මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ…

December 19, 2018 at 6:32 am | lanka C news
මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ…

පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට වත්මන් ආණ්ඩුව පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේද කියා සිටියේය.

“මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ රටේ පාලනය එසේත් නැතිනම් රිමෝට් කර්ට්‍රෝල් එක දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කර ඇති බවයි. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන නව ආණ්ඩුව සමග ඉදිරි දින වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් විශාල පිරිසක් එක්වීමට නියමිතයි.ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දින වලදී මනාව දැක බලා ගත හැකිය.එසේම පත්වූ නව ආණ්ඩුවට රිමෝට් කන්ට්‍රෝල් එකක් කිසි විටෙකත් නොමැති බවත් පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට මේ ආණ්ඩුව පත්වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බවත්, නව රජයේ එම බලය ඇත්තේ රටේ මහජනතාව අතර බවත් මතක් කරනු කැමැත්තෙමි

– මාධ්‍ය ඒකකය ජාතික හෙළ උරුමය

84 views

19 Comments to “මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඇත්තේ සිය පවුලේ ගෙදර කුස්සියේ…”

  1. සිංහල බන්ඩා says:

    චම්පුකය මහින්දට අවලාද කියන්නෙ ‘අපි යූඑන්පී’ ගොන්නුන්ගෙ සමප්‍රදායක යූඑන්පී කාරයින්ට ලැබෙන චන්ද ඌ බාගන්නය්. සූජිවයලට කෙලවෙනවා සත්තය්.

  2. හැකහැක says:

    මහින්දගේ ග‌ෙදර කුස්සියයි තමුසලොගේ ආණ්ඩුවයි කියන ද‌ෙ‌කම control කරන තැනක් තමා පල්ලිය …තමුසේ අන්න ඒක හොඳින් මතක තියා ගන්නවා…. තමුසෙලාව මිනිස්සු ලගදිම කුරැසේ ඇණ ගහනවා.

  3. හෙල කරුමය says:

    මොහුට ලැබී තිබෙන කාර්යභාරය රාජපක්ෂලාගෙ වැරදි හොයන එක.රට ජාතිය ආගම විනාශ කරන එවුන්ගැන මුන්ට පේන්නෙම නැහැ.බෞද්ධයාගේ ඡන්ද වලින් හාමුදුරුවරුන්ගෙ කරපිටින් ඇවිත් බෞද්ධයා නැතිකරන එවුන්ට උඩගෙඩිදෙන වසලයෙක්.

  4. Sadda says:

    ඒක එහෙම නොවේනම් , ඊයෙ පෙරේද මැජික් 113 හදාගන්න ශ්‍රීලනීපයේ ඉන්නවනම් හිගන්නො කීපදෙනෙකුට බුලත් ඇල්ලුවා නේද ගොනෝ.?

  5. chandapala says:

    UNF එකේ රීමෝට් එක තියෙන්නේ TNA එකේ කක්කුස්සියේ

  6. Kings says:

    ඡන්දයක් තියල බලමුකො මුලු රටේම ජනතාව කොහෙද ඉන්නෙ කියල. බොරු පූචානම් කියවනව ඡන්ද වලට බය මිනිස්සු.

  7. The people in our motherland are fully convinced that you are being controlled by the Remote control at the Sirikotha toilet , while Don Juan and his party are controlled by the Remote control at the Toilet, at the T.N.A . ‘s office building at Jaffna.

  8. සෑම් says:

    මේ රටේ මිනිස්සු විරුද්ධ පවුල්වාදයට නෙමෙයි … රට ජාතිය ආගම පාවාදෙන, බැංකු මංකොල්ල කන, ජරාව කකා ඒ් පැත්තට මේපැත්තට පනින, කාලකන්ණි දේශපාලුවන්ට… කරුණාකරලා මේ රටේ සාමාන්‍ය ජනතාව සේරම මී හරක් නොවන බව තේරුම් ගන්න …

  9. Janathaawa says:

    The patriotic people in our country are fully determined and energized to teach you a unforgettable lesson at the very near , forthcoming Elections for betraying the patriotic people in our Motherland. The people are fully aware that it is you , who clean the toilets at the SIRIKOTHA .

  10. Danwath kata wahagena weda karapan miniho tna ekath ekka Wairaya pthuruwanne nathuwe

Main News