මහින්ද රාජපක්ෂ කොටි සාමාජිකයන් 12,600ක් නිදහස් කලා..කොටි සාමාජිකයන් විශාල ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශයට බඳවාගෙන පඩි ගෙව්වා..

March 1, 2019 at 12:00 pm | lanka C news
මහින්ද රාජපක්ෂ කොටි සාමාජිකයන් 12,600ක් නිදහස් කලා..කොටි සාමාජිකයන් විශාල ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශයට බඳවාගෙන පඩි ගෙව්වා..

‘නියෝජිත කණ්ඩායම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියට ගිහිල්ලා ප‍්‍රායෝගික කි‍්‍රයාදාමයක් ඉදිරි වසර දෙකක කාලය තුළ කි‍්‍රයාත්මක කිරීම සඳහා කි‍්‍රයා කළ යුතුයි’ යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, අපි හොඳින් දන්නවා මේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පවත්වාගෙන යනවා. මාධ්‍ය වාර්තා කර තිබෙනවා බි‍්‍රතාන්‍යය ජර්මනිය ඇතුළු රටවල් අපට එරෙහිව හෝ අපේ රටේ යුධ අපරාධ පිළිබඳව තිබූ යෝජනාව තව දුරටත් ඉදිරියට පත්වා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න යන බව. 2015 දී මේ යෝජනාවේ ප‍්‍රමුඛයා උනේ ඇමරිකා එක්සත් ජනපදය. ඒ අවස්ථාවේදී අපෙන් විමසීමක් නොකරම ඒ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වන්න ශ‍්‍රී ලංකා ආණ්ඩුවත් ඉදිරිපත් උනා. කෙසේ වෙතත් දැන් ඇමරිකා එක්සත් ජනපදය මේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නැහැ. එය පක්ෂග‍්‍රාහීයි. එයින් යුක්තිය ඉටු වෙන්නේ නැහැ කියලා ඒකෙන් අයින් උනා ට‍්‍රම්ප් ජනාධිපතිතුමා යටතේ. දැන් බි‍්‍රතාන්‍ය හා ජර්මනිය මේ සඳහා කටයුතු කරගෙන යනවා.

අපේ ස්ථාවරය දැන් මේ ගැටුම අවසන් වෙලා වසර 10 ක්. මේ වසර 10 ඇතුළත කිසිම ආකාරයක සිංහල – දෙමළ සමාජ ගැටුමක් වාර්තා වෙලා නැහැ. ඒ වගේම මේ ආණ්ඩුව 2015 බලයට පත්වුනායින් පසුව කිසිම ආකාරයක දේශපාලන ඝාතනයක් සිදු වී නැහැ. කිසිම ආකාරයකින් විශේෂ ජන කණ්ඩායමක් ඉලක්ක කරගෙන හෝ දේශපාලන කණ්ඩායමක් ඉලක්ක කරගෙන හෝ එවැනි ඝාතනයක් මේ රජය යටතේ සිදු වී නැහැ. එය යහපාලනය ලබාගත් ජයග‍්‍රහණයක්. ඒ නිසා අපි පොඞ්ඩක් මේ පිළිබඳව අතීතය විමසා බැලිය යුතුයි. මේ සංහිඳියාව, ඒ වගේම මේ ගැටුම නිසා ඇති වෙච්ච ගැටළු විසඳීමට ලංකාව මොකුත්ම කළේ නැද්ද කියලා. අපි ඇත්තටම මේ ගැටුම අවසන් උනාට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කළා කොමිසමක් සත්‍ය ගවේෂණ හා උගත් පාඩම් නැමති කොමිසම. ඒ කොමිසම 2010 ස්ථාපිත කළහම රට වටේම ගියා. අපිත් ගියා. සමහරු එය වර්ජනය කළා. නමුත් මේ සම්බන්ධයෙන් වූ කාරණා කටයුතු විශේෂ ගැසට් නිවේදනයක් මගින් යුද්ධයට පාදක වූ ගැටළු ඒවා විසඳීම, ඒවා නැවත ඇතිවීම වැලැක්වීම සඳහා නිර්දේශ ගණනාවක් එල්.එල්.ආර්.සී. උගත් පාඩම් කොමිසමෙන් ලැබුණා. ඒකේ ප‍්‍රතිඵළයක් හැටියටම පරණගම කොමිසම සහ උදලාගම කොමිසම පත් කළා. විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ කොමිසම සඳහා. විවිධ පිරිස් අතුරුදහන් වෙලා තිබෙනවා. ආරක්‍ෂක අංශවල අතුරුදහන් වෙලා තිබෙනවා. මුස්ලිම් ජනයා, සිංහල ජනයා අතුරුදහන් වෙලා තිබෙනවා. මේ ගැන විමසීමට මේ කොමිසම් දෙක පත් කලා. ඒ අය රට වටේම ගිහින් අති විශාල දත්ත ප‍්‍රමාණයක් එකතු කර ගත්තා.

