මහින්ද මහත්මයා 2015 පැරැද්දුවේ නැත්නම් අද කොරෝනා ආවත් රටේ ආර්ථීකයට මෙහෙම වෙන්නේ නෑ…

February 23, 2022 at 5:30 pm | lanka C news
මහින්ද මහත්මයා 2015 පැරැද්දුවේ නැත්නම් අද කොරෝනා ආවත් රටේ ආර්ථීකයට මෙහෙම වෙන්නේ නෑ…

මධ්‍යම අධිවේගී මාර්ගයේ 03වන කොටසෙහි ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබද පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම අදහස් පල කලේය.

අසන ලද ප්‍රශ්න දෙකට අපිට කියන්න තියෙන්නෙ විවෘත කරපු නැති ටෙන්ඩර් එකක ගණන් කොහෙන්ද ගත්තේ කොහොමද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඔබතුමා කියනවා සමාගමක් නියෝජනය කරන්නේ නැහැ කියලා. ඔය දුන්න අයගෙන් ගිහින් අහන්න මාස හතක් තිස්සේ මේ ටෙන්ඩර් එක ඉවර කරගන්න බැරි උනේ ඇයි කියලා.

තමුන්නාන්සේලා කතා කරනවා එම්.සී.සී. කියලා සමාගමක් ගැන. ඒ එම්.සී.සී. සමාගම මෙම ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මේ කරන්නේ අනියම් බලපෑමක්. මේ හදන්නේ නිලධාරීන්ව බය කරන්න. ආණ්ඩුව බය කරන්න. තමන්ගේ කාලේ එක කිලෝමීටරයකට රුපියල් ලක්ෂ දහඅටදාහක් වැඩියෙන් දුන්නා. ඒ වගේ කිලෝමීටර් හතළිහක් දුන්නා. එහෙමයි කළේ. ඔබතුමා නියෝජනය කරපු ලොක්කෝ ටික එකතුවෙලා දුන්නේ.

දැන් යූ.එන්.පී කියන්න එපා. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි කියන්නේ දෙකම එකයි. ඔබතුමාගේ නායකයත් හිටියේ ඒ කැබිනට් මණ්ඩලයේ වාඩිවෙලා. වෙන කොහේවත් නෙමේ. ප්‍රේමදාස මහත්තයා හිටපු කැබිනට් මණ්ඩලේ තමයි අත උස්සලා දයා ගමගේට කොන්ත්‍රාත් දුන්නේ.

ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ රජය, අපේ ජනාධිපතිතුමා දූෂණයෙන් තොරව තමයි රට පාලනය කරන්නේ. ඔබතුමාට මම මතක් කරන්නම් ඔබතුමාලගේ ඉදිරිපෙලේ ඉන්න ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා.

රුවන්පුර මාර්ගය අඩුම ටෙනඩර් එක බිලියන 15ක් ඉතිරි කෙරුවා මේ රටට. තමුන්නාන්සේලාගේ පැත්තේ එක්කෙනෙක්වත් හොද කිව්වේ නැහැ. එක වචනයක් කිව්වේ නැහැ. හැබැයි ඉදිරිපෙලේ ජනාධිපති අපේක්ෂකයා මොනවද කිව්වේ. එයා කිව්වා අඩුම මුදලට මාගා ආයතනයට දීලා හොරකම් කෙරුවලූ.

දැන් අහනවා ටෙනඩර් දීපු නැති ප්‍රසම්පාදන කටයුතු කරගෙන යද්දි අහනවා කොහොමද මේ කියලා. මං අහනවා කෝටි එක්දහස් හයසිය ගාණක් එහෙම හොරකම් කරන්න පුළුවන්ද? ඔබතුමා නම් එහෙම කිව්වේ නැහැ. ඔබතුමාත් කවුරුහරි කියපු දෙයක් පාර්ලිමේන්තුවේ ඇවිත් කිව්වේ.

