මහින්ද-ජවිපෙ සාකච්චා සාර්ථකව අවසන්.. [Video]

March 6, 2019 at 6:48 pm | lanka C news
මහින්ද-ජවිපෙ සාකච්චා සාර්ථකව අවසන්.. [Video]

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ජනාතා විමුක්ති පෙරමුණ අතර පැවති සාකච්චා අවසන් වී තිබේ.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුව සදහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගී වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හදුන්නෙත්ති සහභාගී වී තිබේ.

දෙපාර්ශවයම තහවුරු කලේ සාකච්චා සාර්ථකව අවසන් වූ බවයි.

හමුවේ තොරතුරු බලාපොරොත්තු වන්න…

113 views

12 Comments to “මහින්ද-ජවිපෙ සාකච්චා සාර්ථකව අවසන්.. [Video]”

  1. අතුලසෞදි says:

    මේ සාකච්ඡාවෙන් මම බලාපොරොත්තු වන්නේ එක දෙයයි, ඒ මහින්ද සමග තියෙන බද්ධ වයිරය නැතිවීම පමණි .

    • Saman says:

      ඒ කියන්නෙ උබ ගෝටා එන්නෙ නැතුවට කැමතීද?

  2. Athula says:

    අයවැය පරදා මහා මැතිවරණයකට සියල්ල සූදානම් .වැඩි විස්තර බලාපොරොත්තු වන්න .

  3. අංකූරා says:

    ඒ කියන්නේ මහින්දව සාර්ථකව අවසන් කලා කියලද ?. පොහොට්ටුව සාර්ථකව අවසන් කලා කියලද ?. නැත්නම් ජවිපෙ ?.

  4. wilson says:

    20 th?

  5. අප්පුහාමි says:

    වසලයෝ 225 පොදු එකගතාවයක…

  6. jeewana shashik says:

    Yakoo maduwaligayak hoyaganilla…
    Api apitama thala gamu daaaa

  7. පොඩි එකා says:

    විධායක ඡනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නම් තනි පක්ෂයකට බහුතර බලයක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට සුදුසු මැතිවරණ ක්‍රමයක් තිබිය යුතුය. පලාත් සභා අහෝසි විය යුතුය.. මේ දේ නොකර විධායක ඡනපති ක්‍රමයක් විතරක් අහෝසි කිරීම කිසිසේත් නුසුදුසුය.

  8. Oluvaneththaa says:

    මේ ජන හතුරො කීප දෙනා රටම කාළා, රනිල්ට රටකන්ඩ හදල දීල, මේ රටට කරන්ඩ පුලුවන් සියලුම විනාශය කරල, මහින්දගෙ පවුලට ම බොරු කන්දරාවක් චෝදනා කරල, දේශද්‍රොහී පනත්වලට චන්දෙ දීල, ඇමරිකාවට ඕනැ හැටියට වැඩකරල ඇමරිකන් සල්ලි අරගෙන , ලෝඅකයේ ඉක්මනින් ම දියුණුවන නගරය බවට පත්වෙලා තිබුණු කොලම්බ නගරයේ දියුණුව විනාශ කරල ඉන්න මේ හැත්ත හම්බවෙන්ඩ මහින්ද ගිය එක ඉතා වැරදියි! රටේ දියුණුවට කරපු සේරමට ම එරෙහිවුණු මොවුන් ඉතිහාසයේ කුණුකූඩෙට වැටෙන්න යනකොට මහින්ද ගිහින් උන්ට වටිනාකමක් දුන්න! උදයලට විමල්ලට තියෙන වේදනාව හිතාගන්ඩ පුලුවන්! ව්යවස්තාදායක සභාව ඉතා සාදරණයි කියල් පෙරේදා මේ වාචාලය කියල තිබුණා! මහින්දට තරමක් පිස්සු වගෙයි! දුෂ්ටකමේ ප්‍රතිරූප වන මේ මිනිස්සු එක්ක මොන සකච්චාද? හිතාමතාම රටවනසන හැත්ත! ජවිපේ කියන්නෙ ඉරිසියාව! වයිරය! ක්‍රොදය!

