මහින්ද මහත්තයා නම් කරන ඕනෑම අපේක්ෂකයෙක් ජනාධිපති කරවන්න සූදානම්..- බැසිල්
January 8, 2019 at 3:26 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
වසර තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි කළේ ජනතාවගේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන් ඇමැතිවරයා එසේ බිහි වූ ලාබාලතම පක්ෂය අද වන විට මේ රටේ අංක එකේ පක්ෂය වී ඇති බවත් පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩ දී එක්වෙමිනි.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව සංවිධාන කෙරෙන ගම සමඟ පිළිසඳරක් සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසිනි.
එහිදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
මේ උදා වෙලා තියෙන්නේ නව වසරක්. මේ නව වසර මැතිවරණ වර්ෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොකද මේ අවුරුද්ද තුළ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් වගේම පළාත් සභා මැතිවරණයත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. ඒ නිසා මේක තීරණාත්මක වර්ෂයක් ලෙසත් හඳුන්වන්න පුළුවවන්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මතයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව ජනතාවට රටේ තිබෙන ප්‍රධාන පක්ෂ දෙකම එපා වෙලා තිබුණු වෙලාවක තමයි පොදුජන පෙරමුණ බිහිවුණේ. පොහොට්ටුව ලකුණෙන් රට හමුවට ආ පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම ජයග්‍රාහී ගමනක නියැළුණා.
ඒකට හොඳම උදාහරණය තමයි 2018 පළාත් පාලන මැතිවරණය. ඒ මැතිවරණයේ දී අපේ මේ ලාබාල පක්ෂය දැවැන්ත පක්ෂ සියල්ල පරදවමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය නිසා තමයි රටේ ගමන් මඟ වෙනස් වුණේ කියන එක අපි පැහැදිලිව කියන්න ඒනේ.
මේ වන විට පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ සාකච්ඡා සියල්ල බොහෝ දුරට දැන් අවසන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම තවත් පක්ෂ ගණනාවක් දැන් අපේ මාවතට පිවිස තිබෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්.
අද වන විට රට තුළ ක්‍රියාකාරීම පක්ෂය බවට පත්ව ඇත්තේ පොදුජන පෙරමුණයි. ගම් මට්ටමින් ශාඛා සමිති හදලා ක්‍රියාකාරී සාමාජිකත්වයක් ඇති එකම පක්ෂ අපේ පොදුජන පෙරමුණ කියන එක අපි ආඩම්බරයෙන් කියනවා. ඒ නිසා මීළඟ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීම අපට ගැටලුවක් නෙමෙයි.
සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.
– ප්‍රදීප් අනුර කුමාර
ඔය මොන පක්ෂේ ආවත් මේ රට දිවුණු කරන්න බෑ. මොකද මේකේ ඉන්න බහුතරය එක්කෝ කේන්දර කාරයින්ට රැවටෙනවා. නැත්නම් ජෙප්පන්ට රැවටෙනවා.
මේ කතා මොනවාද? ආයේ ජනාධිපතිවරණය ක් නෑ…මොකද රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන්න මේසියලු උදව් කරන්නේ රනිල්ට, මෛත්‍රීට, බැසිල්ට, ගෝඨාභය ට, අනුරට, මහින්දට ජනාධිපති වෙන්න බැරි නිසා ය.
පුලුවන්නම් ගෝඨාභය ට ඇමෙරිකන් පුරවැසිබව අයින් කර ගන්න කියන්න. එයා ඒකට සූදානම් නෑ. අන්තිමේ වෙන්නේ සමානුපාතික චන්ද ක්‍රමය පවතිද්දී ජනාධිපතිවරණය අහෝසි කිරීමට යාම රටම අර්බුදයට පත්වීමකි.
උඹලා වගේ කුහක අපතයො නිසා තමයි බැරිවෙලා තියෙන්නෙ.
Excellent answer to all those who are negatively curious in the UNP, JVP, and TNA. Mahinda’s choice is number 1 and the candidate is secondary. That’s it.
ඔබ තුමාලට සියලු බලය තිබිල 2015 දිනන්න බැරි වුන. කෙටි කාලීන පුගලික අරමුණු නිසා පෙබරවාරි 10 ජන වරම මයිත්රිට පාවා දුන්න . ගෝට සමග ඉදිරිඅට ගියානම් දිනුම් . ඒත් මහින්ද මහත්තය මය්ත්රිව දෙවෙනි පාර ගෙන්න පොරොන්දු වෙලා . අනිවාර්යෙන් පරදිනවා . මය්ත්රී එක දන්නා නිසා තමයි ඉස්සෙල්ල පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලන්නේ .
JAYAWEWA
SRI LANKA WATA JAYAWEWA
ANAGATHA PARAMPARAWATA
JAYAWEWA
NAWA PRABODA YAKAKA
THERUWAN SARANA
DEVI PIHITA.
මහින්ද මහත්තයා පොහොට්ටුවේද ? නිදහස් පස්සෙද ? අනේ මන්දා .