ඒ වගේම ඒ වකවානුවේම සිදු වූ දේපල හානි අනාථ භාවය පිළිබඳව දිසාපතිවරු හරහා පුනරුත්ථාපන අමාත්‍යාංශයෙන් නිශ්චිත දත්ත ප‍්‍රමාණයක් එකතු කළා. ගෙවල් කීයක් සම්පූර්ණයෙන් වැනසුනාද? කොටස් වශයෙන් වැනසුනාද? කී දෙනක් අනාථ කඳවුරුවල හිටියද? දිගු කාලීන අනාථයෝ කවුරුන්ද? 2006 පස්සේ අනාථයෝ කවුද? මේ ඔක්කොම දත්ත පැහැදිලිව, නිශ්චිතව රජයේ දිසාපතිවරු හරහා ගත්තා. ඒවා සිදු උනේ යුධ ගැටුම අවසන් උනාට පස්සේ. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ. බලපෑමක් එම දත්තවලට නැහැ. ඒ දත්ත ටිකත් ඔක්කොම අප සතුව තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව ඇවිත් 19 වන සංශෝධනය ගෙනවිත් ස්වාධින මානව හිමිකම් කොමිසමක් පත් කළා. ඒ කොමිසටම මේවා පිළිබඳ කරුණු වැඩිදුරට සොයා බලන්න, කි‍්‍රයාකරන්න බලගතු අයිතියක් තිබෙනවා. ඒ අය අපේ ආරක්‍ෂක අංශ සම්බන්ධවත් යම් යම් විවේචනාත්මක පියවර අරන් තිබෙනවා පහුගිය කාලය තුළ.

ඒ වගේම අතුරුදහන් වූවන් පිළිබඳ අලූතින් තවත් කාර්යාලයක්, උදුලාගම – පරණගම කොමිසන්වලට අමතරව අලූත් කාර්යාලයක් හදලා එම කාර්යාලයටත් පනතකින් බලතල ලබාදී තිබෙනවා. ඒ වගේම මේ ගැටුමට මැදි වූ ඍජු සටන්කාමීන් නොවන පිරිස්වලට කවරාකාරයෙන්ද වන්දි ගෙවන්නෙ, මොකද්ද ක‍්‍රමවේදය ගැන හොයන්න බලන්න අර දිසාපතිලගේ වාර්තාවලට අමතරව තවත් වන්දි ගෙවීමේ ආයතනයක් ස්ථාපිත කරලා පත් කරලා තිබෙනවා. ඒ වගේම ගොඩාක් ප‍්‍රශ්න තිබෙන්නේ පොලීසියට. අපි ස්වාධින පොලිස් කොමිසමක් පත් කර තිබෙනවා. මේ පසුගිය දිනවල රත්ගම සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයෙක් අත් අඩංගුවට ගැනීමේ කාරණා දක්වා වන චෝදනා පෙළ ගැසීම් සිදුවෙනවා. මෙන්න මේ ස්වාධින පොලිස් කොමිසම සහ ඒ පොලීසිය ස්වාධින කිරීම කිිසියම් දුරකට සක‍්‍රීයව සිදුවනවා කියන එක හොඳටම නොවුණත් කිසියම් සක‍්‍රීයභාවයක් කි‍්‍රයාත්මක වනවා කියන එක මේ මෑත කාලීන උදාහරණවලින් පේනවා. ඒ වගේම අපේ රටේ ස්වාධින අධිකරණ සේවාවක් ඇති කළා. අපේ රටේ ඉහළම යුධ හමුදාවල නාවුක හමුදාවල, ගුවන් හමුදාවල, පොලීසියේ හිටපු එවැනි විශිෂ්ඨ ගණයේ නිලධාරීන් යම් යම් පෞද්ගලික අපරාධවලට අනියමින් සම්බන්ධ උනායැයි කියා අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම්. ප‍්‍රශ්න කිරීම් සිදු කරගෙන යනවා.

