මහින්ද පැණි බීම සමාගම්වලින් කෝටි 400ක පගාවක් ඉල්ලුවා..

January 2, 2019 at 3:50 pm | lanka C news
මහින්ද පැණි බීම සමාගම්වලින් කෝටි 400ක පගාවක් ඉල්ලුවා..

2019 වසෙර් දී තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කිරිම සහ පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිම තම ප්‍රමුඛ කාර්යය බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නව වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වසර කිහිපයේ දී ඖෂධ වර්ග 73 ක මිල අඩු කළ බවත්, 2019 වර්ෂයේ  දී එම සංඛ්‍යාව 100 දක්වා වැඩි කිරීම තම අරමුණ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“පසුගිය වසර කිහිපය තුල දී ඔබ සැමගේ සහයෝගය මත අපි විශාල වැඩ කොටසක් සිදු කළා. ලංකාවේ සෞඛ්‍ය සේවාව ලෝකය පුරා කථා කරන මට්ටමට විප්ලවීය වෙනසකට ලක් කළා. සිදු කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ දේවල් මහජනතාවගේ යහපත වෙනුවෙන් අපි කරලා පෙන්නුවා. ඒ සියලු දේ සිදු කළේ ජනතා සුබසිද්ධිය වෙනුවෙන්. පසුගිය වසරේ දී මෙන්ම මෙම වසරේ  දී ද ඇති ලොකුම අභියෝගය බෝනොවන රෝග වලින් ජනතාව බේරා ගැනීමයි. අපේ රටේ රෝගීන්ගෙන් සියයට 75 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. බෝනොවන රෝග නිසා ජනතාව මිය යන්නේ දැනුවත්කමින්. තමන් මුදල් වියදම් කරලා තමයි මෙම රෝග හදා ගන්නේ. ඒම නිසා ආහාර භාවිතය ඉතාම වැදගත්. රෝග නිවාරණය කිරිම සදහා ඊට වඩා වැඩි මුදලක් වියදම් කිරීමට සිදු වෙනවා.”

“පසුගිය වසර කිහිපය තුල දී දුම්කොළ භාවිතය අවම කිරිමට කටයුතු කළා. තීන්දු තීරණ ක්‍රියාත්මක කළා. තීන්දු තීරණ ලබාගැනීමේ දී මෙවැනි අභියෝග  වලට අපි මුහුණ දුන්නා. පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දෙමින් පැණිබීම කර්මාන්තය උඩු යටිකුරු කළා. මනුෂ්‍ය ශරීරයට දිනකට අවශ්‍ය වන්නේ සීනී හැදි 04 යි. නමුත් පැණිබීම හේතුවෙන් ඊට වඩා සීනි හැදි ප්‍රමාණයක් අපි ශරීරයට ඇතුලත් කර ගන්නවා. පැණිබීම නිෂ්පාදනය වෙනසකට ලක්කරමින් සීනි රහිත පැණිබීම නිෂ්පාදනය කළා. ඒමගින් ජිවිත රැසක් බේරා ගැනීමට හැකි වුනා. දින 53 ක දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා මෙම පැණිබීම බද්ද විශාල ලෙස අඩු කළා. අපි දන්නවා ඒකට හේතු වුයේ මොකක් ද කියලා. පැණිබීම සමාගම් වලින් ඊනියා අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා රාජිත සේනාරත්න මහතා පැන වූ බද්දෙන් කොතරම් බදු මුදලක් ඔබලා වසරකට ගෙවනවා ද කියලා. ඔවුන් ප්‍රකාශ කළා රුපියල් බිලියන 04 ක් ගෙවනවා කියලා. එවිට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම බද්ද අඩු කරන්නම් රුපියල් බිලියන 04 මට දෙන්න මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට කියලා. මටත් තිබුනා සමාගම් සමග එකතු වෙලා කෝටි ගණන් හම්බ කරන්න. අපි සියල්ල සිදු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය යටතේයි. මම අමාත්‍යාංශ ලේකම්වරියගෙන් අද ඉල්ලා සිටිනවා පැණිබීම බද්ද පෙර තිබූ තත්ත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස.”

