මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද..- ඇසින් දුටු සාක්‍ෂි මෙන්න..

August 6, 2020 at 10:00 am | lanka C news
මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද..- ඇසින් දුටු සාක්‍ෂි මෙන්න..

ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකවැරටිය ප්‍රදේශයේ දී ඡන්ද නීති කඩමින් හැසිරුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු මස 05වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකවැරටියේදී මැතිවරණ නීති උල්ලංඝනය කලා යැයි ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්න කරන චෝදනාව අමූලික අසත්‍යයක් බව මුලින්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

මහසෙන් විද්‍යාලය හා ජයන්ති විද්‍යාලය අසල වාහන තදබදයක් ඇති වූයේ සෞභාග්‍යයේ දැක්ම යටතේ එහි මාර්ගය සංවර්ධනය හා ඉදිකිරීම් නිසාවෙන් බව කියනු කැමැත්තෙමි. සංවර්ධන කටයුතුවලට නිතරම බාධා පමුණුවන ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්නට මාර්ග තදබදය ඇතිවූයේ සංවර්ධන කටයුත්තක් නිසා බව නොපෙනීම හා ජනතාවට සෙතක් සැලසෙන සංවර්ධනය ගැන ප්‍රශංසාවට ලක් නොකිරීමට තරම් කශේරුකාවක් නොතිබීම කණගාටුවට කරුණකි.

තවද කිසිදු අයුරකින් සංවිධානාත්මක ලෙස මහජනතාව රැස් කරවා නැත.මහින්ද රාජපක්ෂ යනු ජනතාව ආදරය කරන නායකයෙකි.ඔහු පැමිණෙන බව දුටු එතැන සිටි ජනතාව ඔහුට ආචාර කිරීමටත් ඔහු දැක බලා ගැනීමටත් පැමිණි අතර ඒ පැමිණි පිරිසට අග්‍රාමාත්‍යවරයා කතා බහ කර යෑමට අමතක නොකලේය.

මෙය ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්නට අරුම පුදුම දෙයක් වන්නට ඇත්තේ ඔහු නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයට මෙවැනි ජන ආකාර්ශනයක් නොමැති නිසා බව මෙහිදී ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

අග්‍රාමාත්‍යවරයා නිකවැරටියේ සිට කෙලින්ම පැමිණෙන්නේ කුරුණෑගලටය.නාමල් කරුණාරත්න පවසන ආකාරයට කොබෙයිගනේ පාසල වෙත අග්‍රාමාත්‍යවරයා පැමිණියේ නැත.එසේ එනවානම් කොබෙයිගනෙන් පාදෙනිය පාරට හැරී යා යුතුය.නමුත් අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක කොබෙයිගනෙන් හැරී පාදෙනිය පාරට පැමිණියේ නැත.

නාමල් කරුණාරත්න විසින් මැතිවරණ නීතිය හා ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කලා යැයි පවසා ඇත.මැතිවරණ නීතී බරපතල ලෙස උල්ලංඝනය කිරිමේ ඉතිහාසයක් ඇත්තේ ඔබ පක්ෂයට බවත් 1987/1989 භීෂණ සමයේ පලමුවැනි ඡන්දය ලබා දීමට පැමිණි පුද්ගලයින්ව අමු අමුවේ වෙඩි තබා මරා දැමුවේ ඔබේ පක්ෂය බවත් මෙහිදී මතක් කර දීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් ප්‍රකාශ කල යුත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් කිසිදු ආකාරයකින් තමාට මෙහිදි ඡන්දය ලබා දෙන බවට ඉල්ලීම් කර නැත.එමෙන්ම සංවිධානාත්මක ලෙස පිරිස් සංවිධානය කරද නැත.ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම හා මැතිවරණ නීති ආරක්ෂා ගැන ජාතික ජන බලවේගය අමුතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉගැන්විය යුතු නැත.තුණ්ඩු කෑල්ලෙන් රටක් භීෂණයට පත් කර ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය හැදුනුම්පත් පවා සොරාගත් පක්ෂයක සාමාජිකයෙකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම හාස්‍යජනකය.

