මහින්ද මහතා අගමැති ධුරය බාර ගැනීම වරදක්..- ප‍්‍රසන්න

December 18, 2018 at 3:20 am | lanka C news
මහින්ද මහතා අගමැති ධුරය බාර ගැනීම වරදක්..- ප‍්‍රසන්න

අගමැති ධුරය භාරගැනීමටත් අගමැති ධුරය අත්හැරීමටත් මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දු ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනු ඇති බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

එම තීන්දු දෙකම ගත්තේ රටත් ජාතියත් වෙනුවෙන් බව පෙන්වා දුන් රණතුංග මහතා රටත් ජාතියත් විනාශ වෙනු දැක දැක අගමැති ධුරයේ එල්ලී හිඳීම රාජපක්ෂ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ නගරයේ දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

2015 ජනවාරි මාසේ 09 වැනි දා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණා. එදා එතුමා මැදමුලන බලා ගියේ නැවත වරක් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ කියන ඒකායන අරමුණෙන්. එතුමා කල්පනා කළේ මැදමුලනට වෙලා විශ්‍රාම සුවයෙන් කල්ගෙවන්නයි. නමුත් ජනතාව කැමැති වුණේ නැහැ එතුමා දේශපාලනයෙන් විශ්‍රාම යනවට. තිස් වසරක යුද්ධයත් අවසන් කරලා රටත් සංවර්ධනය කරපු නායකයා වශයෙන් එතුමාගේ නායකත්වය රටට අවශ්‍ය බවයි ජනතාවගේ අදහස වුණේ.

ඒ නිසා මිනිස්සු රට බේරාගත් නායකයා බලන්න ජනවාරි 09 වැනි දා ඉඳන් වන්දනාවේ යනවා වගේ බස් අරගෙන මැදමුලන බලා ගියා. ඒ ජනතාවගේ ඉල්ලීම අපටත් දැනුණා. ඒ නිසා පරාද වෙලා මාස දෙකක් ගෙවෙන්නත් පෙර නුගේගොඩ නගරයේ මහා ජන රැලියක් පවත්වලා මහින්ද මහත්තයා නැවත දේශපාලනය ගෙන ඒමේ කටයුත්ත ආරම්භ කරන්න අපට හැකි වුණා. ඒ ජයග්‍රාහී ගමන නිසා තමයි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා අගමැති ධුරය ලබාගනිමින් අපේ ආණ්ඩුවක් බිහිකරන්නට හැකි වුණේ.

සමහරු කියනව මහින්ද මහත්තයා අගමැති ධුරය භාරගැනීම වැරැදියි කියලා. මගෙත් පුද්ගලික අදහස තමයි එතුමා අගමැති ධුරය භාරනොගත යුතුව තිබුණා කියන එක. නමුත් අපේ නායකයා වශයෙන් එතුමා ඒ තීන්දුව ගත්තම අතන මෙතැන විවේචනය කරමින් යන පුරුද්දක් මට නැහැ. මම හැමදාම නායකයා වශයෙන් පිළිගන්නේ මහින්ද මහත්තයවයි. එතුමා අගමැති ධුරය භාරගත්තේ රට අගාධයෙන් ගලවා ගැනීමේ අරමුණ ඇතිවයි ජනාධිපතිවරයා වසර තුනහමාරක් තිස්සේ වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කරලා බැරිම තැන තමයි මේ තීන්දුවට එළැඹුනේ.

ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ ගත්තෙත් අසීරු තීන්දුවක්. හැබැයි අසීරු තීන්දුවක් හරි අරගෙන රට බේරා ගැනීමේ අරමුණ එතුමට තිබුණා. ඒ නිසා එතුමට අපි ගරු කරනවා. තමන්ගේ පුද්ගලික වාසි ප්‍රයෝජන නොතකා රට වෙනුවෙන් තින්දු ගන්න පුළුවන් රටට ආදරය කරන නායකයකුට පමණයි. මහින්ද රාජපක්ෂ කියන්නේ ඒ බව ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයෙක්. අගමැති ධුරය භාරගැනීමට වගේම අත්හැරීමටත් මහින්ද මහත්තයා ගත්තු තීන්දු ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා ඇති. එතුමට අගමැති, ජනාධිපති ධුර කියන්නේ මහ දේවල් නෙමෙයි. එතුමා ජනතාවගේ නායකයෙක්. තනතුරුවල එල්ලී හිඳීම රාජපක්ෂ ප්‍රතිපත්තිය නෙමෙයි.

