මහින්ද තිරප්පනේ දී නාග රාජයාගෙන්.. මහරගමදී මෝටර් බයික් එකෙන්..

January 28, 2018 at 10:00 am | lanka C news
මහින්ද තිරප්පනේ දී නාග රාජයාගෙන්.. මහරගමදී මෝටර් බයික් එකෙන්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව තුල ඉදිරි පළාත් මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති සහ දැක්ම ඉදිරියට ගෙනයාමට කැපවන බව එක්සත් ලංකා මහා සභා පක්ෂය පවසයි.

ඒ අනුව එම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාග පක්ෂයක් බවට පත්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී තිරප්පනේ ප්‍රාදේශීය සභාව තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පුර්ණ සහයෝගය එක්සත් ලංකා මහා සභා පක්ෂයට හිමි වේ. එම පක්ෂයේ ජන්ද ලකුණ “නාග රාජයා” යි.

මේ සම්බන්දයෙන් එකගතාවය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර නිවසේදී ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්,එක්සත් ලංකා මහා සභා පක්ෂයේ ලේකම්තුමා සහ අපේක්ෂකයන් එම අවස්ථාවට එක් විය.

නාග රාජයාට සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි දිනක දී තිරප්පනේට පැමිණෙන බව එක්සත් ලංකා මහා සභා පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වූ මහරගම නගර සභාව සදහා ස්වාධීන කණ්ඩායම අංක 01 යටතේ මෝටර් බයිසිකලය ලකුණින් තරග වදින කණ්ඩායමට සහාය පල කිරීමට තීරණය වී ඇත.

86 views

13 Comments to “මහින්ද තිරප්පනේ දී නාග රාජයාගෙන්.. මහරගමදී මෝටර් බයික් එකෙන්..”

  1. Kamal says:

    නයානම් මරු 😀

  2. Saman says:

    Well done

  3. indunil says:

    wakugadu leda gana maha adurutath waradila naeda ?

  4. kate says:

    General public votes and opinion must come along with Mahinda and Pohottuwa under any sign. Jayawewa!!!!

  5. mahinda says:

    බලය සදහා මිනී පෙට්ටියක් උන්ත් තෝරා ගැනීම අරුමයක් නොවෙයි

    • Ranil says:

      සහතික ඇත්ත, පෙබරවාරි 11 උදේ වෙනකොට රනිල් මෛත්‍රී අනුර කුමාර ඔය හැමෝටම මිනී පෙට්ටිය තමයි.

  6. David Milli-Banda says:

    onna weda………………. Keeyatawath gamana awahira karanna behe.
    can not block the progress.

    Thirippane janaya awadiyen sitinna.

  7. Open mind says:

    ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩි ලු නේද.
    අනේ මෙහෙම තණ්හාවක් .

    • good mind says:

      ඕක ගිහිල්ල කියන්න මල්ලි රට කන මෛත්‍රීපාලටයි, රනිල්ටයි, කට පුංචා අනුරටයි.

  8. අලියට කෙක්ක දෙන මල්ලිලා says:

    ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩි ලු නේද.අලියට කෙක්ක දෙන මල්ලිලා
    අනේ මෙහෙම තණ්හාවක් .රට කෑවම උබලා වගේ පිං පියාලා ට ටින්කිරි නිකන් ලැබේවි.

  9. Roshan says:

    ඡනදෙන් පස්සෙ ලකුණ – ” කාල්ටන් බංගලාවෙ ජනේලෙ “

  10. simiyon says:

    Mama Damma Virudda Pakshayak ….Naya Wenuwata “POLLA”

Main News