මහින්ද-රනිල් සුදු පාට වුනේ ධනපති පංතියේ නිසා.. මං කළුපාට වුනේ නිර්ධන පංතියේ නිසා..- අනුර කියයි.. [එතකොට තොණ්ඩමන්.. තිලංග]
June 7, 2017 at 10:40 am | lanka C news![මහින්ද-රනිල් සුදු පාට වුනේ ධනපති පංතියේ නිසා.. මං කළුපාට වුනේ නිර්ධන පංතියේ නිසා..- අනුර කියයි.. [එතකොට තොණ්ඩමන්.. තිලංග]](https://lankacnews.com/wp-content/uploads/2017/05/anura.jpg)
මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ සුදු පාටින් බැබලි බැබලි ඉන්නේ ධනපති පංතියේ නිසා බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
තමන් කළු පාටින් ඉන්නේ නිර්ධන පංතියේ නිසා බවද ඔහු සදහන් කලේ හිගුරක්ගොඩදී පැවති ජනහමුවක් අමතමිනි.
කෙසේ වෙතත් ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහනා මහින්ද-රනිල් දෙන්නාටම වඩා සුදු පැහැයෙන් යුක්ත බව ජවිපෙ නායකයා මතක් නොකලේය.
ජවිපෙ නායකයාගේ තර්කය අනුවම ආරුමුගම් තොණ්ඩමන්ද, තිලංග සුමතිපාලද මෙන්ම මෙරට සුපිරි ධනපතියෙක් වන නවලෝක මුදලාලි කළුම කළු පැහැය නිසා නිර්ධන පංතියේ අඩියේම සිටි.
කෙනෙකුට අවශ්‍ය නම් ඇමති සජිත් පේ‍්‍රමදාසගේ න්‍යාය අනුව කොට නිසා අනුර දිසානායක කම්කරුද උස නිසා ටිල්වින් සිල්වා සිකිරුටි ලෙසද ගත හැක.