මහින්ද යුගයේ හොරකම් නැවතු ගමන් බඩු ලාබෙට දෙන්න පුළුවන් කිව්වා.. දන් ලාබද..

February 19, 2017 at 3:50 pm | lanka C news
මහින්ද යුගයේ හොරකම් නැවතු ගමන් බඩු ලාබෙට දෙන්න පුළුවන් කිව්වා.. දන් ලාබද..

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ රට විකුණන පාපකාරී වැඩපිළිවෙළට කර ගසන සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අනාගත පරපුරේ ශාපයට ලක් වනු ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

පක්ෂය හිස මත තබාගෙන නොසිට මේ පාපකාරී වැඩපිළිවෙළ පරාජය කිරීම සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වගකීම බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරිය කාගෙවත් පදයට නටන රූකඩ නොවී සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මෙන් එකට එක්ව රට දිනවන වැඩපිළිවෙළ ආරම්භ කළ යුතු බවත් පැවසුවාය.

මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සම්මේලනය පෙරේදා (18) අමතමිනි. මාර්තු 08 වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන වැඩසටහන් පිළිබඳ රට වටා කාන්තාවන් දැනුවත් කිරීමේ අරමුණෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන ලෙස මෙම හමුව සංවිධාන කර තිබුණි.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළාය.

මම මේ ස්ථානයට ආවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවටත් ප්‍රසන්න රණතුංග කියන චරිතයටත් තිබෙන ආදරය සහ ගෞරවය නිසයි. අපි බලවේගයක් විදියට බලවේගයට නායකයන් හදන්න ඕනේ. මහින්ද රාජපක්ෂ මහතාගේ බලවේගයේ අනාගතයේ අපට ඉන්න ප්‍රධානතම නායකයෙක් වගේම කවදා හෝ ජනාධිපතිවරණයට අගමැති ධූරයට දාන්න පුළුවන් සුදුස්සෙක් තමයි ප්‍රසන්න රණතුංග කියන්නේ. ප්‍රසන්න රණතුංග කියන චරිතයට අද රටේ මිනිස්සු ආදරෙයි. ඒ සැබෑ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින නිසා.

කාන්තාවන් වන අපට හිතුවොත් මොනවද කරන්න බැරි. කාන්තාවන් කියන්නෙ බොහෝ දේ දරා ගන්න අය. ඒසාම අපට පුළුවන් ඕනෑ දෙයක වෙනස් කරන්න, ඕනෑ දෙයක් පෙරළන්න. එහෙනම් මේ ආණ්ඩුව වෙනස් කරන ගාමක බලවේගය වෙන්න ඕනේ කාන්තාවන්. මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් කාන්තාවන්ට තමයි. කාන්තාවන් තමයි මේ ආණ්ඩුව පෙරළන්නේ. ගෙදරක ඡන්ද කීයක් තියෙනවාද? අපි කියන දේ ගෙදර අය වගේම යාලු මිත්‍රයොත් අහනවා.

මේ ආණ්ඩුවේ තියෙන කාලකණ්නිකම වැඩියෙන්ම දැනිලා තියෙන්නේ කාන්තාවන්ටයි. අද තුන්වේල උයා ගන්න බැරි ගෙවල් තියෙනවා. හාල කිලෝ එක රුපියල සීයයි. මේ කාලකණ්නි ආණ්ඩුව කුඹුරු වගා කරන්න එපා කිව්වා. මහින්ද මහත්තයා හදපු ජාතික සම්පත මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කළා. ගොවිතැන් කරන්න වතුර ටික දුන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ හාල් අතිරික්තයක් තිබුණු රටේ හාල හිඟයක ඇති කරන්න කටයුතු කළා.

මේ වැඩ බැරි ආණ්ඩුව අපේ දරුවෝ ටික සාගින්නේ තියනවා. එහෙනම් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ අපි. මේ ආණ්ඩුව ගෙදර යවන ගිනි පුපුර තියන්නේ කාන්තාවන් වන අපියි. අන්න ඒ නිසා ජාත්‍යන්තර කාන්තා දිනය, අපේ දිනය. එදාට අප දහස් ගණන එළියට බැහැලා මේ කාලකණ්නි ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. අද විශ්ව විද්‍යාලයකට දරුවකු යවන්න අපට හිතෙන්නේ නැහැ. අපේ දරුවන්ට ලේ විසි වෙනකම් පාරවල්වල ගහනවා. පාතාලය ආයෙත් රජවෙලා.