ඒ කාලේ දූෂණ පෙරමුණවල් කියලා අටවගෙන මලික් සමරවික්‍රමගේ සාක්කුවේ හිටපු පූස් පැටව් ටික, බලූ පැටව් ටික. ඒ තමයි ඇත්ත. ඔබතුමා හිටියේ නැහැ. එහෙම අය තමයි මේවා අටවගෙන අද මේ මඩ ගහන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ දූෂණයෙන් තොරව මේ රට පාලනය කරනවා කියලා අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුවේ ඉදගෙන තමයි ජනාධිපතිතුමාත්, රජයත් කටයුතු කරන්නේ.

තමුන්නාන්සේ දඩුවම් කරන්න කියලා කියනවා. හැබැයි ඒ කාලේ වටරවුම් පාරේ මංතීරු හය හතරට බස්සලා බිලියන 66ට දුන්නා. හැබැයි ඔබතුමා එදා නැගිටලා කතා කලේ නැහැ. ජනතාවාදී දේශපානඥයෙක් හැටියට ඔබතුමාට කතා කරන්න බෑ ඒ කාලේ. කතා කලා නම් අස් කරනවා. මහ බැංකුව කඩපු පට්ට හොරු රැලක් හිටියේ හිටියේ ගිය ආණ්ඩුවේ. ඒ නිසයි ඔබතුමා ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය දාලා ඔබතුමාට ස.ජ.ඛෙට යන්න වුණේ. නැත්නම් කවදාවත් ඔබතුමා එක්සත් ජාතික පක්ෂය දාලා යන්නේ නැහැ.

අපි ඔබතුමා ගැන දන්නවා. අපේ මිත්‍රත්තවය අවුරුදු 25කට 30කට වැඩියි. දේශපාලන වශයෙන් මොනවා කිව්වත් අපිට ඔබතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්ණයක් නෑ. ඒ කරපු පට්ට හොරකම් හින්දා තමයි ඩී.එස් සේනානයක මහත්මයා හදපු එක්සත් ජාතික පක්ෂය දියවෙලා ගියේ. එදා හිටපු වාමාශික අයත්, විපක්ෂ නායකයත් ඒ පැත්තේ, විපක්ෂයේ සංවිධායකත් ඒ පැත්තේ. ඔක්කොම හොරුටික එකතු වෙලා හොරකම් කරපු එකයි කෙරුවේ.

අද කියනවා ආර්ථීකය වැටිලා, බංගලිදේශයෙන් ගිහින් ණය ගන්නවා කියලා. ඔව්. මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරදින්නේ නැතුව හිටියා නම් අද මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදිත් අද මේ රටේ ආර්ථීකයට මෙහෙම වෙන්නේ නැහැ. තමුන්නාන්සේලා මහ බැංකුව හොරකම් කෙරුවා විතරක් නෙවෙයි, අධිවේගී මාර්ගවලින් හොරකම් කෙරුවා. ඔබතුමාගේ ඇමතිතුමා අද කියනවා පරීක්ෂණ කරන්න කියලා. අපිට ඕනෙ වුනේ පරීක්ෂණ කරලා තමුන්නානසේලා කරපු දේවල් කරන්න නෙවෙයි. අපිට ඕනෙ වුනේ ඔබතුමලා කඩලා වට්ටලා විනාශ කරපු ආර්ථීකය නැවත ගොඩනගන්න. ඊළඟට මුලූ ලෝකෙම අභියෝගයට ලක් වෙච්ච කොවිඩ් වසංගතයෙන් මේ රටේ මිනිස්සු ටික බේරාගන්න. ඒකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තිබුණු එකම පරමාර්ථය.

