මහින්ද-ජවිපෙ හමුව ගැන මහින්දගෙන් නිවේදනයක්..

March 6, 2019 at 1:20 pm | lanka C news
මහින්ද-ජවිපෙ හමුව ගැන මහින්දගෙන් නිවේදනයක්..

ඒකාබද්ධ විපක්‍ෂයට අයත් පක්‍ෂ නායකවරුන් සමඟ ඊයේ සවස පැවති රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ අද දින පැවැත්වීමට නියමිත හමුව පිළිබදවද සාකච්ඡා විය.

එහිදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටියේ විපක්‍ෂ නායකවරයා වශයෙන් විපක්‍ෂයේ සිටින සෑම පක්‍ෂයක් සමඟම සාකච්ඡා කිරීම තමන්ගේ යුතුකමක් සහ වගකීමක් බවයි.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඉල්ලීම පරිදි අද දින යෝජිත සාකච්ඡාව පැවැත්වෙන බවත් ටී එන් ඒ ඇතුළු වෙනත් විපක්‍ෂ කණ්ඩායම්ද ඉල්ලීමක් කළහොත් රටට වැදගත් ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

අද දින ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ඡාවට මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාද සහභාගී වන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

27 views

6 Comments to “මහින්ද-ජවිපෙ හමුව ගැන මහින්දගෙන් නිවේදනයක්..”

  1. point blank says:

    vimale…vimale…ko me vimale?

  2. ranawiruwa says:

    Lapayath ekka omna katha the

    • Saman says:

      යුද්ධෙ කාලෙ ඇඳ යට හිටපු එකෙක් රණවිරුවා කියල දාගෙන

  3. ඇමෙරික බන්චා says:

    අහෝ විමලේ නොදුටු මොක් පුර කිව්වලු…

  4. LION says:

    සම්බන්දන් සුමන්දිරන් වෙනුවෙන් කඩේ යන අනුර ගැන මොන කතාද?

  5. Nuwan says:

    Mahindage jaraa kamata example ekak

Main News