මහින්ද රට විකිණුවා.. රට ගැන කතා කරන්න ඔහුට අයිතියක් නෑ..

July 24, 2018 at 5:30 pm | lanka C news
මහින්ද රට විකිණුවා.. රට ගැන කතා කරන්න ඔහුට අයිතියක් නෑ..

‘පසුගිය ආණ්වේ අය ඡුන්ද කාලෙට ඇවිත් දේශපේ‍්‍රමය විකුණලා ඡුන්දය ගන්නවා, ඊට පස්සේ තමන්ගේ ගජ මිතුරන්ටයි, පවුලේ අයටයි උදව් කරනවා. ඒක තමයි පසුගිය ආණ්ඩුවේ දේශපේ‍්‍රමය’ යයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා මහතා පවසයි

අමාත්‍යවරයා මේ අදහස් දැක්වුයේ කැගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ අංවාරම හිරිවල මාර්ගයේ 1 වන අදියරේ වැඩ ආරම්භ කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා

පසුගිය ආණ්ඩුව කාළේ මොකක් හරි වැසිකිළියක් විවෘත කලත් ඒකෙත් ගහනවා හිටපු ජනාධිපතිතුමාගේ පින්තූරයක්. එහෙම තමයි එකත් විවෘත කරන්නේ. එහෙම කරලා රුපියල් 20000ක වැසිකිළි බැම්මකට උනත් ඡුායාරූප ගහලා රතිඤ්ඤා පත්තු කරලා උත්සව තියපු පසුගිය ආණ්ඩුව දැන් අපිට කියනවා වැඩ කරන්නේ නැහැ කියලා.

මේ පසුගිය කාලේ යහපාලන ආණ්ඩුව කඩන්න කුමන්ත‍්‍රණ ගොඩාක් කලා. විපක්ෂය හැමදාම කිව්වේ මේ රටේ ෙසෙවරීත්වය නැති කරලා රට බෙදන්න යනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්මයා ප‍්‍රාදේශීය සභා ඡුන්දෙට ඇවිත් කිව්වෙත් රට බෙදනවා කියලා. එත් ගම හදනවා කියලා එතුමා කතා කළේ නැහැ. රට බෙදනවා කියලා තමයි හැම තැනම කිව්වේ. මම අහනවා දැන් රට බෙදුනද කියලා. කිසිදාක එක්සත් ජාතික පක්ෂයේ අපි රට බෙදන්න දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය දිවිහිමියෙන් මේ රට ආරක්ෂා කරනවා. අපේ රටේ, අපේ පක්ෂයේ නායකයෝ තමන්ගේ ජීවිත පූජා කරලා එල්.ටි.ටි.ඊ. ත‍්‍රස්තවාදය නැති කරන්න කටයුතු කලා. මට කියන්න විපක්ෂයේ කවුද යුද්ධය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළේ කියලා. එක්සත් ජාත්ක පක්ෂයේ නායකයෝ කී දෙනෙක් තමන්ගේ ජීවිතය පූජා කලාද, එහෙම තමයි අපි රට ආරක්ෂා කළේ.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ රටේ දේපල විකුණන බවට බොරුවට අපට චොදනා කරනවා. මම අහනවා ඒ අයගෙන් මොන දේපලද අපි වික්කේ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹ හමුදා මූලස්ථානය සින්නක්කරේටම චීනයට විකුණුවා, කොළඹ ගාලූමුවදොර පිටියේ තියන පෝර්ට් සිටියට, කොළඹ අධිආරක්ෂිත කළාපයේ අක්කර 50ක් සින්නක්කරව ලියලා දුන්නා චීනයට. මහින්ද රාජපක්ෂ මහත්තයාට කතා කරන්න පුළුවන්ද ෙසෙවරීත්වය පිළිබදව. ඡුන්ද කාලෙට ඇවිත් දේශපේ‍්‍රමය විකුණලා ඡුන්දය ගන්නේ. ඊට පස්සේ තමන්ගේ ගජ මිතුරන්ටයි, පවුලේ අයටයි උදව් කරනවා. එක තමයි එගොල්ලන්ගේ දේශපේ‍්‍රමය. දැන් අපි ඒවාට ඉඩ තියන්නේ නැහැ. අද වන විට වසර 3ක් වනවා, මේ ආණ්ඩුව ශක්තිමත්. දැන් අපි ණයත් ගෙවාගන, ප‍්‍රතිපාදනත් හදාගෙන ගම සංවර්ධනය කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාවට මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන, හිටපු පළාත් සභා මන්ත‍්‍රී උපුල් බණ්ඩාර, මාවනැල්ල ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රිනී චන්දිමා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු ප‍්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වූහ.

