‘මහින්ද නාමෙන් පිපෙන නෙළුම් මල්’ මහින්දගේ තේමා ගීතය ගෝටා වෙනුවෙන් වැයේ.. ජනාධිපතිවරණයේ ප්‍රබල ඉගියක්ද.. ගෝටාගේ ප්‍රතිචාරය මෙන්න..
July 4, 2018 at 10:38 pm | lanka C news
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයට හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැදවාගෙන ඒම මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝටාභය රාජපක්ෂ මහතා බවට ප්‍රබල සංකේතයක් යයි දේශපාලන ක්ෂේත්රයන්හි සාකච්චා වෙමින් ඇත.
හිටපු ආරක්ෂක ලේකම්වරයා නෙළුම් කාර්යාලයට පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතාගේ රථායෙන්ම වන අතර ඔවුන් දෙදෙනා එද්දී මහින්ද වෙනුවෙන් පමණක් මෙතෙක් ගැයුණු ‘විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව’ ගීතයද පසුබිමින් වාදනය කෙරීමද විශේෂත්වයකි.
මහින්ද රාජපක්ෂ මහතාද උත්සව සභාව අමතමින් කියා සිටියේ පළමු තරගය ජයගත් ලෙසින් දෙවැනි තරගයද ජය ගන්නට සියල්ල සූදානම් බවය.
උත්සවය අවසානයේ මාධ්‍යවේදීන් විසින් මේ සම්බන්දයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයන් සදහා බොහෝ සිටින බවත් එය මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කරනු ඇති බවත්ය.
රාජපක්ෂ සහෝදරයින් කිසිසේත්ම වෙන්ව ගමන් නොකරන බවත් කිසිදා බෙදී කටයුතු නොකරන බවත් ඔහු තව දුරටත් පැවසීය.
අද නෙලුම් මාවත පොදුජන පෙරමුනේ පුධාන කාර්යාලයට පැමිනි ගොඨාබය රාජපක්ෂ මහතා
Gepostet von GR Media am Mittwoch, 4. Juli 2018
Congrats & all the best Sir ! Any way i wanto remind u sir ,some time sun will set down from the north today,that u believe.
but do not believe my3 siriseyyna at all.
CONGRATULATIONS FOR SRI LANKA
JAYAWEWA JAYENN JAYAMA WEWA. MAGE RATA RAKADEEWA
BUDUSARANIN, DEVE PIHITI.