මහින්ද යලිත් අමාරුවේ.. අලුත්ම ආප්ප න්‍යායක් එයි.. ජාතික න්‍යාය පත්‍රයක් කියමින් ප්‍රසිද්ධ හිමිවරුන් කපුකමේ..
December 3, 2017 at 10:03 pm | lanka C news
මෛත්‍රී-මහින්ද එක් කිරිමේ සියලු උත්සහයන් අසාර්ථක විමෙන් පසුව ඉදිරි පලාත් පාලන මැතිවරණයට පෙර මෛත්‍රී-මහින්ද එකතුකිරිමේ තවත් උපායමාර්ගයක් ඉතා රහසිගතව සැලසුම් කොට මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවති.
ඒ සඳහා මෙරටේ ප්‍රධාන පෙලේ භික්ෂූන්වහන්සේලා කිහිප නමක්ම සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මකය.
මෙහිදී මෙම පිරිස විසින් සටන් පාඨය ලෙස තෝරගෙන් ඇත්තේ ‘රට බෙදන ව්‍යවස්ථාව පරාජය කොට ජාතික සම්පත් විකිණීම වැලැක්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශක්තිමත් කල යුතුය’ යන්න ය.
මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි හිතවත් භික්ෂූන්වහන්සේලා කිහිප නමක් මේ කාර්යය සඳහා උපාය මාර්ගිකයින් විසින් යොදාගෙන ඇත.
සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිට පවත්වා ඇති මෙම ගිහි පැවිදි කණ්ඩායම මේ සම්බන්ධ සාකච්ඡාවක් ප්‍රධාන මන්දිරයක පවත්වා ඇත.
මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ “රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරිමේ ජාතික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරිම” සඳහා මෛත්‍රී මහින්ද එක්වී සිටිය යුතුය යන්න ය.
එමෙන්ම UNP විරෝධී බලවේගයක් ලෙස ශ්‍රිලනිප ශක්තිමත් කිරිම හරහා මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකි බැව් ඔහුන් විශ්වාස කරයි.
2015 අගෝස්තු මාසයේදී මහා මැතිවරණය කාලයේදීත් මෙවෙනිම උපක්‍රමයක් ක්‍රියාත්මක කොට මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ජයග්‍රහණය වලකාලීමට කටයුතු කල ආකාරය සම්බන්ධව ජනතාවට අමතක වී නැති බැව් මෙම පිරිස තේරුම්ගෙන නොමැති බව මෙයින් වැටහේ.
පසුගිය අගෝස්තු මහා මැතිවරණයේදි මහින්ද රාජපක්ෂට විරුද්ධව මැතිවරණයේදී තමා විසින් කල කතා නිසා ඔහුගේ ජයග්‍රහණය වලක්වා එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කිරිමට එම අවස්ථාව ලබා දුන් බව එජාප මන්ත්‍රීවරුන් හොදින් මතක තියා ගත යුතු බව පසුගිය දා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින්ම එජාප යේ පසුපෙළ මන්ත්‍රීන් සමග පැවසූ බවටද මාධ්‍ය වාර්තා පල විය.
– අන්තර්ජාලයෙනි
මහින්ද මයි 3 ට කැවුයේ ගමේ ආප්ප. ඒකට අජිනොමොටෝ දාල නැති කාල මහින්දව රැවෙට්ටුවා. අද රට පිටි රට තෙල් දාලා රට තැටියේ වශී කුඩු දාලා පුච්චන ආප්ප උන් මහිදට කවන්නයි යන්නෙ. මහින්ද ඒක කෑවොත් අපෙ ඔක්කොම මහන්සිය ට මොකද වෙන්නේ.
MAHINDA……… DO NOT GET DISAPPOINTMENT AGAIN………. !!!!