මහින්ද ජනාධිපතිවරණයට නාම යෝජනා දුන්නොත් බාරගන්න මැකො සුදානම්.. ප‍්‍රතික්‍ෂෙප කිරීමේ බලයක් නෑ..

August 25, 2018 at 9:20 am | lanka C news
මහින්ද ජනාධිපතිවරණයට නාම යෝජනා දුන්නොත් බාරගන්න මැකො සුදානම්.. ප‍්‍රතික්‍ෂෙප කිරීමේ බලයක් නෑ..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නාමයෝජනා ලබා දුනහොත් එය ප‍්‍රතික්‍ෂෙප කිරීමට හෝ බාර නොගෙන සිටීමට තමනට නීතිමය හැකියාවක් නැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කර ඇතැයි අන්තර්ජාල මාධ්‍යයන්හි වාර්තා පල වෙයි.

එවන් තත්වයකදී ශ්‍රේෂාඨාදිකරණය හමුවට යාමට තමනට හැකියාවක් ඇතිදැයි සොයා බලන බවද මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

මේ අතර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසන්නේ මේ සම්බනදෙයන් වන ප‍්‍රශ්නය දිසා අධිකරණයක හෝ වෙනත් කිසිදු අධිකරණයක පැවරෙන නඩුවකින් විසදාගත නොහැකි බවයි.

විසදාගත හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමකින් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කරන අපේක්‍ෂකයන් විසින් ලබා දෙන දිවුරුම් ප්‍රකාශයෙන් තමන් නව ව්‍යවස්ථා සංශෝධන යටතේ දෙවරක් ජනාධිපති ධූරය දරා නැතිබව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රකාශ කලොහොත් එය නොපිලිගැනීමට මැතිවරණ කොමිසමට කිසිදු අයිතැයික් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

73 views

10 Comments to “මහින්ද ජනාධිපතිවරණයට නාම යෝජනා දුන්නොත් බාරගන්න මැකො සුදානම්.. ප‍්‍රතික්‍ෂෙප කිරීමේ බලයක් නෑ..”

  1. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මහින්ද නැවත බලයට පත්කරමු.
    මැදගොඩ අභයතිස්ස හිමි බෞද්ධ කටයුතු උ⁣පදේශක හැටියට පත්කරමු.
    ගෝඨාභය ආරක්ෂක ඇමති කරමු.
    බැසිල්ට ආර්ථිකය භාරදෙමු.
    චමල් රාජපක්ෂ අගමැති කරමු.
    නාමල් තරැණ කටයුතු ඇමති කරමු.
    වෙල්ගම කාන්තා කටයුතු අැමති කරමු.
    සරත් එන් ද සිල්වා අධිකරණ ඇමති කරමු.
    විමල් වීරවංශ මාධ්‍ය ඇමති කරමු.
    නිශාන්ත වික්‍රමසිංහ සිවිල් ගුවන් සේවා ඇමති කරමු.
    ශ්‍රීලංකාව සුරපුරක් කරමු.

  2. අරුණ says:

    එ් විතරක්ද ..නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක ෙවන ෙකාට මහින්ද…පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරෙයක්….

  3. BARCARDI says:

    Sarath N may be correct. Only Election commissioner has the right to inquire (officially) this, from Supreme court

    upon nomination.

  4. NAK says:

    Looks like Ranil’s 19A has failed him

  5. විශ්ලේෂකය says:

    සේපාල ඒකනායකට ගුවන් යානයක් පැහැර ගැනීම ගැන දඩුවම් කරන්න අතීතයට බලපාන පරිදි නීතියක් හදන්න (ඒ වනවිට එවැනි වරදකට දඩුවම් දෙන්න රට තුල නීතියක් නොතිබුනි) වුනා නම්, දෙවරක් ඡනපති වූ කෙනෙකුට තුන්වන වරට ඉදිරිපත් විය නොහැකි බවට (19 වන සංශෝධනය ගෙන එන විට එවැනි නීතියක් රටේ නොතිබුනි) ගෙනා නීතිය අතීතයටද බලපාන පරිදි පාර්ලිමේන්තුවෙන් සම්මත නොකලේ ඇයි…?

  6. Meco says:

    DO not trust this fake jolly seeya… Cunning basted….Where is his lion talks when he issued with previous government… He is one ,major burden to my country .played huge role role in last time power change…he did a role of biased ampere…Remarkable burden to this country….Enjoy all the benefits and try to become a Joker…Be Straight Deshapriya…or bugger off..

  7. මේක ව්‍යවස්ථා සංශෝධනයක් මිසක් නව ව්‍යවස්ථාවක්වත් නව ධුරයක්වත් නෙවෙයි. අතීතයට බල නොපාන කතාවක් නෑ. මේකෙ තියෙන්නෙ දෙවරක් පත්වූ කෙනෙකුට ආයෙ ඉල්ලන්න බෑ කියල. මේක අතීතයට බල නොපාන පරිදි කියලත් නෑ. ඒ නිසා තමයි පරණ ක්‍රමය යටතේ ඉල්ලපු මෛත්‍රිටත් මේ සංශෝධනය යටතේ ධුරකාලය අවුරුදු 5 වුනේ. අලුත් ජනාධිපති ධුරයක්නම් ඒ යටතේ මෛත්‍රී යලි දිවුරන්න ඕන.මේක සංශෝධනයකරපු පැරණි ධුරයම නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම අවශ්‍ය නෑ කීවෙ. ඒ නිසා මහින්දට චන්ද්‍රිකාට දෙන්නටම සොරි තමයි.

Main News