මහින්ද-රනිල් එක් කරන සැලසුමක්.. මහින්දගේ ශරීරයට රනිලගේ හිස.. මෙහෙයුම අභයාරායමෙන් අරඹයි..

June 23, 2021 at 10:22 pm | lanka C news
මහින්ද-රනිල් එක් කරන සැලසුමක්.. මහින්දගේ ශරීරයට රනිලගේ හිස.. මෙහෙයුම අභයාරායමෙන් අරඹයි..

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මුලින්ම ගමන් කළේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයටය.

එහි දී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ඡාවක ද මන්ත්‍රීවරයා නිරත විය.

ආනන්ද හිමියෝ එහිදී සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හිස සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ශරීරය එක් කළ විට මෙරට දියුණු කළ හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතු අයකු බවද කී ආනන්ද හිමියෝ රනිල් සහ මහින්ද එක්ව යුතුය යන මතය මෙරට ජනතාවගේ මුවින් පිට වූ දෙයක් බවද කියා සිටියහ.

තමන් වහන්සේලා මැදිහත්වී වී පත් කරන ලද නායකයන් කවුරුන්දැයි ඒ ජනතාව දැන් තමන් වහන්සේගෙන් විමසන බවද උන්වහන්සේ එහිදී පැවසුහ.

82,349 views

56 Comments to “මහින්ද-රනිල් එක් කරන සැලසුමක්.. මහින්දගේ ශරීරයට රනිලගේ හිස.. මෙහෙයුම අභයාරායමෙන් අරඹයි..”

  1. Dinesh Jayasinghe says:

    Rata maha agadhayakata thallu karapu, maha benkuwa horakam karapu Hambanthota Waraya wikanapu Rata dekata kadanna MCC giwisum gahapu thakkadiyekta meweni prathagana chiwara dhariyek warnanan kirima athishayin nindithai !, Lejjai, salli walata don Juwanla promote karana thakkadi ganagediyo

  2. මම 69 න් එකෙකී. says:

    කට අරින තරමට තමයි හැමෝගෙනම තරම කෙරෙන්නේ.

  3. මම 69 න් එකෙකී. says:

    ඊට වඩා හොඳ නැද්ද බැසිල් රාජපක්ෂ මහතයි රනිල් වික්‍රමසිංහ මහතායි එකතුකරලා රට කරවන්න දුන්නා නම්. අඩුමගානේ අපිට හරි සැපක් විදලා මැරෙන්න පූළුවන්. දැන් තමයි තේරෙන්නේ රට ජාතිය ආගම අනාගත පරපුර විනය ඔක්කෝම බොරුවක්. එහෙම තිබ්බ එකම බලාපොරොත්තුව ගොඨාභය මහත්තයා නැතිම කරලා දැම්මා. මම කවදාවත් UNP ඒකට ජන්දය දීලා නෑ. හැබැයි උන් එක්ක හිටියනං අපිත් සම්තිං එකක් හොයා ගෙන පූල් පව් එකේ ඉන්නවා Thanksගොඨා අපේ හීන ඉක්මනින් විදලා දැම්මට.

Main News