‍රයාමාර්ග හා පස් අවුරුදු, දස අවුරුදු හා විසි අවුරුදු සැලසුම් පිළිබඳ පුළුල්ව අධ්‍යනය කිරීමටද අවස්ථාව උදා විය. එය මෙරට කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙලට නව ක‍්‍රමවේදයන් උපයෝගී කර ගැනීමට උදා වූ අවස්ථායක් ලෙසද සැලකිය හැකිය. පෘථීවිය මතුපිට නිරීක්‍ෂණය කිරීමේ තාක්‍ෂණය පිළිබඳ මෙන්ම පෘථීවිය අභ්‍යන්තරය වඩාත් පැහැදිලිව නිරීක්‍ෂණය කිරීමේ තාක්‍ෂණය පිළිබඳද මෙහිදී පුළුල් අවබෝධයක් ලැබීමට ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින්ට අවස්ථාව උදා විය.

අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප‍්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයින් විසින් චීන බලධාරීන් අතරට රැගෙන ගොස් තිබූ ව්‍යාජ මතවාදයන් පරාජය කර වත්මන් රජය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමටද මෙම සංචාරය වඩාත් ඉවහල් වූ බවයි. ඉදිරි වසරේදී පළමු කාර්තුව තුළ ශී‍්‍ර ලංකාවේ ආණ්ඩු පෙරළියක් සිදුවන බවත් ඒ හේතුවෙන් ආයෝජන සිදු කිරීම අවදානම් කාරණයක් බවත් හිටපු ජනාධිපතිවරයා චීන බලධාරීන් වෙත පවසා තිබූ බවත් තමන් සිදු කළ පැහැදිලි කිරීම්වලදී ඔවුන් හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ පිළිබඳ පුදුමයට පත් වූ බවත් අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා සඳහන් කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිසිදු මැතිවරණයකදී ආණ්ඩු පෙරළියක් සිදු නොවන බව තමන් චීන නියෝජිතයින් වෙත පැහැදිලි කර දුන් බවද රටම පිළිගන්නා රජයක් මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාපිත වි ඇති බවද පාලිත රංගේබණ්ඩාර අමාත්‍යවරයා චීන බලධාරීන් වෙත පැහැදිලි කර දී තිබේ.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය

6 views

2 Comments to “මහින්ද චීනෙට ගිහින් බොරු කියලා.. අපි ගිහින් ඇත්ත කියලා චීනයත් දිනාගත්තා..”

  1. බන්ඩා says:

    අද කාලෙ චීන්නු කොන්ඩෙ බැඳල නැහැ ගොනෝ. චීන කොලනියක් හදනව කියල චීන ජනාධිපති මුල් ගල තියල අද කාලෙ චීන්නු කොන්ඩෙ බැඳල නැහැ ගොනෝ. චීන කොලනියක් හදනව කියල රනිල පෝට් සිටිය නවත්තපු හැටි චීන්නුන්ට අමතක නැහැ කියල නොදන්නෙ තමන්ගෙ ලේ කොල පාටය් කියන යූඒන්පි හරක්ට පමණය්.

  2. daham says:

    umba kiyana eva piliganna konde bandapu cheennu dan naha modayo

Main News