මහින්ද රාජපක්ෂට තියෙන්නේ බෝධිසත්ව ගුණ..

July 29, 2020 at 6:48 pm | lanka C news
මහින්ද රාජපක්ෂට තියෙන්නේ බෝධිසත්ව ගුණ..

යුද්ධයෙන් ප්‍රභාකරණ්ට රට බෙදිමට ඉඩ නොදුන්නාසේම ඡන්දයෙන් සම්බන්ධන්ට රට බෙදිමට ඉඩ නොදෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහතික වෙයි. ඔහු පෙන්වා දෙන්නේ උතුරට ගොස් කවුරු කෙලෙස කුමන ගිවිසුම් ගැහුවත් මෙවර මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුව බවයි. ඒ නිසා රට බෙදීමට කිසිදු ඉඩක් නැතැයි ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහාතාගේ ජය තහවුරු කිරීම සදහා ඊයේ (28) මිනුවන්ගොඩ සතිපොළ භූමියේ පැවති ජනහමුවේ දි අගමැතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කිවේය.

“මේ දවස්වල  රැස්වීමකට ගියාම ඒ රැස්වීම සංවිධානය කරන අපේක්ෂකයා ගැන කියවෙන්න ඕනේ. එයා ගැන හදුන්වලා දෙන්න ඕන. ඒත් අද මේ ප්‍රසන්න රණතුංග ඇමතිතුමා සංවිධානය කරන රැස්වීමේ මට එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ප්‍රසන්නව මට අලුතින් හදුන්වලා දෙන්න දෙයක් නෑ. ප්‍රසන්න රණතුංග තමයි මෙහෙ ඉන්න ජනප්‍රියම නායකයා. 2015 අපි පරාද වුණාට පස්සේ අපිව අත් හැරලා යන්නේ නැතිව එකට ඉදගෙන බැසිල් රාජපක්ෂ මහත්තයාත් එක්ක ඉතා කිට්ටුවෙන් සම්බන්ධ වෙලා පොහොට්ටු පක්ෂය නිර්මාණය කරන්න ප්‍රධාන වැඩකොටසක් කළේ ප්‍රසන්න. ප්‍රසන්න ඒ සදහා කරපු කැප කිරීම අපත්, මේ රටේ ජනතාවත් කිසි දිනක අමතක කරන්නේ නෑ.

1946 හදපු එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියා  1951 බණ්ඩාරනායක මහත්තයා. ඩී.ඒ. රාජපක්ෂ මහත්වරු ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වී කටයුතු කළා. 1970 අපි මන්ත්‍රීවරු වුණේ, මන්ත්‍රීකම් දැරැවේ, අගමැතිකම් දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මට ඒක අමතක නෑ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිව  ඉවත් කළාම අපිට පක්ෂයක් හදන්න සිදු වුණා. ඒ අනුව තමයි අපි පොහොට්ටුව හැදුවේ. අද පොහොට්ටු පක්ෂය තමයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය බවට පත්වෙලා තියෙන්නේ.

පළාත් පාලන මැතිවරණයේ 71% ආසන ජයග්‍රහණය කරලා පොහොට්ටුව වාර්තාවක් තිබ්බා. පහුගිය ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථා කළාට පළාත් සභා තිබ්බේ නෑ. මැතිවරණ කල් දැම්මා. පළාත් සභා ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයකින් අරගෙන අපි ජයග්‍රහණය කළා. අපි ආණ්ඩුවක් පිහිටෙව්වොත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ විපක්ෂයට. ජනතාවට සහන සැලසීමට ගෙන ආ යෝජනා සම්මත කර ගන්න විපක්ෂය ඉඩ දුන්නේ නෑ. ඒ නිසායි අපි මැතිවරණයකට ගියේ.

