මහින්ද නීති ගැටයක.. ශ්රීලනිප සාමාජිකත්වය අතනාරී.. පොහොට්ටු නායක්තවය ගනී..
August 6, 2019 at 12:00 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ මස එකොළොස් වැනිදා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ සිටියදීම බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.
ඒ නිසා ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් මතුවූ ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම් බවද ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිටියදී ම තවත් පක්ෂයක නායකත්වය ගැනීමේ කිසිදු වරදක් නැතැයි ද ඔහු පෙන්වාදෙයි.
එමෙන්ම එකොළොස් වැනිදා දිනයේ පැවැත්වෙන සමුළුවේදී මීලග ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සිදුවුන බවද ඔහු සඳහන් කළේය.