රවී කරුණානායක මහත්තයාගේ ඡන්ද ව්‍යාපාරයේ දි පාතාලයේ අය වෙඩි තියාගන්නවා. අපි දන්නවා කාටද පාතාලය ඕනෑ කියලා. දරුවන්ට ගහන කොට රිදෙන්නෙ අම්මලාට. බදු ගහලා පීඩාවට පත් වෙල ඉන්නෙ අපේ පන්තියේ මිනිස්සු. අපේ තාත්තලාත් ගොවියෝ තමයි. අපි ඒක කියන්නෙ ආඩම්බරෙන්. මහින්ද මහත්තයා දුන්න සහනාධාර කපලා දැම්මේ මේ ආණ්ඩුව. කාන්තාවො විදියට අපිට වගකීමක තිබෙනවා. මේ කාන්තාවන්ට තමයි මේ කාලකණ්නි ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්.

ඒ නිසා අපි ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන පාරට බැහැලා මේක රටට කියන්න ඕනේ. තානාපතිවරුන්ට, විදේශ දූත සේවාවලට කියන්න ඕනේ. එට්කා ගිවිසුම අත්සන් කළාම මොකද වෙන්නේ. ලංකාවේ ජනගහණය ලක්ෂ දෙසිය අටයි. ඉන්දියාවේ රැකියා නැති පිරිස ලකෂ දෙසිය විසි අටයි. ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ අයට කම්කරු රැකියාවේ සිට සියලු රැකියා කරන්න පටන් ගත්තම අපේ දරුවන්ට රැකියා කරන්න ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ. මේ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කළාම ආපසු හරවන්න බැහැ කියලා මතක තියා ගන්න.

එදා රනිල් වික්‍රමසිංහ ඊළම ප්‍රභාකරන්ට ලියලා දුන්නම අපි ශ්‍රී ලංකාකාරයෝ විදියට පාරට බැහැලා හිටප ජනපතිනියට කිව්වා වහාම විසුරුවන්න කියලා. රනිල්ට අයිතියක් නැහැ ප්‍රභාකරන්ට රට දෙන්න, වහාම විසුරුවන්න කියලා අපි කිව්වා. අවුරුදු දෙකයි රනිල්ට ආණ්ඩුව කරන්න ලැබුණේ. අපි මහින්ද මහත්තයා බලයට ගෙනත් රනිල්ගේ ගිවිසුම අහෝසි කළා. ඒක  රට ඇතුළේ ගිවිසුමක්. අන්තිමේ දි අපි ප්‍රභාකරන් පරද්දලා රටට සාමය ගෙනවා.

ප්‍රභාකරන්ගේ අවසන් අරමුණ වුණේ වෙනම රටක්. ඒ අරමුණ ඉෂ්ඨ කරන්න ගේන්න යන ව්‍යවස්ථාව අප පරද්දන්න ඕනෑ. අපි කාටවත් ඔටුණු පළන්දන්න නෙමේ වැඩ කළ යුත්තේ. අපි උපන් රට රැකගන්නයි අපි කටයුතු කරන්න ඕනේ. මේවා කරන්න දුන්නොත් අපෙ අනාගත පරපුර අපිට සාප කරයි. මේකට පක්ෂය පක්ෂය කියමින් ශ්‍රී ලංකාකාරයෝ කර ගැහුවොත් අපට සාප කරයි. අපේ රට විකුණන්න යන කොට අපට අහක බලාගෙන ඉන්න පුළුවන්ද?

