මහින්ද පොහොට්ටුවේ නායකයා ලෙස පත් කෙරේ.. නොනවතින අත්පොලසන්..
August 11, 2019 at 3:32 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස තෝරා පත්කර ගන්නා ලදී.
සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනයේදී ඔහු පක්ෂ නායකත්වයට පත් කරන ලදී.
පක්ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම හා පක්ෂ නායකත්වයට යෝජනා කරන ලදී.
එම පත් කිරීම සමග එහි සිටි ජනතාව දීර්ඝ වේලාවක් අත්පොලසන් දුන්හ.