මෙරට ඉතිහාසයේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය  2005 න් පස්සේ එළඹුණු අපේ ආණ්ඩු කාලය ප්‍රසිද්ධියේ නොවුණත් ඒක විරුද්ධ පක්ෂය පවා පිළිගන්නවා. තිස් අවුරුදු යුද්ධය අවසන් කළා. බියෙන් සැකෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් රට තුළ නිර්මාණය කළා. නිදහස් ලැබුණා. යාපනයේ කෙනෙකුට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුවටත්, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවේ යා හැකි වාතාවරණයක් ගොඩ නැගුවේ අපේ ආණ්ඩුවයි. අද සමහරුන්ට ඒක අමතක වෙලා. අපි ඡන්ද බලාගෙන යුද්ධය අවසන් කළේ නෑ. රට සංවර්ධනය කළෙත් නෑ. උතුරේ පළාත් සභා මැතිවරණය තියන්න හදපුවාම හුගක් අය කිව්වා ඒක කරන්න එපා කිව්වා. නමුත් උතුරට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නනම් ඡන්දය තියන්න ඕන කියන ස්ථාවරයේ අපි හිටියේ. අපි හැමදාම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළා. ඒක රැක්කා. අපි එහෙම කටයුතු කළ නිසයි උතුරේ අයට ඒ අයිතිය ලැබුණේ. එදා ප්‍රභාකරණ් තුවක්කුවෙන් ගන්න හදපු දේ අද සම්බන්ධන්ලා ඡන්දෙන් ගන්න හදනවා. ප්‍රභාකරණ්ට යුද්ධයෙන් රට බෙදන්න ඉඩ නොදුන් අපි කිසිලෙසකින් එය  කරන්න ඉඩ දෙන්නේ නෑ. සමහරු උතුරට ගිහිල්ලා මොන ගිවිසුම් ඒ අයත් එක්ක ගැහුවත් අපේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ නිසා රට බෙදන්න කිසිදු ඉඩක් නෑ.

පහුගිය යහපාලන ආණ්ඩුව තිබු වසර 05 මේ රටේ අදුරුතම අවුරුදු 05. ජාතික ආරක්ෂාව බින්දුවට බස්සපු ආණ්ඩුවක් පාස්කු ප්‍රහාරය ගැන සියලු තොරතුරු දීලා තියෙද්දී, ත්‍රස්තවාදීන්ගේ හැදුනුම්පත් අංකය පාවා දීලා තියෙද්දී පහුගිය ආණ්ඩුව ඡන්දය හදාගෙන නිහඩ වුණා. අද ඒ ගැන හෙළිදරව් වන තොරතුරු වලින් එය තහවුරු වෙනවා. ඡන්දයක් නිසා රටක් පාවා දෙන්න පහුගිය ආණ්ඩුව කටයුතු කළා. පාස්කු ප්‍රහාරය සිදු වුණේ පහුගිය ආණ්ඩුවේ නොසැලකිල්ලෙන්. ඒ පාපයෙන් මිදෙන්න යහපාලනයට බෑ. ඒ විදිහට රට විනාශ කරපු අය තමයි අද අපි සමග තරග කරන්නේ.

යහපාලනය රටට කිසිම වැඩක් කළේ නැති නිසා තමයි සජිත් අද කොළඹට පැන්නේ. සජිත් කොළඹට ආවේ හම්බන්තොට ජනතාව පාවා දීලා. නායකයන් පත් කර ගැනීමේ දී ඔහු රටට වැඩ කර තිබෙනවා දැයි සලකා බැලිය යුතුයි. ජනාධිපතිවරයා ඉන්න පක්ෂයෙන් පාර්ලිමේන්තුව තිබුණේ නැත්නම් රට ඉදිරියට යන්නේ නෑ. රට දියුණු කරන්න ඕනේ නම් ජනාධිපතිවරයා ජයගත්තා වගේම පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළ යුතුයි. රට සංවර්ධනය කළ හැක්කේ ජනපතිත්, අගමැතිත් එකම පක්ෂයකින් පත් වුණොත් පමණයි. ජනාධිපතිවරයාගේ ඔබ අනුමත කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් අගමැතිවරයා හා  ආණ්ඩුවත් එකම පක්ෂයකින් පත් විය යුතුය.

මෙවර අපි පොහොට්ටුවෙන් ඉදිරිපත් කර තිබෙන්නේ වැඩ කළ හැකි පිරිසක්. විශේෂයෙන්ම ඕන  කණ්ඩායමේ නායක ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස සුවිශේෂයි. ප්‍රසන්න කියන්නේ වැඩ කළ හැකි නායකයෙක්. අපේ ආණ්ඩුවට ප්‍රසන්න අත්‍යවශ්‍යයි. ඒ නිසා ප්‍රසන්න රණතුංගව අපිත් එක්ක ආයෙත් වැඩ කරන්න ඉහළම මානාපයෙන් පාර්ලිමේන්තුවට එවන්න.

දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා

ඔබතුමා පරාජයට පත්වෙච්ච දවසේ ඉදන් අපට තිබුණේ  එක අරමුණයි. ඒ ඔබතුමා නැවත මේ රටේ නායකත්වට ගේන්න. අපි අවුරුදු හතර මහාරක් තිස්සේ කරපු පොදුජන අරගලයේ අවසන් සටන තමයි ඒ. මේ සටන අපි එදාට ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. ඒ සටනෙන් පස්සේ  අපි තවත් සටනක් පටන් ගන්නවා. ඒ සටනට නායකත්වය දෙන්නේ වසර 30 ක් පැවති කොටි යුද්ධය අවසන් කරපු නායකයන් දෙපළ. ඒ සටන තමයි සංවර්ධන සටන. රට දියුණු කිරිමේ සටන. අපි ඒ සටනේ දීත් එදා අද වගේම අනාගතයේදීත් ඔබතුමා සමග ඉන්නවා.

මහින්ද රාජපක්ෂ කියන්නේ බෝධිසත්ව ගුණ තියෙන නායකයෙක්. තමන්ට තමන්ගේ පවුලට විණ කරපු අයට සමාව දෙන්න පුළුවන් එහෙම නායකයෙකුට විතරයි. යහපාලන ආණ්ඩුව කාලයේ මහින්ද මහත්තයාගේ පවුලෙන් අපෙන් විතරක් නෙමෙයි රටෙන්ම පළිගත්ත යහපාලන නායකයන්ට සමාව දෙන්න මහින්ද මහත්තයාට පුළුවන් වෙලා තියෙන්නේ ඒකයි. මන්දා මට නම් ඕක කර කරන්න බෑ. ඒකයි මම කියන්නේ මහින්ද මහත්තයා බෝධි සත්ව ගුණ තියෙන නායකයෙක් කියලා.

මේ රට නැවත ගොඩගන්න පුළුවන් මහින්ද – ගෝඨාභය සුසංයෝගයට විතරයි. ඒ නිසා මෙවර අපිට එදා 2015 දි කරපු වරද නිවැරිදි කරගන්න අවස්ථාව ලැබි තියෙනවා. එදා යහපාලනයේ සිටි අය අද දෙපැත්තට බෙදී ඇණ කොටා ගන්නවා. මොන විදිහට ආවත් යහපාලනයේ හිටපු හැමෝම පහුගිය වසර හතර හමරේ සිදු වූ විනාශයට වග කිව යුතුයි. ඒ පාපයෙන් මිදෙන්න කිසිවෙකුට බෑ. ඔය බැටළු වෙස් ගෙන එන ව්‍යාඝ්‍රයන්ට රැවටෙන්න එපා.

මහාචාර්ය ජී.එල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ලේකම් රේණුක පෙරේරා යන මහත්වරුද මෙහි දි කථා කළහ. මාධ්‍යවේදි ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචිත ප්‍රසන්න පොදුජන අරගලයේ නොකී කථා ග්‍රන්ථය අගාමාත්‍යවරයා වෙත පිරිනැමීම ද මෙහි දී සිදු විය.

– ප්‍රදීප් අනුර කුමාර

258 views

18 Comments to “මහින්ද රාජපක්ෂට තියෙන්නේ බෝධිසත්ව ගුණ..”

  1. AK47 says:

    ඒක තමයි අපි කියන්නෙ මෛත්‍රී බුදුන් ලෙස මතු බුදු වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා.

    • AK47 says:

      ජෙප්පෝ ඉස්ස්සර ගෙවල් වලට පැනලා, මිනිස්සු මරලා බත් මුට්ටි ඉස්සුවා. දැන් අපි කොමෙන්ට් කරණ නම් උස්සනවා. මෙදා සැරේ මිනීමරු ජෙප්පන්ට 1%ත් නෑ.

    • දේවක says:

      මහින්ද මැතිතුමා බුදු හාමුදුරුවන්ගෙ නෑයෙක්. ඒ නිසා මෛත්‍රී බුදුන් වීමට වැඩි ඉඩක් තියෙනව.

  2. රජරට බයියා says:

    රටේ ජනතාවගේ ජීවිත 2009 දී බිහිසුණු මිනීමැරු කොටින් ගෙන් බේරා ගත්ත එකම මදැයි එතුමාගේ බොධිසත්ව ගුනය ගැන පේන්න.යුද්ධය පෝෂණය කලේ නැහැ.

