මහින්ද දේශප‍්‍රිය ධුරයට සමුදීම ප‍්‍රකාශ කරයි..

November 3, 2020 at 6:48 pm | lanka C news
මහින්ද දේශප‍්‍රිය ධුරයට සමුදීම ප‍්‍රකාශ කරයි..

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිෂන් සභාවේ සියලු නිලධාරීන් කැදවා සිය සමු ගැනීම ප‍්‍රකාශ කර ඇත.

එම කොමිෂන් සභාවේ නිල කාලය මෙම මස 12 වැනි දින අවසන් වන නිසා මෙම සමු දීම සිදු කළ බව ඔහු සඳහන් කළේය.

මෙම හමුව සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් රාජගිරිය මැතිවරණ කොමිසන් සභා කාර්යාලය වෙත ගිය සතියේ කැඳවා තිබිණි.

තමන්ට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් එහිදී ඔහු සියලු නිලධාරීන්ට ස්තුතිය පළ කර තිබේ.

12 වන දා මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමට පෙරාතුව එහි අවසන් රැස්වීම ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිතව තිබේ.

58,485 views

33 Comments to “මහින්ද දේශප‍්‍රිය ධුරයට සමුදීම ප‍්‍රකාශ කරයි..”

  1. පියරත්න says:

    මේකා තව ටික කාලයක් හිටියා නම් මුලු ලංකාවම පාතාලය ට ගොදුරු වෙනවා

  2. On The Spot says:

    මැකෝ සමුගැනීම ගැන නම් ටිකක් කණගාටුයි.ඒ එක්කම කොමිසමත් අහෝසි වෙන එක ගැන සතුටකුත් තියනව​,ඒ වෙන මොකවත් නිසා නොවෙයි ඒකෙ උන්න හූල් ගොයියගෙත් හුලං ඒ එක්කම බහින නිසා.හූල් වගේ දෙපත් නයෙක් එක්ක රාජකාරි කල මැකෝට සම්මානයක් දෙන්න වටිනව​.හූල්ව පත් කල උන්ට බූවල්ලෙන් තලන්න වටිනව​.

  3. ඩන්කන් says:

    මේ “පිස්සු ඩෝපර්” නිසා අවුරුදු ගානක් රට පස්සට ගියා

  4. රසික says:

    ලොකු දෙයක් ! දැන් ඉතිං ජනතාවට මැතිවරණ කල් දැමීම පිලිබදව ප්‍රශ්නයක් ඇති නොවේනු ඇත. ජනතාවට සුභ අනාගතයක්. ඔබට නිවන් සුව !

  5. ජගත් says:

    “දවල් මිගෙල් රෑ දනියෙල්” චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ගේ අවසානය මෙසේ සනිටුහන් කරමු.

  6. රංග says:

    දෙපිට කාට්ටුවෙකුගේ අවසන් ගමන් !

  7. දේවක says:

    රාජපක්ෂලගෙ බත්බැලයෙක්

  8. ගමරාළ says:

    මොහු මේ රටෙ හිටපු දූශිතම මැතිවරණ කොමසාරිස් වරයායි.. මැතිවරණ නොපැවැත්වීමට උසාවියටත් ගියා….

  9. Ajith says:

    Dama athi comments dakkama therum ganna puluwan lankawe chnda dayakayange mole tharama 69 lakshe set eka

  10. අසේල ඕපාත says:

    සමහරුන්ට මහින්ද දේශප්‍රිය ජවීපේ ය. සමහරුන්ට යූ.එන්.පී. ය. තතවත් සමහරුන්ට රාජපක්ෂවාදී ය. ඒක මේ කොමෙට් බැලුවහම පෙනෙන්නට තිබේ. එයින්ම ඔහු පක්ෂග්‍රාහී අවස්ථාවාදී නිලධාරියෙකු නොවන බව කිව හැකිය. මෙහි සඳහන් එකදු චෝදනාවකටවත් ඔහු වැරදි කරු නොවන බව දන්නෝ දනිති. මා දුටු සුන්දරම මිසුන් අතර ඔබත් අයෙකි. ඔබට සුවබර විශ්‍රාම දිවියකට ආසිරි පතමි. ජය වේවා ඔබට

Main News