මහින්ද නම් කරන ඔ්නෑම අයෙකු ජනාධිපති කරවන්න සූදානම්..- බැසිල්

March 9, 2019 at 4:40 pm | lanka C news
මහින්ද නම් කරන ඔ්නෑම අයෙකු ජනාධිපති කරවන්න සූදානම්..- බැසිල්

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරන ඔ්නෑම අපේක්‍ෂකයෙකු දිනවීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් පාර්ශවයේ කිසිවෙකු අතර බේද නැති බවත් රාජපක්‍ෂ මහතා එහිදී පැවසීය.

ඔහු මේ බව පැවසුවේ කළුතරදී මාධ්‍ය අමතමිනි.

15,417 Viewers

9 Comments to “මහින්ද නම් කරන ඔ්නෑම අයෙකු ජනාධිපති කරවන්න සූදානම්..- බැසිල්”

  1. sara says:

    කොහොමද මෛත්‍රීගේ මොලේ, දැන් කට්ටියට වෙලා තියෙන්නේ “උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දාන්නත් බෑ” වගේ දෙයක්. දැන් පොහොට්ටුවට වෙලා තියෙන දේ පේනවනේ නුවර මීටිමට කෝ සෙනග? පොහොට්ටුව විනාශ කලේ වෙන කවුරුත් නෙමේ මහින්දම තමා. එයා මෛත්‍රීගේ කුණු අගමැති කම නොගෙන හිටියනම් අද පොහොට්ටුව බබලනවා.

  2. බන්ඩා says:

    බැසිල් පොහොට්ටුවෙ අයිති කාරයා නෙවෙය්. මහින්දට ඕනා ඕනා දේ කරන්න පොහොට්ටු සාමාජික පක්ෂ සහ සපෝටර්ලා කාගෙවත් වහල්ලුත් නෙවෙය්. මහින්ද ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කල යුත්තෙ බහුතර ජනතාව කැමති කෙනය්. 2015 මහින්ද පරද්දල රට පැන්න බැසිල් කොහොම වෙතත් මහින්ද නම් ඒ බව දන්න බව පෙනෙනවා. එනිසා තමය් ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ජවිපෙ එක්ක සාකච්චාවකට ගිය මහින්ද රිවස් එකෙන් එලියට ආවෙ.

  3. sirimal says:

    SITHA NIWENA KATHA. BASIL YOU BE OUR PRESIDENT, AFTER DR GOTABAYA RAJAPAKSE. CHEERS

  4. නයා says:

    දිනවන්න අපි චන්දේ දෙන්න එපැයි.
    අපිට තියෙන එකම බලාපොරොත්තු ව ගෝටා පමණයි.

    • හූ ඇන්පී says:

      මට බ්‍රේස්ලට් එකක් දෙනවා නම් මහින්ද නම් කරන ඕනේ එකෙකුට මම චන්දෙ දෙනවා.

  5. මැදමුලනෙ මුත්තා says:

    මහින්ද කොහොමටත් ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා හැටියට නමි කරන්නෙ නැහැ කියල බැසිල් හොඳටම දන්නවා. මහින්දගෙ විශ්වාසවන්තම සහෝදරයා බැසිල්. මෙි දෙන්නම දන්නව ගෝඨාභය ජනාධිපති උනොත් එයාලව කියන දේවල් කරන්නෙ නෑ කියල. ආරක්ෂක ලේකමි කාලෙත් ගෝඨා මහින්දට එතරමි ඇහුමිකන් දුන්නෙ නෑ.යුද්ධෙ නිසා මහින්දත් කරබාගෙන හිටියා.
    ඒ අස්සෙ මෛත්‍රීපාලත් ආයෙමත් පාරක් ඉල්ලන්න ට්‍රයි කරනවා. මහින්දට ගෝඨාභයයි මෛත්‍රීපාලයි දෙන්නම ෂුවර් නෑ.
    ඒ නිසා මහින්ද කැමති ජනාධිපතිකම අහෝසි කරන්න.
    ගෝඨාභයත් ඉන්නෙ දෙගිඩියාවක ඇමරිකානු පුරවැසිකම අහෝසිකර නොගෙන ජන්දෙ ඉල්ලන්න බෑ.පුරවැසිකම අහෝසිකර ගෙන අපේක්ෂකකම නොලැබුනොත් චකබිලාස්.

  6. ඔය කිසිඳු පරිණත දේශපාලනඥයෙක් මෙවර පරදින අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරාවි.
    මන්ද මෙවර පරාජය වන්නන් එක මිටට වැටෙන්නේ සදාකාලික දේශපාලන කුනුබක්කියටය.
    රට ජාතියේ අනාගතයද එලෙසම වේවි.
    මගේ රටට දළදා හිමි සරණයි!
    ජය ධරණී!

  7. Sam Fernando says:

    One thinh we like to tell you Basil. The people of Sri Lanka are not blind followers of any politician.
    If you think that you can make anyone the president, you are mistaken.
    We need the man that we want. Not anyone that Mahinda names. The choice of the country is already shown.
    Please ask MR to name him for presidential election. Then we will make him the king.
    Not you !!

  8. Open mind says:

    පළමුව රට…..වැරදුණා ……පළමුව පවුල.

Leave a Comment

Main News