මහින්ද යන්න හදයි.. බැසිල් එපා කියයි.. සජිත්ගෙන් අතහිත…

April 27, 2022 at 12:02 am | lanka C news
මහින්ද යන්න හදයි.. බැසිල් එපා කියයි.. සජිත්ගෙන් අතහිත…

බැසිල් රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ‘ඩීල්’ එකක් ඇති බවත්, ඒ අනුව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒම මේ දක්වා සති 03ක් ප්‍රමාද කිරීමට ප්‍රේමදාස මහතා විසින් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

හෙතෙම සඳහන් කර සිටියේ ‘පරණ රොටිය නැවත පෙරළීමක්’ දෙදෙනා විසින් සිදු කරන බවත්, එය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරහා සිදුව ඇති බවට තමන් විශ්වාස කරන බවත්ය.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්තෙන් පසුවන නමුත් බැසිල් රාජපක්ෂ මහතා විසින් එය වළක්වා ඇති බවද නානායක්කාර මහතා පැවසීය.

ඒ අනුව බැසිල් රාජප්කෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලනය කරන අතරම සමඟි ජන බලවේගයදඔහුගේ වැඩපිළිවෙළට ඇතුළත් කරගෙන ඇති බවනානායක්කාර මහතාසඳහන් කළේය.

හෙතෙම මේ බව පවසා සිටියේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය – සජබ මෙහෙයවන්නේ බැසිල් විය හැකිද?එතුමාද කුමන්ත්‍රණය කරන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – බැසිල්ම තමයි.

මාධ්‍ය – ඒ කියන්නේ බැසිල් සහ සජිත් අතර ඩීල් එකක් තියෙනවා?

වාසුදේව නානායක්කාර මහතා -ඒක තමයි මම කියන්නේ. මම හිතන්නේ ඒක තියෙන්නේ හිටපු අගමැති හරහා. එයානේ පාර්ලිමේන්තුවේ මුලින්ම කිවුවේ දැන්ම විශ්වාසභංගය ගේන්න බෑ, පළමුව අලි සබ්‍රිට ඇහුම්කන් දෙමු කියලා. ආණ්ඩුවට එරෙහිව තදින්ම හිටපු අය තමයි දැන් බුරුල් වෙලා තියෙන්නේ.

මම කියන්නම් ඇත්ත කතාව. ඡන්දයක් ලබා ගැනීම තමයි සජබ අරමුණ. සජබ දන්නවා එතනදි තමන්ට ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය සංඛ්‍යාවම ලැබෙන්නේ නෑ කියලා. එතකොට බැසිල් මහත්තයා කියනවා එහෙම අඩුවක් තියෙනවානම් ඒ අය මම පොහොට්ටුවෙන් දෙන්නම් කියලා.

මාධ්‍ය – පරණ රොටියමද අනිත් පැත්ත දාලා දෙන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – පරණ එකම අනිත් පැත්ත දාලා තමයි එන්නේ. බැසිල් මහත්තයායි, සජිත් මහත්තයායි රොටිය පෙරළනවා.

මාධ්‍ය – මැතිවරණය ගැන මොකද කියන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – අපි වෙනම තරග කරනවා. මන්ත්‍රීවරු 50ක් විතර ස්වාධීන වෙලා අපි එකතු කර ගත්තාවූ කණ්ඩායම තමයි අපේ සන්ධානය.

මාධ්‍ය – මෙච්චර රටේ විරෝධතා තියෙද්දි බැසිල් කොහොමද මේ තරම් ප්‍රබල වුණේ?බැසිල් හොයා ගන්නත් නෑනේ?

වාසුදේව නානායක්කාර මහතා – නමුත් එතුමා දැන් පවත්වාගෙන යන ආණ්ඩුවේ ඉන්න ප්‍රබල චරිතයනේ. මහින්ද මහත්තයාට අස් වෙන්න ඉඩ දෙන්නේ නැත්තෙත් එයානේ.

මාධ්‍ය- මහින්ද මහත්තයා අස් වෙන්න කැමතියි, බැසිල් ඉඩ දෙන්නේ නෑ. එහෙමද?

වාසුදේව නානායක්කාර මහතා -ඔව්. එහෙමනේ ඔය නවත්වාගෙන තියෙන්නේ. මේ මගේ තේරුම හොඳේ.

මාධ්‍ය – ඔබතුමාලට ප්‍රබලයෝ රැසක් ඉන්නවානේ. මුකුත් කරන්න බැරිද මේකට?