    අගොස්තු 05 න් පොහොට්ටුව ආන්ඩුව ජනතාව සෞභාග්‍යය කරා ගෙනයන බව ස්තීරයි.

    එකතු වෙමූ. රට නගමු.අපි දිනමු.

  3. රු 5000 න් කාර් එකක් ගත් මාතර සුනිල් says:

    හනේද කියන්නේ. මේ ඇඟේ තරමට මොලේ වර්ධනය වෙලා නැති මොන්ටිසෝරි කප්පම් ප්‍රැන්නය මෙච්චර කල් නොකැවේ ආගම විතරයි. දැන් ඒකත් කාපන්. පර බල්ල. මූට නෙමේ මූට නාමයෝජනා දීපු එකාට තමා මඩු වාලිගෙන් තලන්න ඕන.

  4. Saradiel says:

    ගව ගාතනය සම්පුර්ණයෙන් තහනම් කරමු

  5. Mtmmanvar says:

    Ane Pala yanna A prasanna Ranatunga. Tho danna kehelmala. Toge thahtha hitiyoth thota gahanne ilapaten.

  6. Mad says:

    අසත්පුරුෂයෙකුට බෝධිසත්වයෙක් හදුනාගැනීමේ හැකියාව නෑ.ඔහු කියන්නෙ ඔහු සිතා සිටිනව බෝධිසත්වයෙක් කියන්නෙ මේ ආකාරයේ කෙනෙක් කියා..

    • වයි දිස් කොලවෙරි says:

      සමහරු තාමත් හිතන් ඉන්නවා වරායේ නැවු එන්න බැරි තඩි ගලක් තියනවා කියලා.

      • දේවක says:

        ඔයාගෙ අම්මගෙ හොර මිනිහද එහෙම හිතන් ඉන්නෙ?

  7. asela says:

    muoo maara NADI tikak allanne,,,, nathnam me wage ahaka yana Haal pauwekta amathikam deyida Mahinda Rajapaksha…..!!!

  8. MDD says:

    KOHOMADA MEKA DENEGATHTHE

    • ජෙප්පා says:

      මාවනැල්ලෙ බුදුපිළිම කඩපු සහරාන්ගේ ගෝලයා අල්ල ගත්ත වෙලාවේ “ඒ මනුස්සයා අහිංසකයෙක්. මානසික රෝගියෙක්” කියල අනුර ස’ කිවුවනේ. අන්න ඒ බව හොයාගත්ත විදිහට තමා මේකත් හොයා ගත්තේ.

      • ජෙප්පා says:

        අනුර ස’ ට ඔක්කොම පේනවා. අනුර ස’ ඔක්කොම දන්නවා. අනුර ස’ දැනගෙන හිටියේ නැත්තෙ 3යි.
        1.) ඊබ්‍රහිම් නානා ගම්මිරිස් ප්‍රති අපනයනය කරණ බව
        2.) ඊබ්‍රහිම් නානාගේ පුතාලා ත්‍රස්තවාදියෝ බව
        3.) ඊබ්‍රහිම් නානගේ පුතාලා දළදා මාලිගාවටත් ගහන්න හිටිය බව

  9. ajith says:

    for the last 72 years all these politicians have raped the country. Mun okkoma horu. 34,000 families in Colombo district has no toilets.

    • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

      ලී කුවාන් යූ සිංගප්පූරුව ලංකාවක් කරනවා කියනකොට ලංකාව කියන්නේ සියලු දේ හදලා පිටරටට අපනයනය කරමින් හිටිය රටක්. ධනපතියන් නැති කල යුතුයි කියල මානසිකත්වයක් ගොඩනගපු ජෙප්පො, අර කර්මාන්තශාලා සියල්ල පිච්චුවා. ව්‍යාපාරිකයින් සහ ඒවගේ වැඩ කරපු මිනිස්සු 90,000ක් මැරුවා. ආසියාවේ දෙවන ආර්ථිකය අවුරුදු 2කින් බින්දුවටම බැස්සුවා. JR විවුර්ත ආර්ථිකේ ගෙනල්ල ඉතුරු ටිකත් ෆ්ලැට් කරලා දැම්ම.
      ජෙප්පන් රටට විනාශයකි.

  10. Justin says:

    A member of the family of roughs in the Minuwangda area praising a similar notorious family member of Hambantota. These idiots must be thinking we don’t know history and are gullible to the lies they preach on political structures.