ඔබතුමාලා බලය අරගෙන දාපු නඩු දැක්කනේ. හෙට දාලා තියෙනවා කල් තැබීමේ යෝජනාවක් නඩු අයින් කර ගන්නවාලූ කියලා. අපි නඩු කිව්වේ ඔබතුමාලගේ ආණ්ඩුව තියෙද්දි. අසාධාරණ නඩු, චෝදනා, සාක්ෂි හදලා. සාක්ෂිකරුවො මවලා, අල්ලස් කොමිසමට තමුන්නාන්සේලාට ඕනේ අධ්‍යක්ෂවරිය පත් කරගෙන. ඒ අධ්‍යක්ෂවරිය ඇවන්ගාඩ් එකේ එක්කෙනාට කතා කලේ කාගෙ ගෙදර ඉදලද කියලා දැක්කනේ.

ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපේ රජය කිසිසේත්ම ප්‍රශ්ණයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. මේකේ ප්‍රසම්පාදන කටයුතු ඉවර වුණාට පස්සේ අපි කතා කරමු. වරදක් තියෙනවා නම් බොහොම ගෞරවයෙන් ඒවා ගැන සොයා බලනවා. හැබැයි මතක තියාගන්න මේ කමිටුවේ ඉන්නේ දේශපාලඥයෝ නෙවෙයි. මේකට කැබිනට් එකෙන් අනුමත කරපු ටෙන්ඩර් මණ්ඩල තියෙන්නේ. ඒ ටෙන්ඩර් මණ්ඩල හරියට ඒ දේවල් කරනවද කියලා ඔබතුමාත්, මමත් අපි හැමෝම බලමු මේවායේ හොරකම් වෙනවද කියලා.

ඒ වගේම මම ඉල්ලීමක් කරනවා පාර්ලිමේන්තුවේ ඔබතුමා නෙවෙයි හුඟක් අය පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාදවලට මුවා වෙලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ සමාගම් නියෝජනය කරන්න එපා. ඒක ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක වැරදි දෙයක්. ඒ දේ කරන්න එපා. ඒක දේශපාලඥයින් හැටියට ඔබතුමාලටත් හොද නෑ. අපි කාටත් හොද නෑ. ඒක තමයි මේ රටට වෙලා තියෙන්නේ.

2015ට ඉස්සෙල්ලා රටක් වටින නායකයෙක් වුන මහින්ද රාජපක්ෂ මහත්මයාට මඩ ගැහුවා, අගෞරව කෙරුවා. මේ රටට සාමය ගෙනාව නායකයා. ඔහුගේ පවුල අයට මඩ ගැහුවා. රත්තරං අශ්වයෝ, ලැම්බෝගිනි, හෙලිකොප්ටර් ඕවා ගැනනේ කිව්වේ. බකිංහැම් මාලිගාව ඇමරිකාවේ තියෙනවා කියලනේ කිව්වේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඉතාමත් විනිවිද භාවයකින්, ඉතාමත්ම පිරිසිදු විදිහට තියෙන ටෙන්ඩර් එකක් සම්බන්ධව අපි බලමු මේ ටෙන්ඩර් එක දුන්නට පස්සේ. මට පුදුම ඹබතුමාට කවුරුහරි දුන්න එකක්, ඔබතුමා නම් කොම්පැනි පස්සේ යන්නේ නෑ. අනිත් හුඟක් අය යනවා. හුඟක් ඉන්නේ ඒ සාක්කුවල. ඔබතුමා යන්නේ නෑ. පට්ට හොරු ටික දැන් යනවා ඒ සමගම පස්සේ. අපේ රජය විනිවිදභාවයක් ඇතුව වැඩ කරන්නේ. ටෙන්ඩර් එක දුන්නට පස්සේ අපි හොයලා බලමු.