වාසුදේව නානායක්කාර මහතා – මුකුත් කරන්න බෑ. නීතියෙන් ඉඩක් නෑ. විශ්වාසභංග යෝජනාව ගෙනඒම හැර වෙන කරන්න දෙයක් නෑ. මේක හෙළිදරව් කිරීම පමණයි අනිත් පැත්තෙන් කරන්න පුළුවන්. ජනතාව ගෝඨාභයට යන්න කිව්වාට මෙහේ බැසිල් ආණ්ඩුව පවත්වාගෙන යනවා. දැනට ජනතාවට කියන්න තියෙන්නේ යන පාටක් නැති බවයි. ජනතාවට තියෙන්නේ ඒ වෙනුවෙන් බලපෑම් කරන්න. අඩු තරමේ යන්න කියලා මහින්ද මහත්තයාට ලියුම් එවන්න.

මාධ්‍ය – සජබ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ කියලාද කියන්නේ ?

වාසුදේව නානායක්කාර මහතා – ගෙන එන්නේ නෑ කියන එක නොවෙයි, ගෙන ඒම නොයෙක් හේතු මත දැන් දක්වා සුමාන 03ක් පමා කරමින් තිබෙනවා. ආයෙත් පාර්ලිමේන්තුව තියෙන්නේ ලබන සුමානේ නොවෙයි ඊළඟ සුමානේ. මොකක් හරි දෙයක් වේවි කියලා ආණ්ඩුවට කල්දිදී ඉන්නවා. දැන් පෙට්‍රල් පෝලිමත් අඩුයි.විශ්වාසභංගායේදී අපිට තහවුරු වෙන්න ඕනෑ මන්ත්‍රී සංඛ්‍යාව. එහෙම නැතිව ඒක නොපිටට ගියොත් ඒක අපිට පාඩුවක්.

මාධ්‍ය – බැසිල්ට අනුව දැනුත් සජිත් අගමැති කරන්න පුළුවන්නේ?

වාසුදේව නානායක්කාර මහතා – සජිත්ව දැනට අගමැති කරන්න බෑ. මුලින්ම මේ ආණ්ඩුව අයින් කරන්න ඕනෑ. එයා බෑ කියලා තියෙනවානේ මේ ආණ්ඩුව එක්ක එකතු වෙන්න. සියලු දේවල් එයා කියන්නේ නොකෙරෙන විදියට.

මාධ්‍ය – මේ දේශපාලන පක්ෂ දෙකම පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂද?

වාසුදේව නානායක්කාර මහතා – එකක් පාලනය කරනවා. අනික තමන්ගේ වැඩපිළිවෙළට ඇතුල් කරගෙන තියෙන්නේ.

– ADA

151,283 views

15 Comments to “මහින්ද යන්න හදයි.. බැසිල් එපා කියයි.. සජිත්ගෙන් අතහිත…”

  1. නකසෝනි says:

    රටේ ම රීරි මාංශ බුදලා හොරට නිදි යගෙන ඉන්න හැරී ජයවර්ධන මුත්තා කොහෙද කියලා හොයලා දීපල්ලා

  2. Niru says:

    225 are taking people for a ride. Nobody wants to resign. They want to hoodwink the people by indicating they will bring NCM, 21 amendment to constitution etc etc.
    They just want to waste our time and money and stay in parliament to enjoy salary perks and where possible rob the country.
    Nobody among the 225 has a solution
    So let the president appointed committee do its job

  3. ජනතාව says:

    රන්ජන් කිව්වා හරි. මේ පක්ෂවල උන්ට ජනතාව වැදගත් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන සජිත් කෑගැහුව්වට ඔහුටත් ඡන්දයක් තමා උවමනාවී ඇත්තේ. ව්‍යවස්ථාව වෙනස් න්ජන් කිව්වා හරි. මේ පක්ෂවල උන්ට ජනතාව වැදගත් නැහැ. බොරුවට ගිරිය පුප්පගෙන සජිත් කෑගැහුව්වට ඔහුටත් ඡන්දයක් තමා උවමනාවී ඇත්තේ. ව්‍යවස්ථාව වෙනස් නොකර මේ රටේ දේශපාලකයන්ගෙ සහ ඊට එකතුවන සහචරයන්ගෙ හොරකමට තිත තියන්න බැහැ. මහ බැංකු බැදුම්කර සිද්ධිය රනිල් කොපි කරල තියෙන්නෙ ඊටත් කලින් ආ කට්ටියගෙන්. ඉදිරියට එන අයත් පසුගිය අයටත් වඩා හොදින් හොරකම් කරාවි. මේ ජන අරගලය සජිත්ට, රනිල්ට හෝ අනුරට පක්ෂ දේශපාලනය කිරීමට නොවේ. මේ රටේ දේශපාලකයන්ගෙ සහ ඊට එකතුවන සහචරයන්ගෙ හොරකමට තිත තියන්න බැහැ. මහ බැංකු බැදුම්කර සිද්ධිය රනිල් කොපි කරල තියෙන්නෙ ඊටත් කලින් ආ කට්ටියගෙන්. ඉදිරියට එන අයත් පසුගිය අයටත් වඩා හොදින් හොරකම් කරාවි. මේ ජන අරගලය සජිත්ට, රනිල්ට හෝ අනුරට පක්ෂ දේශපාලනය කිරීමට නොවේ. මේ දූෂිත දේශපාලකයන්ට හා උන් පසුපස ගොස් රජයේ රැකියා ගෙන බොරු කරන්නවුන්ටත් විරුද්ධව ජනතාව පෙනී සිටිය යුතුය. මේ දිනවල තිබෙන උද්ගෝෂණවලට වැටුප් ලබාගෙන රජයේ සේවකයන් සහභාගිවීම සදාචාර විරෝධීවේ. නගර සභාවේ ඉංජිනේරුවාගෙන් පවා ගොඩනැගිලි සැලැස්ම පාස් කරගන්නට බැරිව ඇත්තේ ඔහු තමන්ගේ රාජකාරිය අමතක කොට මේ කලබගෑනිවලට කාලය නාස්ති කිරීම නිසාය. මෙවැනි බොරුකාර මිනිසුන් සිටින තාක් ජනතාව නිරතුරුව පීඩාවට පත්වේ. කැපවීමෙන් යුතුකම් ඉටුකරන රජයේ සේවකයන් ඇගයීමටත් බොරු කාරයන් නිරාවරණය කිරීමත් කළ යුතුය. මෙම මජර ක්‍රමයට රාජපක්ෂලාට අමතරව බොහෝ දෙනෙක් වගකිව යුතු බව දැන් පෙනේ. මෙම ක්‍රමය ව්‍යවස්ථානුකූලව වෙනස් කිරීමටයි අරගල කල යුත්තේ. ආණ්ඩුව ගෙදර යවා මෙහි සිටින බොරු කාරයින් ගෙන ඒමෙන් පලක් නැත.