“මම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමත් මෙම වසරේ දී සිදු කරනවා. පසුගිය දිනෙක මට වාර්තා වුනා හදවත් සැත්කමක් සදහා ඇතුලත් කළ රෝගියෙකුගෙන් ස්ටෙන්ස් ඒකකට ලක්ෂ තුනහමාරක් අරගෙන තිබෙන බව. මම ස්ටෙන්ස් මිල එක්ලක්ෂ පන්දහස දක්වා අඩු කර තිබෙනවා. සේවා ගාස්තු අය කරනවා කියලා අහිංසක මිනිසුන්ගේ මුදල් හූරාගෙන කනවා. සාමාන්‍ය මධ්‍යම පංතිකයින්ට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි පෞද්ගලික රෝහල් මිල නියාමනය කරනවා. එම අභියෝගයටත් මම සුදානම්. එම නිසා 2019 වසෙර් දී ඔබලාගේ සහයෝගය මට ලබාදෙන්න. ලිපිගොනු ලඟ තබාගෙන රාජකාරී කටයුතු ප්‍රමාද නොකර ඉටු කරන්න.”

– ප්‍රසන්න අධිකාරි

17,785 Viewers

21 Comments to “මහින්ද පැණි බීම සමාගම්වලින් කෝටි 400ක පගාවක් ඉල්ලුවා..”

  1. Nuwan says:

    හා, නියමයිනෙ,
    තමුසේ තව ටිකක් අඩුවෙන් ඉල්ලලා වැඩේ කරගන්නවකෝ. පල හොරා. මිනී මාරුව.

  2. nuwan says:

    great sir,

  3. Bloody idiot, no one going to believe your lies here after.

  4. Sri Lankan says:

    “පැණිබීම සමාගම් වලින් ඊනියා අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා රාජිත සේනාරත්න මහතා පැන වූ බද්දෙන් කොතරම් බදු මුදලක් ඔබලා වසරකට ගෙවනවා ද කියලා. ඔවුන් ප්‍රකාශ කළා රුපියල් බිලියන 04 ක් ගෙවනවා කියලා. එවිට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. මම බද්ද අඩු කරන්නම් රුපියල් බිලියන 04 මට දෙන්න මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට කියලා.”

    Mekage kata kunu wenne nehene… mu katha karanne ethana hitiya wage…

  5. මම ධීවර ඇමති කාලේ හඹූඋන පඩියෙන් නැව් ගත්තා?????

  6. alfi says:

    මෙ යකා තමයි මහින්ද මහත්මයාට රත්තරන් අස්වයෝ ඉන්නවා කිවූූවෙත්.

  7. john the baptice says:

    ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා

  8. Love nature says:

    අපට රාජිත ගෙන් අහන්නෙ තියෙන්නේ මෙරට ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාද කියලා.

  9. Love nature says:

    පිළිකා රෝගීන් සදහා ඖෂධ ගෙන්වන ටෙන්ඩර් මණ්ඩලයෙන් ‍‍‍පිළිකා රෝග සම්බන්දධ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලා අස්වී තිබේ.

    මොවුන් ඉවත්ව ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේදී බලධාරීන්ගෙ මතය පමණක් නියෝජනය වීමට විරෝධය පල කරමිනි.

    පිළිකා රෝගීන් සදහා වඩාත්ම සුදුසු ඖෂධයක් වෙනුවට බාල ඖෂධ ගෙන ඒමට ගත් තීන්දු සම්බන්දයෙන් මෙම වෛද්‍යවරුන් විරෝධය පළ කර ඇති අතර එම මතයන්ට ටෙන්ඩර් මණ්ඩලයේදී ඉඩක් ලැබී නැතැයිද වාර්තා වෙයි.

  10. Shiva says:

    Rich countries imposed sugar tax but it is less than 1% of their income and our athletes and hard working people need energy and one kilo Brown bread is 500 Rs here a Laborer or farmer can not afford such a huge tax and this Dentist knows it but he needs a title from WHO at the cost of our working class and sportsmen and MR reduced tax to please masses not WHO

  11. Shiva says:

    Rich countries imposed sugar tax but it is less than 1% of their income and our athletes and hard working people need energy and one kilo Brown bread is 509 Rs here a Laborer or farmer can not afford such a huge tax and this Dentist knows it but he needs a title from WHO at the cost of our working class and sportsmen and MR reduced tax to please masses not WHO

  12. Niru says:

    This pathetic lump of flesh with the mongol son are back again lying to people.

