මහින්ද යුගයේ ලංකාවේ දුක්ඛිත බවේ දර්ශකය 5.6%යි.. යහපාලනය යටතේ 12.5%යි.. අද පවුල් දහස් ගණනක් දවසකට එක වේලයි..- එක්සත් ජාතීන්ගේ සංවිධානය
October 2, 2017 at 12:00 pm | lanka C news
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ පවුල් දහස් ගණනක් තුන් වේලටම එක් වේලක් ආහාර ගනිමින් ජීවත්වන බව හෙලිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගම්බද ප්‍රදේශවල පවුල් ණයබර දෙගුණයකින් වැඩි වී ඇතැයිද එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.
පසුගිය රජය හමුවේ දුක්ඛිතභාවය දර්ශකයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පසුගිය රජය යටතේ 5.6% ක අඩු අගයකට පත් වූ නමුත් වත්මන් රජය බලයට පත්වූ කාලයේදී එම දර්ශකයේ නැවත 12.5% ක් දක්වා වැඩි වී ඇතැයිද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
දුක්ඛිතබවේ දර්ශකය ගණනය කරනු ලබන්නේ උද්ධමන අනුපාතය හා සේවා නියුක්ත අනුපාතය එකතු කරමින් බවත් අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලේ මිල ඉතා ඉහල ගොස් ඇති පොල් ගෙඩියක්ද රුපියල් 100 තෙක් මිල ගොස් ඇති බවද ඔහු පෙන්වා පැවසීය.
යමපාලනයට ජයවේවා !!!!!!!!!!!!!!!!!!
බන්දුල මන්ත්‍රීතුමාගෙ බේගල්.
very attractive change ! A country needed “apamana agayak” and we are getting it.