    • අනේ ඕයි says:

      තමුසේ ඔච්චරටම මෝඩයෙක් ද ඔය කාරණාව අට පාස් මෝඩ නළුවෙකු කියනකම් තේරුම් නොගන්න .පුදුම වෙන්නත් දෙයක් නෑ එක අතකට පබාල ,රංජන්ල ,මරික්කාර් ලා ,ගීතල පාර්ලිමේන්තු යවපු මෝඩ යි ඉන්න රටනෙ

  4. Balana Rala says:

    Politically has become crazy…..has no knowledge of what is happening around the corner…just barking but can’t bite because all the tooth have been removed….he lives in a different world.

  5. sunny says:

    This your last time in Sri Lankan parliament. Get lost. You have not done anything to this country. You are also a wheeler dealer

  6. citizen says:

    This is not unexpected. Earlier Ranil safeguarded Rajapakses. He even prevented GR from being arrested for a clear case of embezzlement of state funds.Sajith also had deals with MR to prevent a massice misuse of cultural project funds. Sajith will never take action against the Rajapakses. Only hope for the country is the JVP led NPP.

  7. Sun says:

    Basil is the worst character joined Sri Lankan politics. Even though he is not well educated, created so many problems in the country, from breaking banks, money laundering and stealing. During Zunami time he collected funds and disappeared to America and back recently suck more money. All are following this moda fellow for money matters. Dirty fellow in politics.

  8. ගෞම් ඊයාරාජ් says:

    රූකඩ වලට රට ගෙනියන්න බෑ ! එච්චරයි , අරයා එක්ක ඩීල් දාලා , මෙයත් එක්ක ඩීල් දාලා , ඊලග චන්දේ එනක්න් රටේ ජනතාවගේ ප්‍රශ්ණ මගහැරලා ෆුටාණො කට බලියං බලාගෙන හිටියොත් වෙන්නේ මහින්දලා එක්ක තොටත් ගෙදර යන්න ගිගිල්ලා ගැණී වටේ කැරකී කැරකී ඉන්න , විපක්ශය ජනතාවගේ ප්‍රශ්ණ තේරුම්ගන්න ඔනේ , මේ අරගලයට සහය දෙන්නම ඔනේ , එය සත්‍ය වශයෙන්ම ජනතාවගේ පැත්තේ ඉදන් කරන අරගලයක් වෙන්න ඔනේ , ආණ්ඩුව පැත්තේ ඉන්න ජනතා නියොජිතයන් මේ වෙලාවෙ “ඩීල්” පැත්තකට දාල මහජනතාව පැත්තේ, සත්‍යවාදීව හිටගන්න ඔනේ , උබලව පත් කලේ මහජනතාව එලවන්නෙත් මහජනතාව , මහජන නැගිටීමකට එරෙහිවෙලා කළු ගලේ ඔලුව ගහගෙන අනාථ වෙන්නෙපා !

  9. Deen says:

    විදූලි බළ මණ්ඩළයට හිමි lanka transfomers කොටස් මංකොල්ල කෑව ud jayawardana පල්හොරා රැක්ක කරපූ ගෝටා ගෙදර පල දැන්වත්

  10. කැපුවත් පොහොට්ටුවට says:

    වාසු නාකියට 80 පැනල මූට මොලේ කොලොප්පම්

Main News