මහින්ද පැරැද්දුවේ මා නම් ඔහුව දිනවන්නත් මං සූදානම්..- බැසිල්
May 6, 2017 at 4:40 pm | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පරාජය කරවුයේ තමන් නම් එකී වරද නිවරදි කර ගැනීම සූදානම් බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාදීපතිවරයා පරාජය වූයේ තමා නිසා නමා ඔහුව ජයග්රහණය කරවීමටද තමන් සූදානම් බව ඔහු කියා සිටී.
2015 ජනාධිපතිවරණයේ පරාජයේ වගකීම තමන් අනිවාර්යෙන්ම බාරගන්නා බවද පවසන හිටපු ඇමතිවරයා 2005 සිට 2015 ජනාධිපතිවරණය දක්වා පැවති සෑම මැතිවරණයක්ම ජයග්රහණය කරවීමේ වගකීම තමාට කිසිවෙකු පවරන්නේ නැතැයිද සදහන් කරයි.
තමන් දැනට සිදු කරමින් සිටින්නේ මහින්ද මහතා දිනවීමේ කාර්ය බවත් එහ කෙසේ හෝ සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් පවසයි.