විමල් දෙවෙනි මට විතරයි.. මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලුවා කියා ශැම්පේන් බෝතලේ කඩන්නත් කලින් මාව නුගේගොඩට ගෙනාවේ විමල් ඇතුළු පිරිසයි..

February 23, 2020 at 1:20 pm | lanka C news
විමල් දෙවෙනි මට විතරයි.. මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලුවා කියා ශැම්පේන් බෝතලේ කඩන්නත් කලින් මාව නුගේගොඩට ගෙනාවේ විමල් ඇතුළු පිරිසයි..

විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගෙන් කොපමණ ප්‍රහාරයට ලක්වූවත් ,අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින්වත් අත නොහැරපු දේශපාලන චරිතයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙ බව සඳහන් කර සිටියේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ  පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් 22 පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘විසි වසක විරවංශය ’ උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

අපි අද සම්බන්ධවෙන්නේ සුවිශේෂී අවස්ථාවකට. විමල් වීරවංශ මැතිතුමා පාරිලිමේන්තුවට පත් වී වසර 20ක් සපිරීම නිමිත්තෙන් එතුමාගේ ඉදිරි දේශපාලන ගමනට සුබ පතන්න තමයි අද අපි එකතුවෙලා ඉන්නේ.

අද මට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීමම බොහොම වැදගත් දෙයක්. මගේ අදහස් දැක්වීමට රාජ්‍ය තාන්ත්‍රික වචන එකතු කරනවට වඩා මම කැමතියි හදවතින් එන වචන එක්ක කතා කරන්න. ඒ නිසා ඇමැතිතුමා මන්ත්‍රීතුමා කියන නිල වචන වෙනුවට මම කැමතියි මට සුපුරුදු ‘විමල්’ කියන වචනය මේ අවස්ථාවේ දී පාවිච්චි කරන්න.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හෙවත් මට සුපුරුදු විමල්, හැමදාමත් කොළඹින් වැඩිම මනාප ගන්නවා. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් විදියට පුටුව ලකුණින් ඉදිරිපත් වුණු දවසේ ඉඳලාම විමල් ඒ වාර්තාව කඩන්නේ නැතිව තමන් ළඟ තියාගෙන ඉන්නවා.

විමල් ලබන මේ මනාප ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ කළගුණ සැළකීමේ මනාප, ආදරයේ මනාප, ගෞරවය නිසා දෙන මනාප, විමල්ව විශ්වාස කරලා දෙන මනාප.

මට මතකයි 2008ට කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් නොලබපු ජයග්‍රහණ ලබනකොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණටත් ගහපු හතුරෝ ගොඩක් හිටියා. 2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සාම ඒ අය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන එදා ඉඳලා ඒ අය ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයෙම තමන්ට අයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්තාම අර හතුරෝයි ජේ.වී.පී එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයෙම විමල්ට ගහන්න පටන් ගත්තා. ඒ ප්‍රහාරයට ලක් වීමේ ශක්තිය විමල්ට නොඅඩුවම ලැබුණා. එක දිගටම ලැබුණා. අද අපි මේ එකතුවෙලා හමුවෙලා කතා කරන විමල්ගේ විසි අවුරුද්ද පුරාම ලැබුණා.

අද අපි මේ එකතුවෙලා ඉන්නේ එහෙම එක දිගට විසි අවුරුද්දක් තිස්සේ එක දිගට ප්‍රහාරයට ලක් වුණු දේශපාලන චරිතයක රිදුම් ගැන නැවත සිහිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි කොපමණ ගැහුවත් කොපමණ රිදුනත් අපමණ දුක්ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමයකින් වත් අත නොහැරපු දේශපාලන චරිතයකට අපේ කෘතගුණ දක්වන්න, ඒකට ඉන්න වඩාත් සුදුසු කෙනා මම කියලයි මට හිතෙන්නේ. මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක් වෙනකොට විමල් දෙවැනි වුණා නම් දෙවෙනි වුණේ මට විතරයි. මට ගහපු ගැහිල්ල විමල්ට ගහපු ගැහිල්ල ඒ විස්තර සේරම තමුන්නාන්සේලා දන්වා. මහින්ද රාජපක්ෂව මැදමුලනේ ජනේලේ එල්ලුවා කියලා ශැම්පේන් බොන්න වාඩිවුණ උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයෙම මෙන්න මහින්ද රාජපක්ෂ ඉන්නවා නුගේගොඩ. විමල් ඇතුළු කණ්ඩායම එකතුවෙලා හදපු වේදිකාවේ, මහින්ද සුළඟ නමින් පටන් ගත්තා.

