මහින්ද යයි – කලණ මිතුරෙක් එයි…

May 14, 2022 at 12:02 am | lanka C news
මහින්ද යයි – කලණ මිතුරෙක් එයි…

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්ව යද්දී ඔහුගේ කල්‍යාණ මිත්‍රයෙක් ලෙසින් සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එම තණතුරට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ (13) පැවති ස්වාධීන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ මාධ්‍ය හමුව හා එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වී්‍ය

පසුගිය අප්‍රේල් මාසයේ 8 වෙනිදා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව අපි ජනාධිපතිතුමාටත් සමස්ත ජාතියටත් ඉදිරිපත් කළේ ජාතිය ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ම අර්බුදයට මුහුණ පාලා තියෙන අවස්ථාවේ පටු පක්ෂ භේද පසෙක තබා සමස්ත ජාතිය ම සාමූහික උත්සාහයක් දරමින් අපේ මව්බිම මේ අගාධයෙන් ගොඩගන්න ඕනේ කියන විශ්වාසයෙන්. වාසනාවට මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඒ වගේම කාදිනල්තුමන් ප්‍රමුඛ අන්‍යාගමික උතුමන්ලා, වෘත්තීය සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව , වෘත්තීය සමිති කලාකරුවන් තරුණයන් රාජ්‍ය නොවන සංවිධාන අවසානයේ මැතිවරණ කොමිසම පවා කිව්වා ඔව් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව තමයි වර්තමාන අර්බුදයට තියෙන එකම උත්තරේ කියලා.

අපි මේක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් මාධ්‍ය හමු තියමින් සම්මන්ත්‍රණ තියමින් ජනගත කරන්න උත්සාහ කලත් අවාසනාවට බොහෝ දෙනෙක්ගේ තිබුණේ තමාට පෙර රට නෙමෙයි. තමන්ගේ පක්ෂයේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය රටට උඩින් ඔසවා තබාගෙන කටයුතු කරපු නිසා මේ ව්‍යාපෘතිය මේ වන විට අඩපණවෙලා ඇණහිටලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටියෙ මේ සර්වපාක්ෂික ආණ්ඩුවට අවස්ථාව සලසමින් ඉල්ලා අස්වෙන්න කියලා. එතුමා ඉල්ලා අස් වුණේ රාජ්‍ය ත්‍රස්තවාදයට ප්‍රතික්‍රියා වශයෙන් මහජන ත්‍රස්තවාදයක් මතු උන නිසා ඒකට ත්‍රස්ත වෙලා මිසක් සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ ලබා දීමේ අදහසකින් නෙමෙයි. ඒ නිසා එතුමා හිටිය ස්ථාවරය වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුණත් ඒකෙත් අගමැති මමයි කියලා. තම තමන්ගේ පෞද්ගලිකත්වය , පක්ෂය රටට වඩා උඩින් ඔසවා තැබීම නිසා මේ ගමන අපිට යන්න බැරිවුණා. විශේෂයෙන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ කල්මරමින් ඇල්මැරුණු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නිසා මේක තවදුරටත් කඩාකප්පල් වුණා.

ඒ නිසා එහි ප්‍රතිඵලය විදියට හදිසියේ අගමැතිතුමාට ඉවත් වෙන්න වෙද්දි හිටපු අගමැතිවරයාගේ කල්‍යාණ මිත්‍රයෙක් විදියට සැලකෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තනතුරට පත් වෙලා තියෙනවා. එතුමා බොහෝ කාටුන් ශිල්පීන් කියන විදියට සාටකයෙන් ටයිපටිය හදාගෙන අද අගමැතිධුරයේ වාඩි වෙලා තියෙනවා. එක පැත්තකින් මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියලා පාරේ සටන්පාඨ කිව්ව , ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාස භංග යෝජනා ගෙනාපු බලවේග සැබැවින්ම ආණ්ඩුව ගෙදර ගියහම ආණ්ඩුව බාරගන්න තබා සර්වපාක්ෂික හවුල්කාරීත්වයකට වත් එන්න බයේ අදිමදි කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ හදිසි ලොතරැයි වාසනාව උදා වීමට හේතුව. ඉතින් අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයේ සිට මෙතෙක් කල් කරගෙන ගිය න්‍යාය පත්‍රයන් තියෙනවා. ඒ න්‍යාය පත්‍රයන් නොකරමින් මේ රට මෙතෙන්ට ගේන්න එතුමා දක්වපු දායකත්වයන් අමතක කරලා ,මේ රට වළෙන් ගොඩ ගන්න එතුමා කටයුතු කරන තාක් අපිට විපක්ෂයේ ඉඳන් ඒ ආණ්ඩුව අස්ථාවර නොකරන තත්ත්වයකට කටයුතු කරන්න හැකියාව තියෙනවා. මොකද මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි. ආණ්ඩුව පෙරළන්න කරන්න අපි උත්සාහ කරන්නෙ නැහැ , නමුත් මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන ඒවි කියන විශ්වාසයක් ඇති වෙලත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතීතය අපිට ඒ විශ්වාසය ඇතිකර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නෙත් නැහැ.

– media unit

56,961 views

18 Comments to “මහින්ද යයි – කලණ මිතුරෙක් එයි…”

  1. ක්‍රිමිනල් says:

    ඒක හරි පස්වරක් අසමත් එකා හයවෙනි පාර කරයි කියලා ලොකු විශ්වාසයක් නෑ.

  2. Hora Gudda says:

    Even as some international media announced, it is a real disappointment for the very Genuine people like poor Sri Lankans, university students, professionals, and other genuine sufferers who: Peacefully protested against the Rajapaksa crooks, criminal robbers, and Traitors to the Nation for stealing and embezzling poor SLankans money over a decade or so, to see at the end Rajapaksa family’s relation and best friend the Lost political and sucker to the Western countries Ranil to be appointed as a result of a conspiracy among Gotabaya, Mahinda and Phottuwa members to Safeguard the Mahinda R clan. Now the inevitable end of those peaceful protests could be some of those Sinhala girls and boys ending up in Ranil’s torture chambers and ending painful deaths as happened in 88/89.

    • Nimal says:

      ජෙප්පො කියන්නේ යමක් හම්බකරන් සතුටින් ඉන්න හැම එකා එක්කම සදාකාලික වයිරයකින් පෙලෙන මොඩ රැලක් !
      උන් යටතේ අති හැකි එකාත් අනාතයි

  3. Lalla says:

    තමන්ට ඛැරිදේ කවුරුහරි කරන්න ඕන කියල හිතන්න පිරුවටධාරියාට බැරිද. රටට අගමැතියකු ඉන්න ඕන නේද. මේ වෙලාවේ මට පුලුවන් කියන කෙනා කොන්දේසි දාන අයට වඩා හොඳ වෙන්න පුලුවන්.

  4. සහන් says:

    හයියෝ.. පොහොට්ටු බයියෝ බේරේ වැවේ නාල අන්තිමට අලින්ට සාටකේ දාපු ඒකනේ කරේ. දැන් එතකොට රතු අලි නැද්ද?

  5. අමිල says:

    මේ කතාව හරි. ඇමතිකම් බෙදා ගන්න එතෙන්ට යන්න ඕන නෑ. එළියේ ඉදන්ම හොදම දේට හරි දේට පක්ෂ වෙමු. වැරදි දේට එරෙහිව කටයුතු කරමු

Leave a Comment

Main News