මොනවා හරි ප්‍රශ්ණයක් තිබුණොත් අපි එදාට වාඩිවෙලා කතා කරමු. අපි කිසිම ප්‍රශ්ණයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඔබතුමා කියපු ටෙන්ඩර් මණ්ඩලය තුනක් හිටපු එක පහකට වැඩි කරලා තියෙන්නේ. එක ඉතාමත්ම හොද දෙයක්. ඒක කල යුතුම දෙයක් කියලා අපි පිලිගන්නවා. මොනවා හරි වුනොත් අපි ඒ ගැන හොයලා බලමු. මේක හැංගිලා කරන්න බෑනේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

14,770 views

16 Comments to “මහින්ද මහත්මයා 2015 පැරැද්දුවේ නැත්නම් අද කොරෝනා ආවත් රටේ ආර්ථීකයට මෙහෙම වෙන්නේ නෑ…”

  1. බන්ඩා says:

    කාලෙකට පස්සේ ඇත්තක් කිව්වා. හිටං හුටං ලප කුමාරයි සජියාගේ සහ රනිල් හදාපු විගඩම් ජහපාලු ආන්ඩුව නොවන්නට ලන්කාව මෙසේ අගාධයකට නොවැටෙනු ඇති.

    • කැපුවත් පොහොට්ටුවට says:

      ඔව් තව වසරක් ඉවසමු. මේ රට ගොඩ ගන්න පුලුවන් පොහොට්ටු ආන්ඩුවට විතරයි. ටෙලිපොන් කබ්බො ආවොත් රට විනාසයි.

      • සහන් says:

        එතකොට ගම්මන්පිල කිව්වේ බෝරුද

      • 0.00069 BIYYO says:

        KANNADIYAK ISSARAHATA GIHIN BALAPAN MII HARAKO!
        AN MODUWELA ATHI!
        AWATH KALAKANII POHOTTUWE ADHOMUKHAYA LEWA KAMA NAWATHTHAPAN MII HARAKO !!!

  2. dev says:

    ow
    koheda kattiyata yama palanaya awa ne. kawa rata.

  3. පුරවැසියා says:

    දහසක් මල් විකසිත වන මේ හිමිදිරි උදෑසන … ….. ගන් නැතුව හිටපං මහත්තයෝ නෙමෙයි .කෝ….

  4. Boris Vanculenberg says:

    Go to hell you dirty kadippuwa! We all know you are washing Rajapaksa’s dirty linen & trying to be a genius? You are worse than a fly that survives eating shit!

  5. harsha says:

    දැනට තියෙන්න‌ේ ඩොලර් අර්බුදයක්. ඩොලර් ලංකාවට මේ තත්වය යටතේත් අඩුවක් නැතිව ගලා එන්න මහින්දට ක්‍රමයක් තිබුණාද?

  6. සමන් says:

    සහතික ඇත්ත
    ලංකාවේ මිනිස්සු මෝඩයෝ වුනා 2015

  7. Jude perera says:

    Kohedo yana uyanpallekutai kassippu karayekutai baiyyobrewatila , ape gameth innawa ohoma bodisathwa kasippu karayo onatharam

  8. Dulmina says:

    අවජාතක පැටවු හදපු
    කසිප්පු මුදලාලිට
    සාධාරණ ඡන්දයක් තිබ්බොත්
    ඇපත් නෑ.

  9. LalithM says:

    අර්බුදය නිර්මාණය කලේ 2005-15 අතර චීන ණය උගුලට අසුකර ගසාකෑ අසාර්ථක ව්යාපෘති නිසා. කල කිසිම දේකින් රටට විදෙස් විනිමය හෝ රටතුල රැකියා උත්පාදනය සිදු නොවුනි. මේ සියල්ලම මහින්ද ලොක්ක කල අනර්ථය නිසා සිදුවන අපරාධයක්.

  10. 0.00069 BIYYO says:

    ලෝකෙන්ම තුන්වෙනියා දුප්පත්කම අතින්.
    ලෝකෙටම ණයවෙලා ණයවෙලා පලවෙනියා වෙයි ලගදීම !
    මල්කඩුවාවේ වහලා තිබුන අරක්කු කර්මාන්තශාලාව වැඩ පටන් ගත්තා ස’ ට පිං සිද්ද වෙන්න. කුරුණෑගල දිස්තික්කයම විනාශ කරපු කාලකන්නියා උඹ! හෙන ගහලා මැරෙන්න ඕන පාහරයා

Main News