ජාත්‍යන්තර බලවේග, තානාපති කාර්යාල සහ කොටි ඩයස්පෝරාව එකතු වෙලා මේ රටට මහා අපරාධයක් කරා. ඒ ජනවාරි 08 වැන දා කුමන්ත්‍රණයේ දෙවැනි අදියර දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ මොහොතෙත් අපේ මවුබිමට ඒ අපරාධය වෙමින් තිබෙනවා. ඒ නිසා අපේ මවුබිම රැකගන්න අප කැපවෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කියන ඒ යුගයක් උදා කරපු යුග පුරුෂයා අපිත් එක්ක ඉන්නවා. ඒ යුග පුරුෂයා එක්ක බය නැතුව හිටගෙන ඉන්න ප්‍රසන්න රණතුංගත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව හැකි ඉක්මණින් ගෙදර යවන්න මාර්තු 08 වැනි දා පාරට බහිමු.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා.

රටක දේශපාලන ගැටලු ඇති වෙන කොට ඒක වැඩියෙන්ම බලපාන්නේ කාන්තාවන්ට. අපේ රටේ වසර තිහක යුද්ධයෙන් වැඩියෙන්ම බැට කෑවේ කාන්තාවන්. භීෂණ කාලේ වැඩියෙන්ම බැට කෑවේ කාන්තාවන්. අපි මුහුණ දීපු ගැටලුවලින් ගොඩඑන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිසයි. එතුමා දිවිනැගුම, සමෘද්ධි වැඩපිළිවෙළ තුළින් කාන්තාවන් ශක්තිමත් කරන්න කටයුතු කළා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කළා. ඒ නිසයි කාන්තාවන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අගය තේරුම් අරන් තියෙන්නේ.

මහින්ද මහත්තයා බලයේ ඉන්නකම් කාටවත් එතුමාගේ අගය තේරුණේ නැහැ. එතුමාගේ අගය කාටත් තේරෙන්න පටන් ගත්තේ මහින්ද මහත්තයා ජනවාරි 08 වැනිදා පැරදුණාට පස්සෙයි. එතුමා පැරදිලා වර්තමාන නායකයන් බලය අතට අරන් රට ගෙනියන්නෙ කොයි පැත්තට ද කියල දැක්කම හැමෝටම හිතෙනවා මහින්ද මහත්තයා හිටියා නම් මේවා වෙන්නේ නැහැ නේද කියලා. දැන් බලන්න මහින්ද මහත්තයාගෙයි මේ අයගෙයි වෙනස.

මහින්ද මහත්තයාගේ කාලයේ හොරකම් නැති කළොත් බඩු ලාබෙට දෙන්න පුළුවන් කියලා කිව්වා. දැන් ඒක වෙලා තියෙනවද? මහින්ද මහත්තයා යුද්ධය ඉවර කළාම අපට විශ්වාසයක් ඇති වුණා අපෙ දරුවන්ට හොඳ අනාගතයක හැදෙයි කියලා. දැන් ඒ විශ්වාසය තියෙනවද? රටේ ජාතික ආරක්ෂාව වළපල්ලට යනවා. උතුරේ කොටි ආයෙමත් හිස ඔසවනවා. දැන කාලය ඇවිත් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක අත්වැල් බැඳගෙන රට ගොඩනගන්න.

මම මහ ඇමැති කාලයේ කිව්වා බස්නාහිරටම මහ ඇමැති මම. හැබැයි ගෙදර ගියාම මහ ඇමැති නෝනා කියලා. ඒක ඇත්ත. කවුරු මොන කයිය ගැහුවත් නෝනලා තමයි ගෙදර පාලනය කරන්නේ. මගේ බිරිඳ වතාවක් ඉන්දියාවෙ යද්දි මගෙන් ඇහුවා ළමයි ටික බලාගන්න පුළුවන්ද කියලා. මම හා කියලා බාර ගත්තා. ළමයින්ගේ වැඩ කටයුතු ටික කෙරන විදියවත් මම දන්නේ නැහැ. එයා දවස් හතරයි හිටියේ නැත්තේ මුළු ගෙදරම වෙනස් වුණා. කාන්තාවකට තියෙන වගකීම අපට නිකම්ම කරන්න බැහැ.

කාන්තා දිනය දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අප ලොකු වැඩක් කරන්න ඕනෑ. ඒ නිසා නුගේගොඩට ආව සෙනඟට වඩා වැඩි කාන්තාවන් පිරිසක් කොළඹට ගෙනල්ලා ආණ්ඩුවට අපේ බලය පෙන්වන්න ඕනේ.