මහින්ද මහත්තයා අගමැති ධුරය භාරගෙන ගෙවුණු කෙටි කාලයේ දී රටේ ජනතාවට ආයෙමත් නිදහස කියන්නේ කුමක්දැයි දැනෙන්න ගත්තා. මිනිස්සුන්ගේ තිබුණු ජීවන බර ටික ටික අඩුවෙන්න ගත්තා. හැමෝටම ආරක්ෂාවක හැඟීමක් දැනුණා. රාජපක්ෂලා කියන්නේ වැඩකාරයන් මිසක් බොරුකාරයන් නෙමෙයි. හැබැයි අපේ අවාසනාවට ජාතියේ අවාසනාවට ඒ තත්ත්වය නැති වුණා. අපි දැන් බලා ඉන්නවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය භාරගනිමින් සතිදෙකෙන් කරපු ඒ වෙනස එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියලා.

අපි විශ්වාස කරන්නේ නැහැ මේ වැටිලා තියෙන අගාධයෙන් රට ගොඩගන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්කමක් තියෙනවා කියලා. තමන්ගේ ගජ මිතුරු සමාගම එක්ක වික්‍රමසිංහ මහතා නැවතත් රට ගෙනියන තැන ගැන අපි අවධානයෙන් ඉන්නවා. අපි අනතුරු අඟවන්න කැමැතියි එදා ඒකාබද්ධය, නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට බෙදිලා හිටපු ප්‍රගතිශී බලවේග සියල්ල දැන් එක මිටකට ගොනු වෙලා ඉන්න නිසා තවත් ජනතාව රවටන්න, රට විකුණන්න නම් සූදානම් වෙන්න එපා කියලා.

– ප‍්‍රදීප් අනුර කුමාර

38,384 Viewers

5 Comments to “මහින්ද මහතා අගමැති ධුරය බාර ගැනීම වරදක්..- ප‍්‍රසන්න”

  1. S.B. says:

    ඇත්ත…අපටත් දැන් එය තේරෙනවා…කුමාර වෙල්ගම මහත්තයත් ඒ මතයේමයි හිටියේ…කෙසේ උනත් ඒ වැඩෙන් රනිල් ඇතුලු හොර නඩය හොඳ පාඩමක් ඉගෙන ගත්තා…බලමු දැ උන් මොනවද කරන්නේ කියලා…

  2. Maura says:

    නැතුව නැතුව රන් අකුරින් ලියවෙනවා ලෝකයේ වැඩ තහනමට ලක්වූ එකම අගමැති

  3. යුක්තිය says:

    දැං ඉතිං කට වහං ඉදපං…! තියං ඉන්න තිබිලත් ඉල්ලපු බලු දානෙ,පිදේනිය දුන්න නේ….! උඹලගෙ ගොං කටවල් නිසා දානෙ දීල,පිදේනිය දුන්න එකත් වැඩක් නැති වෙනව…!

  4. යුක්තිය says:

    දැං ඉතිං කට වහං ඉදපං…! තියං ඉන්න තිබිලත් ඉල්ල මැරෙන්න හද්පු බලු කපුටු දානෙ,පිදේනිය දුන්න නේ….! උඹලගෙ ගොං කටවල් නිසා දානෙ දීල,පිදේනිය දුන්න එකත් වැඩක් නැති වෙනව…!

  5. sunil Aththanayaka says:

    muoo patta boru kiyanne palaweni rasweema muoo maga arala giyaa pitarata ,passe mahinda wateta minissu ekathu wenawa dakkama thamayi muoo aawe udaw karanna muoo wage patta apatha horu hinda thamayi mahindata hamadaama waradinne…!!!

Main News