මහින්ද තේජසින් කොළඹ කොටස් එක දවසෙන් අහස උඩට පනී.. යහපාලන සියළු වාර්තා එක දිනෙන් බිද වැටේ..
October 29, 2018 at 11:15 pm | lanka C news
පසුගිය වසර 5 ක කොටස් වෙළෙඳපොළ ඉතිහාසය තුළ තනි දිනක් තුළ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම වර්ධනය අද (29) දිනයේ දී වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 112.22 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වූයේ ඒකක 5,944.18 ක් ලෙසිනි. මෙය අවසාන කොටස් වෙළෙඳපොළ ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා දිනයට වඩා 1.92% ක ඉහළ යාමකි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 61.26 ක වර්ධනයක් වාර්තා කර අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.04% ක වැඩිවීමකි. දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,058.59 ක් ලෙසින් වාර්තා විය.
අද දින දක්නට ලැබුණු තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ රුපියල් බිලියන 4 ක් ඉක්මවූ දෛනික ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 768 ක්වූ අතර අද දින එම අගය සටහන් වූයේ රුපියල් බිලියන 4.16 ක් වශයෙනි.
මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දෙන ලද්දේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ගිවිසා ගනු ලැබූ ගනුදෙනු කිහිපයකි. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 19.63 ක් රු. 141.00 බැගින් ගනුදෙනු වූ අතර රුපියල් බිලියන 2.76 ක පිරිවැටුමක් එමඟින් වාර්තා විය. මීට අමතරව රුපියල් මිලියන 208 ක පිරිවැටුමක් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනුවලින් වාර්තා විය.
මීට අමතරව තවත් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු දෙකක් දිනය තුළ මේ දක්වා වාර්තා වී තිබේ. එහිදී සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 15 ක් රුපියල් 20.20 බැගින් හා හැටන් නැෂනල් බැංකු සමාගමේ කොටස් මිලියනයක් රුත 205.00 බැගින් අද දින ගනුදෙනු විය. මෙම ගනුදෙනු හරහා පිළිවෙලින් රු. මිලියන 303.00 ක හා රු. මිලියන 205.00 ක පිරිවැටුම් වාර්තා වී තිබේ.
අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙසින් ඩිස්ටිලරීස්, කොමර්ෂල් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස්, ඩයලොග් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වාර්තා වේ.
අද දින පිරිවැටුමෙන් රුපියල් බිලියන 3.54 ක් දේශීය මිල දී ගැනීම් ලෙසින් සටහන් වන අතර රුපියල් බිලියන 3.68 ක වටිනාකමකින් යුතු කොටස් විකිණීමට විදේශීය ආයෝජකයින් පියවර ගෙන තිබේ.
අද දින සියලු කොටස් මිල දර්ශකය 1.92% ක ඉහළ යාමක් වාර්තා කළ අතර එය 2013 සැප්තැම්බර් මාසයෙන් පසු තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක අගය ලෙසින් වාර්තා වේ.
– biz.adaderana.lk
Great news… Jaya Weva …..
JAYAWEWA. JAYAWEWA, JAYAWEWA
ARTHIKA YA NAGASITA WEEMATA
SAHAYOGAYA DAKWANA SAMATA
THANKS.
SRI LANKA WA TA
DENEN DENA EDERIYATA
YAMA TA SAKTHYA , WASANA
LABEEWA.
THERUWAN SARANI, DEVI PIHITI.