මහින්ද රාජපක්ෂ උත්සාහ කරන්නේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමටයි…

April 25, 2022 at 12:03 am | lanka C news
මහින්ද රාජපක්ෂ උත්සාහ කරන්නේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමටයි…

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මේ උත්සාහ කරන්නේ මේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවේත් අගමැති තමා බවට මහින්ද රාජපක්ෂ අද කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.

“අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ එතුමට අගමැති වෙන්න නෙමෙයි. එහෙම නම් සර්ව පාක්ෂික ආණ්ඩු ඕන නෑ. එතුමට අගමැති විදිහට ඉන්න පුලුවන්.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නෙ රාජපක්ෂලා නැතිව මේ රටේ තියන ප්‍රශ්න ටික විසඳන්න. ගෝඨාභය රාජපක්ෂට එකපාරට ජනාධිපති කමින් ඉවත් කරන්න බැරි නිසයි අපි මේ යෝජනාව ගෙනාවෙ.

මේ රටේ පාරට බැහැලා අරගල කරන තරුණයින්ගෙ ඉල්ලීම් කීපයක් තියනවා. එකක් ‘ගෝඨා ගෝ හෝම්, ‘රාජපක්ෂස් ගෝ හෝම්’ මේක තෙරුම් නොගන්න එක ඛේදවාචකයක්.

මේ ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්න අපි උත්සාහ කරනකොට ඒකට විසඳුමක් හොයාගන්න බැරිනම්, ඒ අයගෙ බලය තියාගන්න ඕන කියලා හිතනවා නම් ඔහොම කරගෙන යන්න… මිනිස්සු තීරණයක් ගනීවි. අගමැතිවරයා හදන්නෙ මේ රට ලේ විලක් කරන්න

හැබැයි එතුමා දන්නෙ නෑ… තව විකල්ප තියනවා අපට. තව වැඩ පිළිවෙළ රාශියක් තියනවා අපිට. මේ වෙලාවෙ ඒක කියන්නෙ නෑ. බලන් ඉන්න”

56,961 views

19 Comments to “මහින්ද රාජපක්ෂ උත්සාහ කරන්නේ රට ලේ විලක් බවට පත් කර මහා ව්‍යසනයකින් සියල්ල අවසන් කිරීමටයි…”

  1. Janaranjana says:

    මහින්ද කියන්නේ විෂඝෝර සර්පයෙක්. බලයට කෑදර මේ තිරිසන් මිනිහ තම පවුලේ සුඛවිහරණය වෙනුවෙන් මේ රටේ සියලුම මිනිසුන් මැරුනත් කිසිම වගක් නෑ .මේ මිනිහ මේ රටේ අහිංශක ජනතාවගේ මුදල් මංකොල්ලකාල දරු මුණුපුරෝ වෙනෙවෙන් ඒවා විදේශ වල තැන්පත්කරල රට බංකොලොත් කලා හැරෙන්ඩ වෙන මොනවද රටට කලේ. මේ මිනිහ යුද්ධයට කිසිම දායකත්වයක් දුන්නේ නෑ. සරත් පොන්සේකල ගෝටාබයල යුද්ධයට නායකත්වය දෙමින් වීරෝධාර රණවිරුවන්ගේ අසීමිත කැපවීමෙන් යුද්ධය කරද්දී උදයංගල වගේ තම පවුලේ අය දමා ආයුධවලින් කොමිස් ගසමින් LTT සංවිදානය සතුව තිබූ මුදල් සහ රත්තරන් තමන් සන්තක කර ගැනීම පමනයි කලේ. මේ මිනිහ වහාම ඉවත් නොකලොත් මේ රට ලේ විලක් වීම කිසිසේත් වැලක්විය නොහැකියි. ජනාධිපතිතුමනි රට ලේ විලක් කරනවද? අයියව තව දුරටත් පෝෂණය කරනවද? තීරනය ඔබ අතේ .

    • ගෝටා ගෝ ගම ගෝපයියෝ says:

      ගෝටා ගෝ ගම ගෝපයියෝ කියන්නේ ඉතාම අමානුෂික නවක වදය හිනා-මාන සොදුරු මිනිස්සු හීනියට ගංජා සුරුට්ටුවක් ඇදගෙන රෑට කූඩාරමට තමුන්ගේ ජාතියේම ගෝපයියාවියක් ගෙන්නාගෙන බැක්සයිඩ් මසාඡ් දීලා උදේට බුද්ධාගම එපා දාලදාමලිගාව සමතලා කරන්න ඕනා වගේ කතා කියනසර්වසාධාරණ

      මිනිස්සු අන්න ඔය ගොපයියාවියෝ තමා පොලිසියට මල් දෙන්නේ

    • බයි says:

      මහින්ද නැතිනම් අද රටේ තියෙන්නේ දෙමල පාලනයක්. මහින්ද නැතිනම් මුස්ලිම් කොලනි බිහිවෙලා ඉවරයි. මහින්ද සිංහල නායකයා. අද අරගල කරන්නේ එදා මහින්දට ඡන්දෙ නොදුන්න අය. මහින්ද පාක්ෂිකයන් හැමදාම මහින්ද එක්කමයි.

  2. SL says:

    MAHINDA AND ENTIRE GVT GO HOME. NEED A ALL PARTY GVT /CONTROL BODY ASAP.

    MAHINDA GO HOOOOOOOOOOOOOOOOOOOOOOOME

  3. ජගත් says:

    මූ බලන්නේ හිටං හුටං සිරිසේන ආපසු බලයට ගේන්න පාර කපන්නයි. පාස්කු ප්‍රහාරයට ප්‍රධානම හේතුව හිටපු ජනාධිපති ගේ දුර්වලතා බව පැහැදිලිය. උඹල ඔක්කොම ගෙදර පලයව්. ආපසු චන්දයක් තියෙන්න මුදල් නොමැති නිසා තවත් ටික කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න හොර නඩය තියාගන්න වෙනවා. නමුත් ඊට පස්සේ තොපි ඔක්කොම ගෙදර යන්න ඕනෑ.

  4. Asoka says:

    මන්ත්‍රීතුමා ඔබ පුකාශයක් කරන්න වියවස්ථානුකූලව මැතිවරණයක් තියල මහජන චන්දයෙන් එහෙම පත්වෙන ඕනෑම කෙනෙකුට අවිධිමත් නීතයානුකූල නොවන කණ්ඩායමකගෙ ඉල්ලීමකට එහෙම රට බාර දෙන්න පුළුවන්ද? මේ තර්කය ඔබටත් පොදුයි.

  5. Balana Rala says:

    Mr. Dayasiri, honor the constitution first. Read it from your heart.
    President Gotabaya could easily put your leader Sirisena behind bars for his neglecting of his responsibility over Easter attack….this is what you are trying to prevent from happening….and you want more and more powers…..ministerial portfolios….😴 People are aware of how you did your cross overs…. anyway, this is different.

Main News