කට්ටිය ආයෙම බෝතලේ පුටුව යටට දාලා එනවා. මහින්ද රාජපක්ෂට ගහන්න. මහින්ද රාජපක්ෂව ඉවරයක් කරන්න. විමල්ට ගහන්න. විමල්ව ඉවරයක් කරන්න. මගේ පවුලේ උදවියත් හිරේ දානවා. විමල්ගේ පවුලේ උදවියත් හිරේ දානවා. නඩු පිට නඩු වැටෙනවා. ජනාධිපතිතුමාටත් නඩු දැම්මා.එකක් පස්සේ එකක් බොරු චෝදනා පැටව් ගහනවා. තමුන්නාන්සේලා දන්නවා හේතුව.

ඒ හේතුව වෙනත් කිසිවක් නෙමෙයි. රට ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර ගැනීම. රට සංවර්ධන මාවතට යොමු කිරීම, රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම. ඒ හේතුව නිසාම තමුන්නාන්සේලා මාව ආරක්ෂා කරනවා. විමල්ව ආරක්ෂා කරනවා. අපි ආයෙත් සටන නැවත පටන් ගන්නවා. ඒ සටනේ අවසානයේ දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ අති බහුතර කැමැත්තෙන් ජනාධිපති බවටත් පත් වෙනවා. විමල් අලුත් වගකීමක් භාරගන්නවා.

දැන් ආයෙම මාව ප්‍රහාරයට ලක්වෙනවා. අවුරුදු 20ක් තිස්සේ ප්‍රහාරයට ලක් වුණ විමල් දිගටම ප්‍රහාරයට ලක් වෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ, සටන ඉවර නෑ කියනඑක. ගමන ඉවර නෑ කියන එක. සටන දිගටම කරන්න තියෙනවා. ගමන දිගටම යන්න තියෙනව.

රට ගැන තියෙන ආදරයත් එක්ක ජනතාවගේත් තියෙන ආදරයත් එක්ක ගෞරවයත් එක්ක කරන්න තියෙන ඒ සටන දිගටම යන්න තියෙන ඒ ගමනට විමල් වීරවංශ මහතාට තම හෘදයාංගම සුභ පැතුම් එක්කරන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින්  ‘විමල් යුගකාරකත්වයේ භූමිකාව’ කෘතිය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.

මෙම උත්සවයට මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා, බන්දුල ගුණවර්ධන,ගාමිණි ලොකුගේ,ඩග්ලස් දේවානන්ද  ඇතුළු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය ඇතුළු  සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

විජයානන්ද හේරත්
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

60,725 Viewers

40 Comments to “විමල් දෙවෙනි මට විතරයි.. මහින්ද මැදමුලනේ ජනේලේ එල්ලුවා කියා ශැම්පේන් බෝතලේ කඩන්නත් කලින් මාව නුගේගොඩට ගෙනාවේ විමල් ඇතුළු පිරිසයි..”

  1. Saradiel says:

    විමල් වීරවංශ මහතාට ඉදිරි දේශපාලන ගමනට සුබ පතමු M C C පරාජය කරමු බුදු සරණයි,

    • Saman says:

      MCC ගැන කතා කරන්න එපා. 😀

    • sayumi says:

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මව්බිමේ පංචායුධය වන ඔබතුමා සන්ධානයෙන් චන්දය ඉල්ලපු පලමු දා පටන් සැමදාමත්, ඉදිරියටත් අප ඔබට ඉතාම සතුටින් චන්දය දෙන්නේ, අප බලාපොරොත්තු වූ පරිදිම
      ඉටුවියයුතු කාර්‍යභාරය 100%ක්ම ඔබතුමා ඉටු කර ඇති නිසායි. 🙏🙏🙏

    • susil says:

      Wimal! You are a true leader and backbone of everybody loving Sri Lanka.
      Our wish is you to continue the struggle for another 60 years!
      Budu Saranai!

  2. cw says:

    I am not a big fan of Wimal, but I agree 1000% with MR.

