මහින්ද මාලදිවයිනටද..- මාලදිවයිනේ හිටපු ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…

May 25, 2022 at 9:20 am | lanka C news
මහින්ද මාලදිවයිනටද..- මාලදිවයිනේ හිටපු ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනේ ආරක්‍ෂිත ස්ථානයක් සොයා නැති බවත් දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතරතුර රාජපක්ෂ මහතා හමු නොවූ බවත් දැනට ශ්‍රී ලංකාවේ රැදී සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් නෂීඩ් කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගනිමින් මහින්ද රාජපක්‍ෂ මහතා මාලදිවයිනේ ආරක්ෂිත නවාතැනක් ඉල්ලා සිටි බවට පළ වන වාර්තා අසත්‍ය බවයි.

මාලදිවයින හා ශ‍්‍රී ලංකාව අතර සබඳතා පළුදු කිරීමට උත්සාහ කරන පුද්ගලයින් සිටින බවද පවසන ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවශ්‍ය යැයි කරන ප්‍රකාශ අසත්‍ය ඒවා යයිද කියයි.

49,693 views

2 Comments to “මහින්ද මාලදිවයිනටද..- මාලදිවයිනේ හිටපු ජනාධිපතිගෙන් ප‍්‍රකාශයක්…”

  1. මී හකරා says:

    ගොඩක් සද්දෙට කෑ ගහන්නෙ , වහන්න දෙයක් තියෙන නිසා වෙන්නැති නේ .

  2. Sun says:

    This man ruined the country and looking for a place to live. Rajapaksas are the people who have taken away all the dollars from the country through illegal ways to other countries. It was the main reason for downward economy. He is keeping his mouth shut and planning to runaway but the kamma is after you until you die.