මහින්ද යුගයට වඩා අද සහල් මිල අඩුයි.. අද ජීවන වියදම වැඩිවීමක් නෑ.. සිදුව ඇත්තේ බඩු මිල ඉහල යාමක්.. – රවි
February 26, 2017 at 9:20 am | lanka C news
අද වන විට මෙරට ජීවන වියදම ඉහළ ගොස් නැති බවත් සිදුව ඇත්තේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමක් පමණක් බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
පැවති රජයට වඩා අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ 23ක මිල අඩු කර ඇතැ බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
‘අද සිදුව ඇත්තේ සමස්ත ජීවන වියදම ඉහළ යාමක් නොවෙයි. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමක්. නමුත් අද අත්‍යවශ්‍ය භාණ්ඩ 23ක මිල අඩු කරලා තියෙනවා. අඩු කරන්න බැරි වුනේ හාල් පමණයි. එදා 80 පටන් ඉදන් 105ට තිබුන හාල් හාල් අද 72 ඉදන් 100 තියෙනවා’