  3. මෙවැනි වටිනා අතීතාවර්ජන වැඩසටහන් හා ඒ සමග බැදුණු මෙවැනි හරබර දේසනා එක මිටට බැදුණු දේසප්ප්රෙමී හුදී ජනයා ඉතා හැගුම්බර නමුත් අභිමානවත් අතීතයකට කැන්දාගෙන යනවා. මේ ඔබලා වැනි නායකයින් සිහල දේශයට ,දෙසප්ප්රෙමී ජනතාවට අවැසිම යුගයකි.
    “දේශයේ පංචායුධය විමල්” ඔබට දිගු ජාතික මෙවරකට හුදී ජන සුභාසිංසන හා තිසරණ පතමු!

  4. හාවා says:

    ඇත්ත

  5. Crazy says:

    Wimal’s vision and his contribution eventually helped Gota becoming the President. He is behind most of the victories in the recent past.

  6. හේමන්ත says:

    අගමැතිතුමාගේ කතාව රටට ආදරය කරන සැමගේ හිතට සමීප කතාවක්

  7. සිංහල බන්ඩා says:

    විමල්ලා තිබූ නුගේගොඩ රැස්වීමේ මහින්දගේ ප්‍රකාෂය කියවන් අද පොහොට්ටු ඇමතිලා කිසිවෙක් හිටියේ නැහැ. දිලුම් පමනක් වේදිකාවේ හිටියා ප්‍රසන්න බිම හිටියා. ගෝඨා ශක්තිමත් කිරීමට ජාතිකවාදීන්ට මනාපය දෙමු.දෙමු.

  8. සිංහල බන්ඩා says:

    විමල්ලා තිබූ නුගේගොඩ රැස්වීමේ මහින්දගේ ප්‍රකාෂය කියවන් අද පොහොට්ටු ඇමතිලා කිසිවෙක් හිටියේ නැහැ. දිලුම් පමනක් වේදිකාවේ හිටියා ප්‍රසන්න බිම හිටියා. ගෝඨා ශක්තිමත් කිරීමට ජාතිකවාදීන්ට මනාපය දෙමු.

    • සිoහල බන්ඩා වෙන්න බෑ නම…..සිරිකොතේ ගුන්ඩා නේද මේ……තාම බත් කන්න පටන් ගත්තෙ නැද්ද….?

    • Hoo !!! says:

      දිලුම් විතරක් තනියමද වේදිකාවෙ හිටියෙ ?වෙන කවුරුත් නෑ ?🤣🤣බොල බණ්ඩො රැස්වීම බලන්න හිටියේ උඹ විතරක් වෙන්න ඇති නේද ?🤣🤣🤣

  9. Lakcy says:

    Wachanye parisamaptha arthayenma Manwa hithwadee Pita Keseemak….

  10. Nimal R says:

    Wimal’s name will be written in gold in Sri Lanka’s history

  11. liyan says:

    දේශපේ‍්‍රමය හොඳයි. නමුත් ජාතිවාදය, අගාම්වාදය හරහා මිනිසුන් කුලප්පු කිරීම හරිද..? ඇයි ජාතික සමගිය වෙනුවට ජාතිවාදය තෝරාගත්තේ… බලය වෙනුවෙන්ම පමණයි නේද..?

    • AWAMANGALA says:

      uthure wigneshwaran jathiwadaya awissena katha karanawa ..oya koheda ethakota. muslim amathila jathiwade awussanakotath … oyata danune nadda. ane palayan yakoo yanna.

    • Vijaya says:

      Hora passport 2 thiyanaeka hondai neda

    • Silva says:

      Liyan,,, umbe moodakamata beheth naha,
      boru panditha kam kathaa nokara jaathiwaadaya, jaathi bhedaha waadaya, jaathika waadaya,
      kiyanne mokakda kiyala singhala sabdhakoosaya kiwala igena ganin.
      gunjvp matto wayrayen piruna narumayo bawa umbala hamadaama oppukaranawa,

    • Aurora says:

      පටලවගන්න එපා. විමල් ජාතිවාදියෙක් නොවේ, ජාතිකවාදියෙක්. ඔය දෙකේ අහස පොලව වගේ වෙනසක් තියනවා. ජාතිවාදයෙන් විනාශය සහ ජාතිකවාදයෙන් ප්‍රගමනය. අපි අපේ අතීත උරුමයන් පෙරටුකොටගෙන ජාතිකවාදී චින්තනයකින් සන්නද්ධ වුනොත් අපේ රට ඉතාමත් දියුණු තත්වයකට ගෙන යන්න පුළුවන්.