දැන් ඔය නාවුක හමුදාවේ හිටපු ප‍්‍රධානී කරන්නාගොඩ මැතිතුමා, ඒ වගේම රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමා, එතුමන්ලා කිසිසේත්ම ති‍්‍රකුණාමලයේ දරුවෝ 11 දෙනා අතුරුදහන් වෙන්න ඍජු සම්බන්ධයක් නැහැ. එතුමන්ලා යටතේ වැඩකළ යම් යම් පිරිස් කළ අපරාධවලට තමයි මේ එතුමන්ලාට අද නොයෙක් අපහසතාවයන්වලට, චෝදනාවලට, සමාජ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ. ඒ වගේ මට්ටමකට අපේ ගිහින් තිබෙනවා. වෙන රටක නාවුක හමුදාවේ එවැනි තත්වයක් ඇති වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවනවා. මේ රටේ අද පොලීසිය ඇතුළු කි‍්‍රයාකලාපයන් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපේ හමුදා ඇතුළු කිසිම කෙනෙක් ඒවට බැහැයි නොකියා යුධ හමුදාවේ දෙවෙනියා. නාවුක හමුදාවේ ප‍්‍රධානියෙක්. ඒ වගේම ආරක්‍ෂක හමුදාවේම ප‍්‍රධානියා පවා පොලීසියට බාරවෙලා උසාවියට ගිහින් හිරගෙවල්වල ගිහින් ඇවිල්ලා තිබෙනවා.

ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා යටි අරමුණක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයලා එකතු වෙලා කොටි සාමාජිකයෝ 12,600 ක් කිසිම සොයා බැලීමකින් තොරව නිදහස් කළා. ඒකෙන් අති විශාල ප‍්‍රමාණයක් යුධ හමුදා බුද්ධි අංශයට බඳවාගෙන පඩි ගෙව්වා. ඒ කළේ ඡුන්දය ජයගන්න. ඒ සිදු වීම සිදුවෙලත් දැන් අවුරුදු හත අටක් උනා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත ඇතුළු මුළු රටේ කි‍්‍රයාත්මක වූ හදිසි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කළා. ඒ වගේම ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත 1978 ගෙනාවේ. ඒ පණත වෙනුවට නවීකාරක පණතක් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලය අනුමත කරලා දැන් පාර්ලිමේන්තුව ඉදිරියේ තිබෙනවා.

