මහින්ද යලි අගමැති කිරීමේ සූදානමක්..?
December 25, 2018 at 2:10 pm | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කිරීමේ යෝජනාවක් ඉදිරි කාලයේදී ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමේ සූදානමක් පවතින බවත් ඊට පෙර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුගේ මන්ත්‍රි ධුර අහෝසි කිරීමේ කුමන්ත්‍රණයක් එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ක්‍රියාවට නංවමින් තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සමඟ මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවද නානායක්කාර මහතා පෙන්වා දෙයි.
එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුළ දැනට තිබෙන්නේ මන්ත්‍රි ධුර 106ක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානයේ සහාය නොලැබෙන්නට ඔවුන්ට ආණ්ඩුව ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන බවත් නානායක්කාර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකු ආණ්ඩුවට එක්නොවීමට තීරණය කිරීම, ගිය පිරිස් නැවත පැමිණීමට තිබෙන ප්‍රවණතාව, දෙමළ ජාතික සන්ධානය සමඟ ආණ්ඩු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සමහරු අකැමැති බව ප්‍රකාශ කිරීම, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් උග්රවීම යන කාරණා සැලකිල්ලට ගනිමින් නියම වේලාව බලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමේ වැඩි හැකියාවක් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි.ජ
– mawbima
WASU SAHODARAYA
MONAWADA ME WENTA YANNE
APATA NAM THEERENNE NAHA
මහින්ද අගමැති කර වහාම ජනමතවිචාරණයක් කැදවා පාර්ලිමේන්තුව විසුරුවන්න….
රෑ වැටුනු වලේ දවලුත් වැටෙන හරකෙක්ද බන් මහින්ද ?
අධිකරණ කුමන්ත්‍රණ පැරදවීම සදහා මහින්ද ව අගමැති කර පාර්ලිමේන්තුව විසුරුවන්න ජනතා කැමැත්ත ගැනීමට ජනමතවිචාරණයක් පවත්වා පාර්ලිමේන්තුව මාස 2කට වාරාවාසාන කරන්න..
මොන පක්ෂයක් බලයට ආවත් TNA ගේ සහාය නොගත යුතුය
Eyi hambaya oneda? un thamayi eeta wadaa wisha… Kotinta hambawena labbak nehe..
Api natuwa kohomada?
මීතොටමුල්ල කුණුගොඩ අත්පත්කරගන්නවා හා සමාන වැඩක්.
Form a strong government without help of Tamil and Muslim parties.
DAY DREAM BRO
අපිට ඕනෙ මහ මැතිවරණයක්.හොර අගමැතිවරුයි උසාවි අගමැති වරුයි අපි පිළි නොගනිමු.
අයියෝ මේ දඩෝරියා පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි…උණ පුරැකේ ලා තැබුවත් බලු නගුටේ ඇද ඇරේද?
Janaka has told the truth.
Well done.