දැනටමත් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින ඔබ වැනි අය පරාජයේ නිරුවත වසා ගැනීම සදහා මෙවැනි සාවද්‍ය ප්‍රකාශ නිකුත් නොකර ජනතා ආකර්ෂණයක් ඇති අග්‍රාමාත්‍යවරයාට සාවද්‍ය චෝදනා ඉදිරිපත් නොකර සිල්ලර දේශපාලනය නොකරන ලෙසටද ප්‍රකාශ කර සිටිමි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු
කුරුණෑගල දිස්ත්‍රික් නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

463 views

21 Comments to “මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද..- ඇසින් දුටු සාක්‍ෂි මෙන්න..”

  1. kamal says:

    දැන් සැපද,ජය වේවා ජය වේවා.

    • Mad says:

      Ubada samitata pana alluwe

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        ජොනියා මුල ඉඳන්ම මහින්දව නෝන්ඩි කරලා දැන් නිවේදන නිකුත් කරනව. මූ මයිල් ගහකටවත් අත තියන්නෙ දෙන්නෙ නෑ කියපු නගරදිපතියා ඇරස්ට් කරන්න යන්නෙ.

  2. Mad says:

    බුරියානි කෑවද නැද්ද?

  3. sam says:

    see who is giving the media statement!!! Jonston!!!

    • john says:

      Johnston is the area organiser of the Party. Nothing wrong in giving a statement since he is the person to know situation best.

  4. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    චන්දෙ ප්‍රකාශ කලා කියල මිනිස්සුන්ව බෙලි කපල මරපු ජෙප්පො දැන් මෙතන මැරෙන්න හදයි.

  5. saman says:

    මෙය පිලිගත නොහැක, අගමැතිතුමා කවදාවත් මෙතිවරන නීති කඩන්නේ නැත.

  6. Mahinda says:

    පුංචි අම්ම ව හරි අම්මව හරි වාහෙට ගනින් ඒක ජප්පොන්ට හරි මේවා තමයි වැරදි. අනේ හුකේ නං නැනේ. අම්මප ලපයෝ.

    • ළිහිණි says:

      අපේ රට ජාතියට ආගමට ආදරේ නම් නව පාර්ලිමේන්තු පක්ෂ වූ අමිත් වීරසිංහ ගේ පක්ෂයට සහ බොදු බල සේනා පක්ෂය ”අපේ ජන බල පක්ෂය ” ටත් ජන්දය දීම සිංහල බෞද්ධයන්ගේ වගකීමකි අපේ රටේ දේශපාලනයේ වෙනසක් කල යුතුයි ..මෙතෙක් කල් රට පාලනය කල පක්ෂ වලින් රටට සිදුවූ යහපත කුමක්ද ? රට අගාදයට යෑම ..ජාතික සම්පත් විදේශිකයින් සතු වීමත් හැර ජනතාවට සිදු වූ සෙතක් නොමැත ..

    • ඇත්ත says:

      ජෙපො නෙවෙයි බං, ඔක්කොම එකයි. අනිත් උනුත් බලන් ඉඳීවි පුන්චි අම්මා හරි දුන්නොත්. මාර උපාසකලා. ඔක්කොම එකයි

  7. Sena says:

    Jony not qualified GCE O/Level

    • ගිරවා says:

      Who cares .. Sirisena not qualified 8 grade …most of the Yahapalana Parliment members are not educated people
      Everyone thinks of changing the world, but no one thinks of changing himself.”

  8. chitral says:

    Look after each other

    • COBRA says:

      සිංහලයෙනි සමගි වී එක්වෙයව් …අපේ රට ජාතිය රැකගත හැක්කේ සිංහල ජාතියේ සමගි බලයෙන් ..

  9. ඇත්ත says:

    ලංකාවේ වැඩිම බාර් ගානක් හිමි, පවුල් කඩන, ඉතිහාසය විනාශ කරන එකෙක් යුද්ධයක් ඉවරකරපු මිනිසෙක් ගැන චරිත සහතික දීලා. කොයි පක්ශෙට උනත් ගැති වහල්ලුන්ට නොතේරුනත්, මොලයක්තියෙන අය හිතලා බලන්න

  10. Hari says:

    පොලිසියට තුවක්කු දුන්නේ දත් මදින්න නවෙයි මැකෝ දැන් සැපද

    • ඊබ්‍රහිම් ගෙ බුරියානි says:

      මැතිවරණ කොමසාරිස් කියන විදිහට චන්ද අපේක්ෂයෙක්ට චන්ද මධ්‍යස්ථාන වලට යන්න අයිතිය තියනවා නම් මහින්ද නීතිය කඩල නෑ. .

Main News