  9. Ariyathilaka says:

    තම පටු දේශපාලන අදහස් මුදුන් පමුනුවා ගැනීමේ අභිලාෂය සහ දේශපානික වශයෙන් පලිගැනීම සදහා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් ඒ තුලින් විදායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ චේතනාවෙන් කරන සාකච්ඡා, එකගතාවයන් රටේ අභිවෘද්ධිය පිණිස නොව අනාගත විනාශය පිණිස පවතිනවා ඒකාන්තය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කොමියුනිස්ට්වදී මාක්ස්-ලෙනින් වාදය දේශපාලන පදනම ය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉලක්කය සාර්ථක කරගැනීමට නම් රජයේ පාලනය දුර්වල විය යුතුය. විධායක බලතල සහිත ජනාධිපතිධූරය තරම් බාධකයක් ඔවුන්ට තවත් නැත. දෙමළ ජාතික සංධානයේ දේශපාලන ඉලක්කය වී ඇත්තේ, LTTEකොටි සංවිධානයට ආයුධ බලයෙන් දිනා ගැනීමට නොහැකි වූ දෙමළ රාජ්‍ය සංකල්පය සංහිඳියාව නාමයෙන් පෙනී සිටිමින් ඉඩම්, පොලිස්, බලතල සහිත පෙඩරල්, හෝ ඒ නමින් නොවුනත් ඒ හා සමාන ඉඩම් පොලිස් බලතල සහිත අනාගතයේ රට බෙදීමකට තුඩු දෙන පාලනයක් ඇති කර ගැනීමය. ඒ සදහා ඔවුන්ට ඇති ප්‍රධානම බාධකය වන්නේ විධායක බලතල සහිත ජනාධිපති ධූරය ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට කථා කරන ඔවුන් ඒ තුලින් කියා පාන්නේ LTTE සංවිධානය ඇතුලු ත්‍රස්ත කල්ලි විසින් ඇති කළ ප්‍රචංඩ ක්‍රියා, ලේ වැගිරීම් සහ ත්‍රස්තවාදී ක්‍රියා , නිවැරැදියැ,යි කියා නොවන්නේ ද? එක්සත් ජාතික පක්ෂයේ නායකයා බලන්නේ, 1994 සිට, ජනාධිපති දූරයට තරග කොට UNP යට ජයගත නොහැකි වීමත් ඒ තුලින් පක්ෂයට වූ හානිය බරපතලය. ඉදිරියේදී වුවද ජනාධිපතිවරණයක් ජයගැනීම වත්මන් UNP නායකයාට අසීරු බැවින් විධායක ජනාධිපතිධූරය අහෝසි කර විධායක බලතල ඇති අගමැති ධුරයක් ඇති කර පාර්ලිමේන්තු මැතිවරණය මගින් අගමැතිධුරයට පත්වීමටය. දෙමළ ජාතික සංධානයේ අනුග්‍රහය පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂ මහතාට ලැබේයැයි සිතිය නොහැක. එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපය-පොජපෙ (පොහොට්ටුව) පක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වි ඇති බවක් නොපෙනේ. එය තවමත් අලු යට ගිනිය. වත්මන් ජනාධිපතිවරයාට පොදු අපේක්ෂකයා ලෙස අවස්ථාව නොලැබුණ හොත් තම දේශපාලන ගමන මෙතනින් අවසන් බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මට එකග වනවා ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති විමේ අවකාශ නැත. විධායකය ජනාධිපති ධුරය අහෝසි කර ඇති කිරීමට අපේක්ෂිත විධායක අගමැති වීමට බාධා නැත. 2015 ජනවාරි 08 ස්වකීය ජනාධිපතිධූරය අහිමි වීමත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ ප්‍රධාන සාධකය වත්මන් ජනාධිපතිවරයා බැවින් පොදු අපේක්ෂකත්වය නොදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට මහින්ද රාජපක්ෂ මහතා එකග නොවේයැ’යි නොසිතිය හැකිය. යමෙක් කුමන හෝ එකගතාවය තුලින් ව්ධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට ක්‍රියා කරන්නේ ද උත්සාහ කරන්නේ ද මේ ශ්‍රී ලංකාද්වීපයට කරන බලවත් ද්‍රෝහී කමක් බව කිව යුතුය. එයට අනුබල දෙන සියලු දෙනා දේශද්‍රෝහි අපරාධකරුවන් බව කිව යුතුය.

  10. john says:

    JVP is almost equal to UNP…..

    Re respected Wijeweeras JVP and its ideology…. Anura kumara and his alcoholic gang destroyed it… Not a single clean man is in JVP now…. Clearly they work for money….

    They invoiced according to the contract …

    Example
    1. … Divert real issue to other direction – Rs. XXX
    2. ….Shout and damage Rajapakshe team – Rs. XXXX
    3. …. Pressure business people by union attacked – Rs. XXXX
    4. …..Blame without reason to opposition – Rs. XXX
    5. ….. Waiting silently – Rs. XXXX

    These JVP buggers are earning millions of rupees but village carders are not aware of it….

    Please make sure washout this gang at next election…. Please watch their actions and decide…..

Main News