මහින්ද යලි රැවටෙන්න සූදානම්.. ශ‍්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් යන කතාව අලුත් බෝතලේක එවයි..

September 25, 2017 at 10:00 am | lanka C news
මහින්ද යලි රැවටෙන්න සූදානම්.. ශ‍්‍රීලනිප ඇමතිලා ආණ්ඩුවෙන් යන කතාව අලුත් බෝතලේක එවයි..

නව ව්‍යවස්ථාවක් සදහා වූ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරිම සූදානම් බවට ශ‍්‍රිලනිප ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් විසින් නැවත වතාවක් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ද විපක්‍ෂය රැවටීමට සැලසුම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ආණ්ඩුව අතහැර වික්‍ෂයට එක් වන්නේ යයි අවස්ථා කිහිපයකදීම ඉගි පල කල ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී සිදුව ඇති සාකච්චාවදී තිදෙනකු පමණ වූ මෙම පිරිස කතිකා කර ඇත්තේ නව ව්‍යවස්තා කෙටුම්පට විරුද්දව ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි රැල්ලක් ඇති කර අවසන් මොහොතේදී පෙර මෙන් ආණ්ඩුව හා එක්ව කටයුතු කිරීමෙන් හිටපු ජනාධිපතිවරයාත්, ඒකාබද්ද විපක්‍ෂයත් වෙනත් කිසිදු සැලසුමක් සිදු නොකර තම පිරිස එන තෙක් උඩ බලාගෙන සිටිනු ඇති බවයි.

ව්‍යවස්ථාවට පෙර තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වන බවට හිටපු ජනාධිපතිවරයාට දැන්වූ අතර එය ඔහු දැඩිව විශ්වාස කරගෙන එන පිරිස පිලිගන්නට පවා සූදානමින් සිටින බවත් කොළඹ නොවන දිස්ත‍්‍රික්කයක ප‍්‍රබල ඇමතිවරයෙක් සදහන් කර ඇත.

පෙර කිහිප වරක්ම හිටපු ජනාධිපතිවරයා රවටා දැමූ උපායන් වෙනුවනෙ මෙවර ඔහු රැුවටීම සදහා පෙර බාවිත නොකල ආකාරයේ උපායක් සකස් කර ගැනීම ඉක්මනින්ම කල යුතු බවද මෙම පිරිසේ අදහස වී තිබේ.

මෙම සාකච්චාව සදහා ශ‍්‍රීලනිපයේ තනතුරක් දරණ ඇමතිවරයෙකුද සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

42 views