  13. ‘’සුවපති’’ says:

    තාත්තා සෞඛ්‍ය ඇමති.. පාර්ලිමේන්තුවෙ “අධිපති”….,
    අම්ම ඉස්පිරිතාලෙ අධ්‍යක්‍ෂක ….,
    පුතා පාර්ලිමේන්තුවෙ “මුඛපති”..,
    නෑදෑයො සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවල අධ්‍යක්‍ෂක “හොරු”…
    මේ අප රටේ සෞඛ්‍ය ඇමතිගේ ආත්මාර්ථකාමී ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවරයි.
    මේ තත්ත්වය හඳුන්වන්න ආත්මාර්ථකාමීත්වය කියන වචනය විතරක් නොසෑහේ. බලලෝභීත්වය හා ඥාති සංග්‍රහය සමඟ දූෂණය, අල්ලස, නාස්තිය හා භීෂණය ඔක්කොම එකට මේ සෞඛ්‍ය ඇමතිගෙ බැඳී තිබේ. මෙන්න කදිම නිදසුන්…

    **මම පෞද්ගලික රෝහල්වල මිල නියාමනය කිරිමක් මෙම වසරේ දී සිදු කරනවා…හදවත් සැත්කමක් සදහා එක්ලක්‍ෂ පන්දහස දක්වා අඩු කරනවා… ඒ වුනාට මම සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබෙත් රෝහලේ මගේ හදවත් සැත්කමට ප්‍රතිකාර ගත්තා ඒ මම බලතල ඇති සෞඛ්‍ය අැමති නිසා!
    **පසුගිය වසර කිහිපය තුල දී දුම්කොළ භාවිතය අවම කිරිමට කටයුතු කළා. “ගංජා” බෙහෙතක් ලෙස රටටම හඳුන්වා දුන්නා!
    **මහරගම පිලිකා රෝහලට හිඟ පිළිකා ඖෂධ විගසම ගුවනින් දිවයිනට ලැබෙන්න සැලැස්සුවා…
    පාකිස්තානයේ නිෂ්පාදනය කරනු ලබන එම ඖෂධය පාකිස්ථානයේදි අලෙවි කරනු ලබන සිල්ලර මිල පාකිස්තානු රුපියල් 450/=යි. ලංකාවේ මුදලින් එය රුපියල් 590/= යි. නමුත් මෙම ඖෂධය මගේ ලඟම සහෝදර කෙනෙක්ගේ සමාගමින් ලංකාවට ගෙන්වා බෙදා හැරියා රුපියල් 5,679/= ක මුදලකටය. මුදලට වඩා අවශ්‍ය බෙහෙත් වෙලාවටම මම ලැබෙන්න සැලැස්සුවා

  14. කුනු දතෝ රටට වටිනා සේවයක් කල නායකයන්ට අපහාස නොකර හිටපන් ඟඳයා….

  15. කිඹුලා🐊 says:

    තෝ දත් ගලවා නැව් ගත් හැටි හෙලිකරපිය පරයා. අල්ලස් කොමිසමට වෙට්ටු දදා මග හරින පට්ට හොරා හමුදාවට බාලබේත් විකුණා මාට්ටු වූ හොර සුවපතියා.

  16. nomatata says:

    Me wasalaya hemadamath kiyanne “supirisidu aththa” bava lankava ma dannawa..!

  17. Yako tho dan monawa kiwath minissu iliganne na. Ekai aththa

  18. PRApathi says:

    Janathaawa sewaya karanawai kiyanawanam palamuwa Singapuruwe Mount Elizabeth rohalata aanduwen gewapu (janathaawage badu walin) mulu mudalama aapasu gewala kayiwaaru gahanna.

  19. කිරි හොඳා says:

    කවුරුවත් නැද්ද මුගෙ කටට හක්ක පටස් එකක් දාන්ඩ?

    • වෙසමුණි says:

      මූ ගහන මහපොලොව නුහූල්ලන කෙබර වලට ලඟදිම මුගේ හක්ක පටස් වේවි ඉබේම 😁.

  20. Boo says:

    ඇති යාන්තං , කාලෙකට පස්සේ මූ උගේ විහිළු ලැයිස්තුවට තව එකක් එකතු කරලා !

    ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ, බකිංහම් මාලිගා, ඩුබායි ගිණුම්, තාජුදීන්, ….

    දැන් පැණි බීම.

    මේ ඔක්කොම මුගේ ඇස් දෙකෙන්ම දැකපුවා, විස්වාස කරපල්ලා, මූ කවදාවත් බොරු කියන්නේ නෑ !

Main News