    • sayumi says:

      ජාති වාදය කියන්නෙ එකක් ජාතිකත්වය කියන්නෙ තව එකක්. විමල් කවදාවත් ජාති වාදියෙක් නෙමෙයි. .හැබැයි ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නෙක්. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න liyan.

  12. sara says:

    Heartiest congrats wimal. This is real Mahinda. This combination is very good for this country though JVP bros do not like them.

  13. Aurora says:

    විමල් හැමදාම සියළු දෙනාටම ඉදිරියෙන් සිටිමින් අපේ රටට ජාතියට ඉදිරියේ එන අනතුර පෙන්වාදුන් දුර දක්නා නුවණකින් හෙබි අභීත නායකයෙක්. වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම නායකයෙක් කියන්නේ මේ වර්ගයේ මිනිසුන්ටයි. ඉදිරියෙන් සිට අනතුර දැක නිසි මාර්ගයේ යන්න ජනතාව දැනුවත් කරමින් පෙරට යන්නා. ඔබතුමාට දෙවි පිහිටයි. ඔබතුමා අපට ආඩම්බරයක්.

  14. Sura says:

    “දේශයේ පංචායුධය විමල්” , මැතිතුමනි, ඔබට දිගාසිරි!!!!!!!

  15. Ayotallah says:

    Wimal weerawansa is solely responsible for the success of SLPP. A vociferous orator who can attract thousands of supporters we should vouch for the country.our race and religion to be safeguarded from vultures

  16. Dikman Aiyya says:

    100% agree with MR,..if not for Wimal. MR and Gota’s come back would not be this easy. He has a bight political future,…one guy that we can trust,…he will be always loyal to our country,….Wish him all the very best!!

  17. Suren says:

    One of the true patriots of Sinhalese Buddhists.We salute you Wimal whole heartedly & no wonder you will be the first choice from Colombo this time too.

  18. අගමැතිතුමා ශ්‍රේෂ්ඨ කථාවක් කරලා තියෙන්නෙ විමල් ගැන. ඒකට අපගේ ප්‍රණාමය. ඒ වගේ ම විමල්ට අප දුන් ඡංදයට විමල් සාධාරණය කරලා තිබෙනවා. ඔහුට තව දුරටත් රට වෙනුවෙන් සේවය කරන්න නිදුක් නීරෝගී දීර්ඝායුෂ.!

    • 77 UNP says:

      විමල්ගේ පක්ෂෙට ලැබෙන චන්දවලින් බහුතරයක් විමල්ට ලැබෙන ප්‍රසාද චන්ද. විමල් ගම්පහින් චන්දෙට ඉදිරිපත් වුනාට එක් මනාපයක් විමල්ගේ නියෝජිතයාට දෙනඑක අපේ සිරිතක්. ඔබතුමාට ජයෙන් ජයම වේවා!

    • amanaya says:

      Lot of people will agree with you.

  19. Richmond Peiris says:

    Excellent speech by MR and it is very true too. Today, the JVP has become a spent force because they bark at the wrong tree.

  20. David Milli-banda says:

    Wimal is a true politician who can turn tables……………..You do not have to have a degree to do that but got to have political clout running in the veins.
    Nothing to do with a religion or a race.
    Its political vision like a good cricketer who can read the game.

  21. Seya says:

    මහින්ද එළවලා විමල් අගමැති කරන්න පුලුවන්නම්, අනිවාර්යයෙන් අවංකව වැඩේ කරයි. මම, තාමත් ආදරෙයි මෙතුමාට. දීගයු සොයුර. ඔබගේ සේවය අතිශයින් ඉදිරියටත් අවශ්‍යයි.

    • Hkgf says:

      Ow ban rata kiriyen පැණියෙන් uthuray.

    • Chinthana says:

      Chasing out is very easy to everyone
      .but keeping tough with everyone is very difficult. Well experience and intelligent people are very rear to this world. One of them is mahinda.and vimal is best follower

  22. kamal says:

    මෙයා රටට කරපු එක සේවයක් කියන්න ?..මේ වගේ උන් නිකන් මැරෙන්න හොඳ නැහැ ..කවද හරි කට කුණුවෙලා විඳවල මැරෙන්න ඕන ..

Main News