ඒ වගේම උතුරු හා නැගෙනහිර පළාත්වල ස්වාධින මැතිවරණ කොමිසමක් යටතේ මැතිවරණ පවත්වලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවා, පලාත් සභා මැතිවරණය පැවැත්වූවා, පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය පැවැත්වුවා. ඒවයේදී නිදහසේ ඡුන්දය දෙන්න කිසිකෙනෙක්ගේ ආයුධවල බලපෑමෙන් තොරව තමන්ගේ මහජන නියෝජිතයින් තෝරා ගන්න අවස්ථාව දී තිබෙනවා. දැන් ඒවයේ කිසිම මිලිටරි පාලනයක් හෝ පොලිස් පාලනයක් හෝ වෙන කිසිම දෙයක් නැහැ. මහජන නියෝජිතයින්ගේ පාලනයක් තිබෙන්නේ. ඒ වගේම උතුරේ ආර්ථිකය දැන් දකුණත් සමග මිශ‍්‍ර වෙලා දකුණේ කි‍්‍රයාවලියත් සමග මිශ‍්‍ර වෙලා සාමාන්‍යකරණය බවට පත් වෙලා තිබෙනවා.

ඒ නිසා අපේ ස්ථාවරය දැන් මේ අවුරුදු 4 ඇතුළත කිසිම ගැටුමක් ඇතිවෙලත් නැතිනම්, කවුරුත් දේශපාලන වශයෙන් ඝාතනය වෙලාත් නැත්නම් එවැනි සිදුවීමක් සිදුවීමේ ලකුණුත් නැත්නම් තවදුරටත් මේ තුවාල පාර පාර මේවා රැගෙන යාමේ තේරුමක් නැහැ. ඒ නිසා අපි කලින්ම ප‍්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් දැන් අතීතය අමතක කර ඉදිරියට යා යුතුයි කියලා. ඒකට අපේ දෙමළ සංධානයේ නායක සම්බන්ධන් මැතිතුමා ඇතුළු පිරිස්, ගරු අග‍්‍රාමාත්‍යතුමන් මේ අදහස පළකළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාත් මේ අදහස පළකළා. සම්බන්ධන් මැතිතුමා ඇතුළු පිරිස විශේෂයෙන්ම මේ හර්තාලයට මූලික වූ පිරිස කියන්නේ මොකද්ද අද එහෙම බැහැ. හමුදාව කළ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් දිය යුතුයි කියලා. අපි අහන ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකා යුධ හමුදාව කාගෙවත් ආරාධනයකින් තොරව එක පාරට ඒ කලාපයට ගිහින් සිදු කළ දෙයක්ද? එහෙම දෙයක් නෙමෙයි පළමුවෙන්ම 1976වඩුක්කොඩෙයි සම්මේලනයේදී වෙනම රාජ්‍යයක් පිහිටුවන්න තීරණය කළා. ඒ වෙනම රජ්‍යය ඉදිරියට ගෙන යාම සඳහා දෙමළ විමුක්ති කොටි නමින් සන්නද්ධ සංවිධානයක් හැදුවා. හදලා ඒ අවස්ථාවේදීම යාපන නගරාධිපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය ආණ්ඩුවට පක්ෂපාතී දොරේඅප්පා ඝාතනය කලා. එතන ඉඳන් පටන් ගත්තා යුධමය කි‍්‍රයාදාමය. ඒ යුධමය කි‍්‍රයාදාමයේ ප‍්‍රධාන ක‍්‍රියාදාමය කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය. එතකොට ශ‍්‍රී ලංකා යුධ හමුදාවට වගේම එල්.ටී.ටී.ඊ. සංවිධානය 9,000 ක් ඝාතනය කලා. සිංහල ජනතාව 89 දි සම්පූර්ණයෙන්ම උතුරෙන් පැන්නුවා. මුස්ලිම් ජනතාව 91 දී පැන්නුවා. දෙමළ ජනතාව තමන්ගේ ගම්බිම්වලින් උදුරාගෙන මිනිස් පලිහක් හැටියට රැගෙන ගියා. මේවා ඔක්කොම යුධ අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සාමයට එරෙහි අපරාධ. එතකොට ඒ අයට දඬුවම් නැද්ද?

