මහින්ද පිලේ විශ්වාසය තහවුරු කරන්න ජනපති සුදානම්.. එජාප ප‍්‍රබලයින් කිහිපයකගේ තනතුරු ගලවන්න යයි..

October 3, 2018 at 10:00 am | lanka C news
මහින්ද පිලේ විශ්වාසය තහවුරු කරන්න ජනපති සුදානම්.. එජාප ප‍්‍රබලයින් කිහිපයකගේ තනතුරු ගලවන්න යයි..

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද පාර්ශ්වය අතර දේශපාලන එකගතාවක් ඇති කර ගැනීමට පෙර ඒ සදහා විශ්වාසය තහවුරු කිරීමට ඉදිරි දින කීපය තුළ ජනාධිපතිවරයා තීරණ කීපයක් ගැනීමට සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට හිතැති ආණ්ඩුවේ තනතුරු කීපයක ඉවත් කිරීම් හා වෙනස් කිරීම් සිදු වනු ඇති බව එම ආරංචි මාර්ග ආරංචි මාර්ග කියයි.

ඇතිව තිබෙන තත්වය මත මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රී වරුන් එක් මතයක සිට මෛත්‍රී පාර්ශ්වය සමග ගනු දෙනු කිරීමට තීරණය කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේඅතර මහින්ද පාර්ශ්වය සමග එකගතාවක් ඇති කර ගැනීමට යන අතර එජාපයේ ජ්‍යෙෂ්ඨ ඇමති වරුන් කීප දෙනකුට ද මෛත්‍රී පාර්ශ්වය විවිධ පොරොන්දු දී ඇති බවත් එවැන්නක අරමුණ කුමක්දැයි යන්න අවධානයකින් සිටින ලෙසටත් ඒකාබද්ධ විපක්‍ෂයේ ජේ‍යෂ්ටයෙක් මහින්ද පාර්ශ්වයට පෙන්වා දී ඇත.

30 views
Main News