මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති

January 9, 2017 at 12:19 am | lanka C news
මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති

2015 වසරවන විට රට තුළ පැවති ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තරයෙන් එල්ල වූ විරෝධයට මුහුණ දීමට අපොහොසත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලය අත්හැර පළා ගිය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ සිය පදවි ප්‍රාප්තියෙන් දෙවසරක් ගතවීම නිමිති කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතා අදහස් දක්වමිනි.

“ලෝකයේ මොන රාජ්‍ය නායකයද, මොන ආණ්ඩුවද තමන්ට තව බලයේ ඉන්න අවුරුදු දෙකක් තිබියදී, නෑ ඒ අවුරුදු දෙක එපා කියලා මැතිවරණයකට යන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ චෝදනා සහ යෝජනා අපි අලුත් ආණ්ඩුවක් වශයෙන් කොපමණ නම් අවම කර ගත්තද?, ඒවායේ වේගය කොතරම් බාල කර ගත්තද?, අපි ඒවා කොපමණ දුර්වල කළාද?,” ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙවසරක පාලන කාලය තුළ ලබාගත් ‘ජයග්‍රහණ’ විස්තර කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට වඩා, 18 වන සංශෝධනය අහෝසි වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවය.

“මේ දෙවසර තුළ කිසිම මාධ්‍යවේදියෙක් මහපාරේ මැරිලා සිටියේ නැහැ. මේ වසර දෙක මාධ්‍ය නිදහසට මහෝගයක්. මාධ්‍ය නිදහස දොරේ යාමක්. දී ඇති ඒ නිදහස පරිණත වූ විට ඒ පරිණතභාවය සමග මධ්‍යයේ යහපත් විනයක් ඇති වෙතැයි මම විශ්වාස කරනවා,”

ආණ්ඩුව පෙරලා දමන බව ඇතමුන් ප්‍රකාශ කළත් එවැනි සිහින ඉටු නොවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇතැම් පිරිස් පසුගිය රජයේ සහ වත්මන් රජයේ සංවර්ධන සැලැස්ම සංසන්දනය කරමින් රජයට ඇඟිල්ල දිගු කළ ද පැවති පාලන සමයේ සිදු කෙරුණු මහා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් කෝටි නව ලක්ෂයක ණය බරක් රටට උරුම වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

“මමත්, අගමැතිතුමත් රජයක් වශයෙන් ඇත්ත කතා කළා, ඇත්ත කිව්වා. අපිට නැවතත් ඒ කලින් දැකපු සුන්දර ලෝකය කෘතීම ලෝකය අවශ්‍යද?, අපි ජාතික ආර්ථිකයේ ඇත්ත තත්වය තේරුම් අරගෙන ජාතියක් වශයෙන් ගොඩ නැගෙනවද?, කියන කාරණා මම ජනතාව හමුවේ තබනවා,”

– BBC

3 views

19 Comments to “මහින්ද ජාත්‍යන්තරයට බිය වී බලය අතහැර පලා ගියා.. මං ජනපති වී ඒ අභියෝගය දිනුවා.. – ජනපති”

  1. rangana says:

    Nodoking..kingbanat..

  2. J says:

    apitanum rate economy eke atta thathwe penawa…..e kiyanne dan naya gannema nedda………………hina yanawa yanawa ..yanawa……yanawaaaaa……nawaththaganna be oooooiiiiiiiiiiiiiiiiiiiiiii…….epaaaaa wenawa

  3. Saroja says:

    Mahinda pala yana minihek neme numbala jathyantharaya samaga ekathuwi modayanwa gonata anduwa.

  4. sam says:

    Cant believe we have as the head of state such an idiotic fool imbecile when ever he opens his mouth he speaks utterly foolish stuff this man has no futute all sri lankans hate and despise him only the people who are grateful for the kunch pacxket and the water bottle will be with him all educated people in the country have only contempt for the fellow

  5. Dickie Bird says:

    Mooo dan Maha Parakramabahu wenna dangalanawa…………
    Our head of state is an absolute IDIOT.

  6. anjanam devi says:

    “මහින්ද ………..පලා ගියා..” passa paththada? UK tony ta konda kelin katha kala eka hutan geපලා nogiya eka thamaa waada. purasaram nododa hitan paawaa dennange pakshaye pinaa.

  7. singha says:

    08ට පාස් හීන් බබා ගස් බදින මෝඩයෙකි. බොරු කිය කියා බොරු කිරීමත් උන්ට මහත් සතුටකි.මහජන ජන්දත් එක්ක සෙල්ලම් කිරීම තාවකාලිකයි.මහපොලව ඇත්තේ මෝඩයින්ට පිනුන් ගහන්න නොවෙයි, බව හොදි මේ මෝඩ පොන්න රැළ මතක තියාගත යුතුයි.මහජන දේපළ විකුණන්ට ජනතාව ඡන්දය දුන්නේ නැහැ.විශ්ව විද්‍යාලයකට වෙන්කල මෙම ඉඩම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට කුණු කොල්ලයට විකුණා දමා ඇත.මිනිසුනේ මුන් තවත් හිටියොත් අපේ මතු පරපුරට විදේශිකයන්ට ගෙවල් කුලීගෙවා ජීවත්වීමට සිදුවේ.

    Reply

Main News