ගම්පහ අපිට ලොකු වගකීමක් තියෙනවා. අපි පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණය ගම්පහ දිස්ත්‍රික්කය පරාදයි. ගම්පහ කියන්නෙ වාමාංශික දිස්ත්‍රික්කයක්. අපට දැන් නිදහසට කාරණා කියන්න බැහැ රැවටුණා කියලා. මම දැක්කා චන්දිම වීරක්කොඩි මහත්තයයි ගම්පහ පරාජිත අපේක්ෂකයෝ ටිකකකුයි කියනවා ප්‍රසන්න ගම්පහ පැරද්දුවා කියලා. මම මේකට උත්තර දෙන්න ගියේ නැහැ.

නමුත් දැන් මම ඒකට උත්තරයක් දෙන්න ඕනෑ. දේශපාලන අවබෝධයක් නැතුව කියවන ඇමැතිවරයටයි පරාජිත නියෝජිතයන් ටිකටයි මම කියන්න ඕනේ ප්‍රසන්න රණතුංග නායකත්වය දරපු සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය අපි පැරදුණා. පක්ෂයේ සභාපති සිරිසේන මහත්තයා තමයි නාමයෝජනා කමිටුවේ හිටියේ. සුසිල්, අනුර යාපා පක්ෂ ලේකම් ධූරවල හිටියා. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෝ තෝරන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හිටියා.

එදා මම නාමයෝජනා දිනයට පෙර දිනයේ රණ්ඩු වුණා. සිරිසේන මහත්තයම මට කිව්වා ප්‍රසන්නට දෙන්නේ නැතුව ඉන්න හිටියේ, ප්‍රසන්නට නොදුන්නොත් වෙනම ඉල්ලනවා කියලා මහින්ද මහත්තයා කිව්ව නිසයි නාමයෝජනා දුන්නේ කියලා. ඒ නිසය තමුන්නාන්සේලා මට තුන්ලක්ෂය පන්නල මනාප දුන්නේ. මම යෝජනා කරපු ලයිස්තුවේ හිටපු මෙරිල්, සහන්, සමන්මලී දැම්මා නම් අපි ගම්පහත් දිනනවා. ඒ අයට ඕනෑ වුණේ දිස්ත්‍රික්කය පරද්දන්න. ඒ නිසයි චෝදනාවලට ලක්වුණ අය දැම්මේ.

ඒ අයය අහිංසක ශ්‍රී ලංකාකාරයන්ගෙන් ඡන්දය අරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තට අපට එහෙම පාවාදීම් කරන්න බැහැ. මහින්ද මහත්තයාගේ ෆොටෝ දාල පෝස්ටර් ගහලා මිනිස්සු රැවට්ටුවේ නැත්නම ඔය එක්කෙනෙක්ටවත් පාර්ලිමේන්තු යන්න ලැබෙන්නෙ නැහැ. මම අභියෝග කරනවා පුළුවන් නම් ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙන් ජයග්‍රහණය කරන්න කියලා. මිනිස්සු ඒ අය ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

26 views

3 Comments to “මහින්ද යුගයේ හොරකම් නැවතු ගමන් බඩු ලාබෙට දෙන්න පුළුවන් කිව්වා.. දන් ලාබද..”

  1. gadol says:

    එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේ මේ කාලකන්නි

    එක්සත් ජාතික පක්ෂ වැරදි කම් නිසා

    • Peramuna says:

      පවිත්‍ර නගෝ, තව එක නුඹ වගේ කට තියන ගැනියෙක් හොයාගන දිනපතා මේ නරි රංචුවට දීපන්කො බැට. මුන්ට නින්ද නොයන්න ගහන්න නගෝ. විමලය එලියට එනකන් ගනින් පෙරමුණ.

  2. Saradiel says:

    යමපාලනය

    “රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ…

    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…”

    “….අමන දනන් කෑ ගැහුවත් හතර වටේ …
    ඒවා නොවික්කොත් අප හැම මකර කටේ ”

    “කලු ගල්වලට විකුණාගෙන සීගිරිය…
    සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…”

    “හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට…
    පවරා සිංහරාජය ලී මෝලකට…”

Main News