මහින්ද මෙවර නොරැවටේ.. මහ ඇමතිලාට කඬේ යවාගන්න බැරිවෙයි.. සාකච්චා එකගතාවක් නැතිව අවසන්..

January 22, 2017 at 12:00 pm | lanka C news
මහින්ද මෙවර නොරැවටේ.. මහ ඇමතිලාට කඬේ යවාගන්න බැරිවෙයි.. සාකච්චා එකගතාවක් නැතිව අවසන්..

අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පළාත් සශා හයක ශ‍්‍රීලනිප මහ ඇමතිවරුන් අතරේ පැවති සාකච්චාව එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.

මෙම හමුව සදහා උතුරු මැද පළාත් මහ ඇමති පේෂළ ජයරත්න හැර සෙසු සියලූ ශ‍්‍රිලනිප මහ ඇමතිවරුන් සහභාගී වී සිටියහ.

සාකච්චාව පැවතියේ ඉදිරි මැතිවරණයවලදී ශ‍්‍රිලනිපය නොබෙදී තරග කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගෙනයි.

තමන් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න කිසිවෙක් ලෑස්ති නැතැයිද පවසා ඇති හිටපු ජනපතිවරයා රට වනසන තීන්දුවලට අත් උස්සා පක්‍ෂයක් ගැන නොකරන ලෙසත් රට ගැන හිතන්නැයි නායකයන්ට කියනා ලෙසත් සදහන් කරද්දී මහ ඇමතිවරු කිසිත් තියා නැත.

එකගතාවයකින් තොරව අවසන් වූ සාකච්චා යලි පැවැත්වෙන බවක්ද සදහන් නොවෙයි.

172 views
Main News