මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..

January 25, 2018 at 10:55 pm | lanka C news
මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..

හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය දුන්නේ නැති බවට තමන් විසින් කල ප‍්‍රකාශය හෙලා දකිමින් එවන් විශ්වාස භංගයක් ගෙන ආවේ නැති බව හිටපු ජනාධිපතිවරයා කී නමුත් තම ප‍්‍රකාශය සම්පුර්ණ සත්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවක්ද උපුටා දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2016 ජූනි 09 වන දිනා පාර්ලිමේන්තුවේදී ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ඊට ඡුන්දය දීමෙන් වැලකී ඇති බවත්ය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පානදුරේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමිනි.

බැදුම්කර කොමිසමේ වාර්තාව හා මහා බරපතල වංචා කොමිසමේ වාර්තාව හැකිනම් පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී අභියෝග කලේය.

එම වාර්තා දෙකම මැතිවරණයෙන් පසුව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දුෂිත ප‍්‍රභූන්ගේ සන්ධානය එකග වී ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

කෙසේ වෙතත් එකී විශ්වාස භංගයේදී ඇමති රවි කරුණානායක මහතාට පක්‍ෂව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් ඡන්දය ලබා දුන් අතර විරුද්ද වූයේ ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ මන්ත‍්‍රී පිරිස පමණි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඡුන්දය දීමට පැමිණියේ නැති අතර 2015 සිට මේ වන තෙක් ඔහු පාර්ලිමේන්තුවේ ඡුන්දය භාවිත කරද නැත.

89 views

35 Comments to “මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..”

  1. Pal says:

    The only hope for the country…

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  2. gamaya says:

    obathuma puluwannam ranil bendumkara horakamata sambanda nedda sambandada kiyala kiyanna

  3. Oran says:

    අපේ ජනාධිපති තුමා හරිම ජනප්‍රිය (ජන+අප්‍රිය) වෙලා ඉන්නෙ….. එයට හේතු…..
    ආප්ප කාල විපක්ෂයට යාම…..
    කිසිදාක ඡන්දයකින් බලයට ඒමට නොහැකිව සිටි රනිල් නීති විරෝධීව අගමැති කරවීම….
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීම…..
    යහපාලන හොරුන් ආරක්ෂා කිරීම….
    පම්පෝරි ගැසීම….
    බොරු කීම…
    රණ විරුවන් හිරේ දැමීම හා ඔවුන්ට පහර දීම…..
    ආර්ථිකය විනාශ කිරීම….
    වී රු.30/- හා හාල් රු. 120/- කිරීම….
    පොල් රු. 100/- කර ජනතාවට එලොව පොල් පෙන්වීම
    සහලින් ස්වයංපෝෂිතව තිබූ රටක්, පිටරටින් හාල් ගෙන එන තත්වයට පත් කිරීම…..
    තව ගොඩාක් හේතු……

  4. Liya says:

    මෙයා මුලින් කිව්වෙ බැදුන්කරේ පිලිබද විශ්වාසභංගයට මහින්ද ආවෙ නැහැ කියල. ඒ විශ්වාසභංගය රවි ඇමති කමෙන් අයින් වෙලා නැතිව ගියා. මහින්ද කිවුවෙ ඒ විශ්වාස භන්ගය තිබුනෙ නැහැ කියල. මෙයා වල්ගෙ පාගා ගෙන. මෙයා මේ පෙන්නන්නෙ ඊට කලින් තිබුනු විශ්වාසභංගය ගැන.ඒක තිබුනේ අයවැය ගැන.වැඩේ ඇන ගත්තට පස්සේ මොනව හරි කියන්නත් එපායැ.

  5. Gayani says:

    pohottuwata Jayawewa.

  6. dami says:

    Hei Prasident Yamapala Sirisena, you should clarify and proof about call which you told MR gave to RK on same date after the no confidence motion.

    We trust you, not RW, you totaly failed, we will not trust you any more.

    Sorry Mother…………….. Sri Lanka, We are part of few your sons and daughters who vote to tarnish your image after the war. we had big dreams. all gone back irrecoverably.

    Sorryyyyyyyyyy………………………………

  7. බුද්දිකා says:

    ජනාදිපතිතුමා කොලේ ඔක්කොම කියෙව්වනම් තමයි හොද. එතකොට නිදහස් පක්ශේ කාටද චන්දේ දුන්නේ කියලා බලාගන්න පුලුවන්

  8. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    රවී කරුණානායක මහතාට විරුද්ධව විශ්වාස භංගය විවාදයට ගත්තේ නැහැ – ඊට කලින් ඒ මහතා ඉල්ලා අස්වුනා

Main News