මහින්ද මහත්තයා මැයි දිනයට ගොල් ෆෙස් පිට්ටනිය අරගෙන ඉල්ලන් කන්නයි යන්නේ..

April 6, 2017 at 4:40 pm | lanka C news
මහින්ද මහත්තයා මැයි දිනයට ගොල් ෆෙස් පිට්ටනිය අරගෙන ඉල්ලන් කන්නයි යන්නේ..

මහින්ද හිටපු ජනපති මැයි දිනයට ගොල් ෆෙස් පිට්ටනිය අරගෙන ඉල්ලන් කන්න යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මුල්ලේරියාව නව සතොස ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්ය.

ඒකාබද්ධ කල්ලියේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ජයටම මැයි දිනයට සුදානම් වෙනවා. දැන් මේ අය ඉල්ලා තියෙනවා ගොල් ෆේස් පිට්ටනිය. මේ ගොල් ෆේස් නාඩගමේ ඇත්ත කතාව මේකයි, මහින්ද මහත්තයා කියලා කියලා තිබුණා වැඩිම උනොත් පෝයයි දෙකයි මේ ආණ්ඩුව පෙරලනවා කියලා. පෝය දෙකක් කියන්නේ අප්‍රේල් පෝය සහ මැයි 10 වෙසක් පෝයයි. ඒ අනුව වෙසක් පෝය වෙනකොට මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ. ඇයි මෙහෙම කියන්නේ , ගොල් ෆෙස් පිට්ටනිය අරගෙන ඉල්ලං කන්න යන නිසයි. මේ පිට්ටනියෙන් කාලක්වත් පුරවගන්න වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි හැමදාම බත් පැකට් එකටයි,අරක්කු බෝතලයටයි සහ හොරකම් කරපු සල්ලි බෙදන ඒවාට යන කණ්ඩායම් තමයි එතනට යන්නේ. සෙනග ගන්න බැරි නිසා තමයි ජනතාවට පොඩි ලාභ චූන් එකක් දීලා මැයි මාසේ ආණ්ඩු පෙරලනවා කියලා  අන්දලා මැයි 01 වෙනිදාට ජනතාව ගෙන්න ගන්නයි හදන්නේ. මහින්ද මහත්තයා එහෙම කරද්දී එක්සත් ජාතික පක්ෂයේ අපේ ශක්තිය පෙන්නනවා. එකත් සමග මේ ආණ්ඩුවත් එක්ක ජනතාව කොතැනද ඉන්නේ, යම් යම් අඩුපාඩු තිබුණත් මේ ආණ්ඩුව සම්බන්ධව ජනතාවගේ තියෙන බලාපොරොත්තු මොනවාද කියලා අපි මැයි 01 වෙනිදාට පෙන්නවා යැයි පැවසීය.

– මිනුර රශාන්ත

6 views

7 Comments to “මහින්ද මහත්තයා මැයි දිනයට ගොල් ෆෙස් පිට්ටනිය අරගෙන ඉල්ලන් කන්නයි යන්නේ..”

  1. Alapaluwa says:

    ගරි හම්බ තට්ටයෝ එකක් මතක තියාගනින් හොඳට ඉල්ලන් කෑවත්ඒ කන්නේ අපිනේ උඹලා නොවෙනේ එම නිසා තොට එකට තිබෙන අමාරුව කුමක්ද? අනෙක මේ රැස්වීම්වලට ගෙන එන්නේඅපි බලෙන් නොවේ තමන්ගේ සිය කැමැත්තෙන් නැතුව තොපිලා වගේ බලෙන් නීති දමලා පැමිණීම අනිවාර්ය කරලා බලෙන් ගෙන්න ගන්න හදන කට්ටිය අපි නොවේ බව හොඳට මතක තියා ගනින්.

  2. Lolla says:

    Hey buddy
    Just keep in mind one thing
    In front of Great Mahinda you are just a piece of SH….T

  3. jayalath says:

    පඟරනැට්ටෙකුට ගිය කලක්….?

  4. TEM ටෙම්පල්ටන් says:

    උඹට දවසක නෝ ඉල්ලම කන්න වෙනවා . ප්‍රේමදාසට කල් දේම කොරන්ණද අදහස පොන්නම් බලං?

  5. Asitha says:

    Open sathosa outlet in Mulleriyawa and head straight to the famous hospital in mulleriyawa.

  6. john the baptice says:

    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට

  7. jayasinha says:

    මෙතෙක් කලක් කොළොන්නාවේ කුණු කන්දට වග නොකියූ වැඩ බැරි මරික්-කාර් මහින්ද මහත්තයාගේ රැළිය ගැන කථා කිරීම ගැන කථා කර වැඩක් නැත​.මරික්-කාර්ට මෙන්ම රටේ ඕනෑම කෙනෙකුට දේශපාළණය කරන්නට අයිතියක් ඇති බවත් එයට අභියෝග කරන්නට කිසිවෙකුටත් නොහැකි බවත් හිස කෙස් නැති ඔළුවක් ඇති මොළයක් නැති මරික්-කාර්ට වැටහෙන්නේ නැත​.මෙවැනි හිස් ප්‍රලාප දොඩන රටට වැඩක් නැති උන් කනෙන් ඇදගෙන ගොස් කොළොන්නාව කුණු කන්දේ වලලා දැම්මාට පවක් සිදුවන්නේත් නැත​.