මහින්ද-රවී හමුවේ.. සජිත් අපේක්ෂක කලොත් තමන් ඇතුළු 08ක් එජාපයෙන් ඉවත් වන බව දන්වයි..
August 15, 2019 at 12:02 am | lanka C news
හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් ආසන්න දිනකදී සිදුවී ඇති බව සිරස රූපවාහිනි වාර්තා කළේය.
යම් ලෙසකින් සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් තමන් ඇතුළු අට දෙනෙකු පමණ පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමට සූදානම් බව රවී කරුණානායක මහතා එහිදී පවසා ඇතැයිද වාර්තාව පැවසීය.
කෙසේ වෙතත් ඊට මහින්ද රාජපක්ෂ මහතා නිශ්චිත පිළිතුරක් දී නැති බවද එම වාර්තාවේ කියැවින.
Horu epooo. Gota aniwaryen dinanawa. Eliye hitapu horu lagatawath ganna epa