මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් කරයි…

June 21, 2022 at 8:02 am | lanka C news
මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් කරයි…

රටේ දරුවන් වෙනුවෙන් ඉදිකළ බොහොමයක් ක්‍රීඩාංගණ නිසි ප්‍රයෝජනයක් නොගැනීම තුළින් ඉක්මනින් විනාශයට පත් වෙනවා. එසේ වීමට ඉඩ නොදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කඩිනමින් සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට සහභාගී වූ අවස්ථාවේ දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

අලුතින් ක්‍රීඩා පහසුකම් හදන්න කලින් තිබෙන සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. දැනට තිබෙන ක්‍රීඩාංගණ සංවර්ධනය කර එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. මේ වාගේ ක්‍රීඩාංගණ අභාවයට යාමට නොදී රැකගත යුතු අතර භාවිතා නොකර අත හැරියොත් ඉක්මනින් විනාශයට පත් වෙනවා. ඒවා නඩත්තුවට විශාල වියදමක් දරන්නට සිදුවෙනවා. රටේ දරුවන් වෙනුවෙන් ඉදි කළ බොහොමයක් ක්‍රීඩාංගණ වලින් නිසි ප්‍රයෝජනයක් නොගැනීම ගැන මම කණගාටු වෙනවා.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ වර්තමාන තත්තවය දැක්කාම විශාල සංවේගයක් මට ඇති වුණේ. ඇතැම් ඉදිකිරීම් නටඹුන් තත්ත්වයට පත් වීගෙන එනවා. මෙහි වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් මම කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමට බලපොරොත්තු වෙනවා. ඉදිරියේදී එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට භාරදී හෝ රාජ්‍ය පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වැඩසටහනක් යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.

ජාතික සම්පත් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් භාවිතා කරීමට පහසුකම් සැපයීම අපේ වගකීමක් වෙනවා. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මා නිරතුරුවම බලාපොරොත්තු වන්නේ රාජ්‍ය අංශයෙන් හෝ පෞද්ගලික අංශයෙන් උදව් අරගෙන අපේ දරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කර දීමටයි.

අද අපි ගන්නා නිවැරදි තීන්දු තීරණ අනාගතයේ දී අපේ රටෙන් බිහිවන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා බෙහෙවින් ඉ‍වහල් වෙනවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසුරිය මහතා, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අධ්‍යක්ෂ ජනරාල් රෝහන බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

45,986 views

8 Comments to “මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් කරයි…”

  1. Sam says:

    Mun mewa haduwe horakana maragayak karaganna misak anagatha parapurak gena hithala neweyi.hithuwe unge parapura gena . Plane nathi airport, nawu nathi port, income eakak nathi kulunu, pennala modayinta kiwwa rata sanwardhanaya kala kiyala. Okunge pawulata dawa ipadena eawun pawa wandi gewanna oni me naki para haththa ratata karapu winaseta. Kunuwela panuwo gahala thopi marenne.

  2. අනේ පව් නොදී පලයව් says:

    අතනින් මෙතනින් බත් ඇට අහුලන්නෙ නැති ව තොලොංචි වෙලා පලයල්ලා පුළුවන් එකෙක් ට රට කරන්න දීලා.

  3. The Funeral Director says:

    එතකොට ඔය දියගම කීුඩාංගනයෙ අධ්‍යක්ෂ ජනරාල්ට මෙචිචර කල් පඩි නඩි , වාහන , දීමනා ගෙවල තියෙන්නෙ අහවල් අලේටද? ඉස්සෙල්ලා ඔය නිකමාව අයින් කළොත් නරකද? කලින් හිටිය කීුඩා ඇමති රති කීුඩාව කොලා මිසක් මෙවිවා බලා නැද්ද ?

  4. Kdtv says:

    පේමදාසගේ නමට පිට්ටනියක් තියනවනම් එයාටත් ඔන වෙන්න ඇති මහින්ද ක්‍රිඩාන්ගනය
    බන්ඩාරනයක ගුවන්තොටුපලක් වගේ එයාලගෙ පැත්තේත් ගුවන්තොටුපලක් , සම්මන්ත්‍රනශාලාවක් , මෙයාටත් හදගන්න ඔනා උනා.
    නෙලුම් කුලුනු, නෙලුම් පොකුනු.
    මේවා උවමනා දේවල් නම් හදන එකේ ප්‍රශ්නයක් නැ.
    හදන්නේ කොහෙද?
    මේවගෙ ආදායමෙන් ඒකට ගත්තනය ගෙවන්න පුලුන්ද බලපු කෙනෙක් නෙවෙයි මෙයා (මෙයා විතරක් නෙවෙයි මේ දෙපැත්තෙම කාලකන්නි ඔක්කොම පාහේ)
    මුට පුලුවන්නම් ලන්කාවෙ නමත් වෙනස් කරලා උගෙනමේ කෑල්ලක් දාගන්නවා.
    මිනිස්සුන්ට ලැජ්ජ නැ.
    දැන් අපි ඔක්කොම විදවමු.

  5. පොඩි එකා says:

    ඕකෙ නම වෙනස් කරපිය.

    මයින් ද ජරාපස්ස කීඩාංගෙනේ වෙනුවට දාපිය ජාතික ක්‍රීඩා පිටිය වගේ නමක්.

    එතකොට ඕකට මිනිස්සු එයි.
    එක සක්කිලි ගෙරියෙක්ගෙ තන්හාව නිසා විනාස වෙන සල්ලි.

    තුහ් නොදකිං

    • Maiya Dan says:

      රාජපක්ස කාලකන්නි ගසා කාපු සුදු අලියා කලු කරලා තෝත් ඒකෙන් කන්නද හදන්නේ ? පව් නොදී තොපි මරියල්ල.

  6. Nippon Euro says:

    Pawudgalika koranna gihin, thawath gananakata kelawa ganna wedak.

  7. සවාධීන says:

    සියලුම රජයේ මහජන මුදලින් හදපු ආයතන වල දේශපාලකයන්ගේ නම් පොදුවේ ඉවත් කල යුතුය. මන්ද ඒවා මහජනයා ගෙවන බදු මුදල් වලින් හදපු ඒවා. උදාහරණයක් විදියට, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙනුවට මහජන ක්‍රීඩාංගණය.

Main News