අලූත් පක්ෂයේ නායකත්ව ගැනීම ගැන සලකා බලනවා.. නෙළුම් පොහොට්ටු හැඩයේ කේක් කපමින් මහින්ද කියයි..
November 19, 2016 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කැලණියේදී මාධ්‍ය අහතමින් ඔහු මේ බව කියා සිටියේය. නවපක්ෂයේ නායකත්වය බාර ගන්නැයි තමන්ට මෙතෙක් ආරාධනාවක් ලැබී නැතැයිද කී රාජපක්ෂ මහතා එසේ ආරාධනාවක් ලැබුනු පසු තීන්දුව ගන්නා බවද කියා සිටියේය.
ඊයේ කැලණිය රජ මහා විහාරයේ පැවති ආශිර්වාද පුජාවකට හිටපු ජනාධිපතිවරයා එක්විය.
සිසිර ජයකොඩි මන්ත්‍රීවරයාගේ නිවසේ මේ පින්කමට එක් වූ මහින්ද ඇතුළු එකාබ්ද්දයේ මන්ත්‍රීවරුන්ට රාත්‍රී ආහාරය සුදානම් කර තිබුණි.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ඊට කේක් ගෙඩියක් රැගෙන ආවේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ උපදෙස් පරිදිය. කේක් ගෙඩිය සරසා තිබුනේ නෙලුම් පොහොට්ටු දෙකකිනි.
මහින්ද මන්ත්‍රීවරුන් happy birthday ගීතය ගයද්දී කේක් ගෙඩිය කැපුවේය.
හැමෝටම කේක් කෑල්ල බැගින් කැව්වේය හැමෝම මහින්දට සුබ පතමින් කීවේ ඊලග අවුරුද්දේ කේක් කන්නේ මහින්දගේ ආණ්ඩුවක් යටතේ බවය.
– ප්‍රදීප් අනුර කුමාර
නෑ කවදාවත් අමතක වන්නේ….ලස්සන ගීතයක්…..සුබ උපන් දිනයක් වේවා ජනාධිපති තුමනි…!
https://www.youtube.com/watch?v=1Sl_JUjplWo
පුළුවන්නම් ඔය අලුත් පක්ෂය හරියට එලියට ඇවිත් වැඩ කටයුතු කරන දවසට නිවුස් එකක් දාන්න. එකම දේ හැමදාම මාකට් කරනකොට මිනිස්සුන්ට ඒක එපා වෙනවා.
I thought our parliamentarians will defeat the stupid budget and trigger an election to celebrate Mahinda’s birthday. Now we have to wait for Vijayamuni ‘ s prediction to come true.