– නිශ්මං රණසිංහ

76 views

13 Comments to “මහින්ද රට විකිණුවා.. රට ගැන කතා කරන්න ඔහුට අයිතියක් නෑ..”

  1. සිංහල කොන්ග්‍රස් says:

    බටහිරයන්ට කඩ‌ේ යන පර ගැති ආගම් වාදීන්ට ජාති වාදීන්ට පරයින්ට ක‌ොහ‌ොමද ද‌ේස ප්‍ර‌ේමය ත‌ේර‌ෙන්න‌ෙ

    • Amda says:

      නෑදෑ පරපුරටම හම්බ කරන්න හදල දෙන මුන්දගෙ කෙරුවාව දන්නෝ දනිති

  2. NAK says:

    Mahinda rata wikunuanam thopi dan kella kella wikunanne kohomada?

  3. buruputha says:

    Bola booru thambiyo Mahindata bari Nam katada yako rata gana katha Karanna puluwan? Thope maha ekai,uge maha ekai,Premayen Dasa vada karapu thope haththane ratai,rate thibuna vatina depolai videshikainta vikke. Tho evele hitiye koheda? Tho dannema ne. Baba ukkun part danna epa ballo. Thoge vesa katata hena gahanna one.

  4. ගම පෙරලමු ශ්‍රී ලංකා says:

    ඇමතිතුමා බය වෙලා…..

    • Asaranaya says:

      අනේ ඇත්තමද කොනකපාල උන්නැහේ කියන්නෙ

  5. Atula says:

    As per my knowledge and the past experience during the war and after the war, I of course felt that as the president of Sri Lanka he did his best for the country mainly by ending the war which was the main issue we all had.

    Thereafter many developments were done which I do not need to list but after this government came in to power nothing has happened.

    Mr. Hashim, please explain the basis of your complaint which I feel is not at all correct.

  6. Karu says:

    Anyway who participated in the meeting held in the central bank just few hours before the infamous bank scam? I remember there was one called Kabir! You are a very honest politician like your boss! Félicitations !

  7. Unper says:

    Anyway who participated in the meeting held in the central bank just few hours before the infamous bank scam? I remember there was one called Kabir! You are a very honest politician like your boss! Félicitations !

  8. Shiva says:

    It was a failed state in 2005 with a negative Growth and terrorists ruled 1/3 of country by imposing tax and running own judicial systems road and railway net work was in dilapidated condition and very poor infrastructure and our Forces were on the run and 2014 it had the best stock market 8 % gdp growth and he high ways new power plants ports and MR raised our country to middle income country Acc to UN and everyone can move with peace and Tamil children are going to schools and UNP and Sirisena destroyed our economy and growth was brought down to 2.6% and national security at risk and our debts has gone up by 50% you can not fool us any more Kabir and your party robbed our central bank is a well know fact sad it is again in the brink of a failed state

    • A citizen says:

      Even after lapse of three and half years of their unsucessful rule, they try to hide their incapabilities and weaknesses by blaming the previous governments . Fortunately , the people in this country are educated enough to observe well and compare , who are good to the nation ,out of all the politicians.Why are you all then ,so scared to hold due provincial council elections, which deprive the most fundamental democratic right of the people to choose their representatives .That itself , people consider a demerit point for you all. The people in this country have not died and born again to oversee the fact it was previous U.N.P.goverments ,who sold all the corporations such as steel corporation , tyre corporation, ceramics corporation etc. to private sector.If you all donot suffer from Election- Phobia,hold the due elections and then people would show you, who was selling and is being selling the national assets, as your own properties very well.

  9. බයවී ඇති තරම මුහුණෙන් පෙනේ හොරගල් ඇහිලූ කබීර් මතක තියාගනින් උඹ සගීර් එකදා නියම් එකදා වැසි වලාවේ චුතවීම අතලංඟය ??????????????

  10. බැදුම්කර වංචාව says:

    හිටපන් තව අවුරුදු එකහමාරක් ඊට පස්සෙ මහ බෑන්කුව කොල්ලෑකෑවට තෝව 20 අවුරුදක් හිරේට, තොගේ දෙශප්‍රෙමය රෙද්ද අස්සේන් බේරේයි එතකොට

Main News