මහින්ද තෙම්පරාදු වුණු දේශපාලඥයෙක්.. අවස්ථාවාදී ශ‍්‍රිලනිප ඇමතිවරුන් ගනීද සැකයි..

April 11, 2018 at 6:28 am | lanka C news
මහින්ද තෙම්පරාදු වුණු දේශපාලඥයෙක්.. අවස්ථාවාදී ශ‍්‍රිලනිප ඇමතිවරුන් ගනීද සැකයි..

අවස්ථාවාදී ඇමතිවරුන් වරප්‍රසාද ලබා ගෙන මේ ආණ්ඩුව සිටිමින් දැන් මහින්ද මහත්තයාට කිට්ටු වෙන්න හදන ඇමතිවරුන් එතුමා ගනීද දන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන යටතේ රුපියල් ලක්ෂ 30 ක වියදමෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද කොහිලවත්ත රණසිංහ මාවත ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

‘අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට අයින් වෙන්න අවසරය ලබා දෙයි කියලා. කොහොමත් ඒ අයට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දීලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බෑනේ. කොහොමත් ඒ සියළු දෙනාට මහින්ද මහත්තයා ළගට යන්න තමයි උවමනා වෙලා තියෙන්නේ. මොකද ඒ අය හිතනවා ඊළග මහ ඡන්දයෙන් ඒ අයට ජයග්‍රහණය කරන්න උවමනා නම් දැන්ම මහින්ද මහත්තයාට සෙට් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ න්‍යාය පත්‍රයේ ඉදලා තමයි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දුන්නේත්, ඉතින් ඒ නිසා සිංහල අවුරුද්දට කලින් ඔය ඔක්කොම අයින් වෙලා එතැනට ගිහින් ප්ලග් වෙයි.

හැබැයි මහින්ද මහත්තයා ඒ අයව ගනීද කියලා මට සැකයක් තියෙනවා. මොකද හේතුව මහින්ද මහත්තයා කියන්නේ හොදට තෙම්පරාදු වෙච්ච දේශපානඥයෙක්, ඒ නිසා මේ එන්නේ අවස්ථාවාදීන් කියලා එතුමා දන්නවා.

අවුරුදු 03 ක් ඇමතිකම් දරලා, එක එක වරප්‍රසාද අරගෙන මහ ඡන්දය කිට්ටු වෙනකොට එන්නේ මහින්ද මහත්තයාට තියෙන ආදරයට නෙමෙයි තමන්ගේ ඡන්දය දිනා ගන්න කියලා එතුමාට තේරෙනවා’ යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

16 views

9 Comments to “මහින්ද තෙම්පරාදු වුණු දේශපාලඥයෙක්.. අවස්ථාවාදී ශ‍්‍රිලනිප ඇමතිවරුන් ගනීද සැකයි..”

  1. පොඩි එකා says:

    කවුරු කා ලඟට කිට්ටු වුනත් අවසානයේ තීරණය දෙන්නේ ඡනතාව…. ආණ්ඩුවේ දැන් සිටින ඕනෑම කෙනෙක් තමන් ලඟට ආවොත් මහින්ද බාර ගත යුතුයි… ඊට පස්සේ මහින්දට තියෙන්නේ ඒ අයව ඡනතාව ඉස්සරහට දාන්න… කරන්න ඕනදේ මොකක්ද කියලා මහින්දට වැඩිය හොඳට ඡනතාව දන්නවා… ඒක ඡනතාව වෙලාවට කරයි… එතකොට මහින්දත් ගොඩ… අර ආපු අයත් ගොඩේම ගොඩ….

    • nirmal says:

      aniwaaaaa

    • Dakunehaadaya says:

      E Mona gon kathawak da? Ehenam ona horekuta nomineshan denna ona. Psksheka nayakayrk, prathipathi ona nae ne, eeta wada hondai minisunta. Chanda kole nama liyanna kuwa nam.
      Umbata podi eka kiyanne mole podi nisada. Ara horek ge kuli liyannek nisa da?

  2. nimal says:

    මෙයා හදන්නේ නියමෙට රට රවට්ටන්න.2020 හංසයා දිනවන මෛත්‍රී ගැන කථා නැත්තේ ඇයි?

  3. Brahmana says:

    ශ්‍රි ලන්කා එකේ ඔය ඇමති වරු වගෙම තමයි මරික්කාර් උත්තමයත්. මහින්ද තෙම්පරාදු වෙලා තියෙනවා හොරකමට මැරකමට දුශන්‍යට හා රැවටිමට. මෙ රටේ කොහෙද බන් තෙම්පරාදු වෙච්ච දෙශපාලකයෝ. ඔක්කොම ඉන්නේ මිනිස්සු රවට්ටන් ඉන්න කපටි. රනිල් උත්තමයා, සිරිසෙන උත්තමයා, මහින්ද උත්තමයා එක ගහේ පොල්. ඒත් වලු වෙනස්. මුන්ට දෙවියන්ට වගේ සලකන අපේ රටේ මී ගොන්නු ඉන්නකම් මුන් වැජබෙයි.

  4. Banda says:

    දැන් දොර වැසිය යුතු කාලයයි. මේ අය සමඟ එන ඡන්ද නැත.

  5. දමාපන් තොගේ සුරුට්ටුව තෙම්පරාදු වෙන්න. says:

    දමාපන් තොගේ ඌරු සුරුට්ටුව තෙම්පරාදු වෙන්න.

  6. Ananada says:

    No Marrikar are you staying in UNP because you Love Ranil?, we would strongly advise you to sort out the problems in UNP first than putting your fingers into other parties

  7. kadiya says:

    මහින්ද මහතාට උපදෙස් දෙන්න මරික්කාර් කව්ද? මුගේ උපදෙස් ගත්තොත් සයිබුගෙන් බෙහෙත් ගත්තා වගේ තිබෙයි. මේ වෙලාවේ SLFP සහ UPFA ලේකම් බාන හැර අනෙක් සියල්ලෝම හෝ අරගෙන ද්‍රෝහී බොරුකාර සිරිසේන තනිකරලා SLFP සහ UPFA චන්ද ප්‍රතිශතය 1-3% දක්වා අඩුකලයුතුය. බටහිරට ආවඩන හංස පුට්ටුව වෙනුවෙන් කඩේ යන උන්ට ඕනෑ SLFP සහ UPFA චන්ද වෙනම පවත්වගන්නයි. ඒ මීළඟ ජන්ධිපතිවරනයටයි. පාර්ලිමේන්තු මැතිවරණ වලින් දිනන්නෝ මහජනතාව අනාගතයේ තීරණය කරනු ඇත.

Main News