මහින්ද බලයට ආවොත් මෛත්‍රී අනතුරේ.. රාජපක්ෂලාට දඩුවම් කරන්න පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ඉල්ලුවාල..- මහින්ද සමරසිංහ

July 9, 2017 at 3:00 pm | lanka C news
මහින්ද බලයට ආවොත් මෛත්‍රී අනතුරේ.. රාජපක්ෂලාට දඩුවම් කරන්න පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ඉල්ලුවාල..- මහින්ද සමරසිංහ

රටක සමාන්‍ය පුද්ගලයකුට චෝදනාවක් එල්ල වු අවස්ථාවක එරටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන්ම සමස්ථ ජනතාවටම පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය හා නීතිය පසදලීමේ අධිකරණය සිදු කිරීම යහපාලන මෙන්ම ගුණ ගරුක සමාජයක සිදු විය යුතු මූලික මිනිස් අයිතිවාසිකම කි.

පුරවැසියකුට ඕනම චෝදනාවක් එල්ල වූ අවස්ථාවක එම චෝදනාවට සම්බන්ධයව අධිකරණය ඉදිරියේ ඔප්පු කොට දඩුවම කිරීම හෝ එම චෝදනාවලින් නිදහස් කිරීම රටේ ස්වාධීන අධිකරණය තුල සිදුවන ක්‍රියාදාමයකි. එම චෝදනා පදනම් විරහිතව පෞද්ගලික පලිගැනීමක් හෝ දේශපාලන පලිගෑනිමක් මත පොලිසිය විසින් කරන ලද්දක් දැයි ඔප්පු කිරීම හෝ නොකිරීම රජයේ නීතිඥවරුන්ගේ මෙන්ම චූදිත පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ අයිතිය හා වගකීම මෙන්ම එය රටේ මූලික මිනිස් අයිතිවාසිකමක් සුරැකිමකි.

එහෙත් අද වනවිට ස්වාධීන අධිකරණයක් ස්වාධීන පොලිසියක් ඇත කියන යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට දඩුවම් කරන්න හදිසියේම ජනාධිපති ඇතුළු රාජිත, චම්පික අමරවීර යන අමාත්‍යවරුන් විසින් පොරයක යෙදි සිටින අයුරු මාධ්‍ය මෙන්ම සති අග පුවත්පත් වාර්තා කරයි. මෙම තත්වය රටේ තිබෙන සාමාන්‍ය නීතිය හා අධිකරණය අභිබවා ක්‍රියාත්මකවිමට ගන්නා උත්සහයක් බව අමාත්‍ය මහින්ද සමරසිංහගේ පුවත්පත් සාකච්ඡාවෙන් අනාවරනය වේ. “පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට පැවරීම හා ඒ අනුව මාස 3 ක් ඇතුලත ප්‍රතිඵලය පෙන්වීම” ට හැකිය යන්න අමාත්‍යවරයා එහිදි පැවසිය.

“මහින්ද රාජපක්ෂ ඉදිරි කාලයේදී බලයට පැමිනිය හැකි බවත් එවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු එම පවුලේ උදවියට ඉන් විශාල ප්‍රශ්නයක් වන බවත්” එබැවින් ඊට පෙර රාජපක්ෂ වරුන්ට විරුද්ධව ඇති චෝදනා මාස 3 ක් ඇතුලත විභාග කොට දඩුවම් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට “පොලිසිය අයත් නීතිය හා සාමය කටයුතු අමාත්‍යාංශයත් රටේ නීතිපති දෙපාර්තමේන්තුවත් ජනාධිපතිවරයා ඉල්ලූ පරිදි ක්ෂණිකව එතුමා යටතට පත් කළ යුතුය” ය බවට හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මෙය සුලුකොට තැකිය නොහැක, මෙම ප්‍රකාශය වර්තමාන විධායක ජනාධිපතිවරයාගේ තීන්දුවකි. මෙයින් පැහැදිලි වනුයේ රාජපක්ෂවරුන්ට නගපු චෝදනා පදනම් විරහිත වුවත් මොන ආකාරයෙන් හෝ එවා පොලිසිය මගින් ගොනුකර ඔප්පු කොට නීතිය හමුවේ දඩුවම් කිරීම නොවේදැයි යන්න නිතී ක්ෂේත්‍රය බොහො දෙනෙකු මෙන්ම රටේ බුද්ධිමත් පිරිස අතර සංවාදයක් හට ගෙන ඇත.

මෙය එක ආකාරයකින් ප්‍රභාකරන්ගේ සිහිනයක් වු ඊලාම් රාජ්‍යට මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය ගෙනිහින් දුන්නා වැනිය, එම අර්ථයක් ආණ්ඩුවේ පාර්ශ්වයේ ප්‍රවෘත්ති සාකච්ඡා හොදින් අධ්‍යයනය කිරීමේදි වැටහා ගැනීමට ඉතා පහසුය.

වීඩියෝව මෙතනින්

– මහසෙන් FB

62 views

5 Comments to “මහින්ද බලයට ආවොත් මෛත්‍රී අනතුරේ.. රාජපක්ෂලාට දඩුවම් කරන්න පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති ඉල්ලුවාල..- මහින්ද සමරසිංහ”

  1. daham says:

    me aappaya thamayi me athi wee thibena rate saha jaathiye vinaasakaaree thathwayata sahamulinma wagakiwayutthe. moo slfp eken eliyata avilla chande illuwe nathnam mahinda parada karanawa thiya ranilta e ahalakatawath enna baha.

    moo karapa e alukuttheru wade me rate bahuthara janathawa pilikulen yuthuwa hela dakinawa. ada rate janatha bahutharaya mahinda wenuwen pela gahila inne. eka nisa thamayi mun wali kanne mahindawa amaruwe daanna.

    habayi ehema kaloth me mulu rate athi wenne maha kolahalayak. edata oya koyi ekata monawa weida kiyala kaatada kiyanna puluwan.

  2. kalum says:

    mehate mitthriya LTTE ekata NGO Tamil diaspora and muslim parsawa walata vitarai. Hirikitai katakaranawa ahagena inna. Mahindala duusana karala tibunanam ada nemi hire dala. dan lastiwenne chodana gonukarala hireta ganna. heyata ninda yanne natiwa ati. Mokada e taramatama Raajapakshawarunta bayay ne.

  3. Amaraweera says:

    Where is democrazy ? Even playing field Minister?

  4. Nandasoma says:

    මෙයා බොරුවට එයාගෙ ජීවිතේට තර්ජන තියෙනව කිය කිය දිගටම බලයෙ ඉන්නයි සූදානම. එයා කරපු වැඩේ බරපතල කම දන්න නිසානෙ එහෙම කියන්නෙ….ඒත් මහින්ද මහත්තය කවදාවත්ම බල්ලො මරන්නෙ නැහැ……. එයා ආයෙ ඡන්දෙකට එන්නෙ නැතිව හිටිය නම් බෙිරෙන්න පුලුවන් වෙයි….. නැත්නම් ජනතාව මොනව කරයිද දන්නෙ නැහැ…….මිනිස්සු ඒ තරම් කේන්තියෙන් ඉන්නෙ ……. කොහෙවත් ඉන්න රනිල්ව අගමැති කරපු පාපයට එයා වන්දි ගෙවන්නම ඕනැ…

  5. Wijebahu says:

    Rajapakse hora detuwanta viruddha sakshi ona tharam atha. namuth anduwe deal karuwan visin eva yatapath karai. vaaham Justice and law and order misnistries should be changed.