ඒ අයගේ දැනට ජීවතුන් අතර ඉන්නවා ප‍්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වූ කුමරන් පද්මනාදන්, නැගෙනහිර නායකයා රාම් නගුලන්, ඒ වගේම නිදහස් වූ 12,600 ක්. එහෙම නම් ආරක්‍ෂක හමුදාවලට මේ කාරණය පටවනවා නම් මේ අයත් සියළු දෙනාම අත්අඩංගුවට ගත යුතුයි. අරගෙන උසාවිය ඉදිරියට ගෙනිහින් සිවිල් ජනතාව 9,000ක් ඝාතනය කරන්න, අප්පා පිල්ලේ අමිර්තලිංගම් ඝාතනය කරන්න, යෝගේෂ්වරම් ඝාතනය කරන්න, ගාමිණී දිසානායක, රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඝාතනය කරන්න, චන්ද්‍රිකා මැතිණිය ඝාතනය කිරීම සඳහා ප‍්‍රහාර එල්ල කරන්න, මහින්ද රාපක්ෂ මහතා,සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්ෂ ඝාතන තැත ආදී විශාල ප‍්‍රමාණයකට එරෙහිව අධිකරණය ඉදිරියේ කි‍්‍රයාකළ යුතුයි.

දෙවන කාරණය ප‍්‍රභාකරන් පමණක් නෙමෙයි අවි ගත්තේ. තවත් සංවිධාන ගණනාවක් අවි ගත්තා. අද ඔය හර්තාල් කරන බොහෝ සංවිධාන ඔක්කොම අවි ගත්ත අය සම්බන්ධන් මහතා හැරුණු කොට. අනික ඔක්කොමලා අවිගත්ත අය. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ඞී.පී. සියල්ලම අවිගත්තා. අවි අරගෙන නිකන් හිටියේ නැහැ. ඝාතන කි‍්‍රයාවලියක නියැලූනා. ඔවුනොවුන් මරාගත්තා. තුන්වනුව ඉන්දියන් හමුදාව මේ රටේ හිටියා. දහස් ගණනක් ඒ අවස්ථාවේ මියගියා. එල්.ටී.ටී.ඊ යම කෘතියක් කළා. ඉන්දියාව ඔබත්, India to කියලා. ඒ කෘතියේ ඉතා පැහැදිලිව ඉන්දියන් හමුදාව කළ යුධ අපරාද පිළිබඳව පැහැදිලි සවිස්තර වාර්තාවක් මෙහෙත් ඉදිරිපත් කලා. එක්සත් ජාතීන්ටත් ඉදිරිපත් කලා.

එහෙමනං ඉන්දියන් හමුදාවත් මේකට කැඳවන්න ඕනෙ. ඊළඟ මේ සිදුවීමත් එක්ක දකුණේ කැරැල්ලක් ඇතිවුණා. සමන් පියසිරිගේ නායකත්වයෙන් දකුණේ සන්නද්ධ ව්‍යපාරයක් බිහිවුණා දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයේ. ඒගොල්ලොත් 6,800ක් මැරුවා දකුණේ. ඒගොල්ලේ මර්ධනය කිරීම සඳහා ආරක්‍ෂක හමුදාවත් ඒ වගේම වාමා කණ්ඩායම්වල හිටපු පිරිසත් ප‍්‍රා. සා. උකුස්සා කියලා කල්ලි හදාගෙන තව හැටදහසකට අධික පිරිසක් මැරුවා. එතකොට මේක උතුරේ ඝාතනවලට වඩා ලොකුයි දකුණේ මේ වුණු සිදුවීම. ඒකත් මේකෙ අතුරුඵලයක් ලෙස ආවේ. එතකොට එහෙනං මේගොල්ලොත් අපි දැන් උසාවි ගෙනියන්න ඕනෙ. මෙහෙම යුක්තිය ඉටුකරනවානං අතීතයට මේ ටික ඔක්කොම කරන්න ඕනෙ. මේවා ප‍්‍රායෝගිකව කරන්න පුලූවන්ද ලංකා සමාජයට. සම්බන්ධන් මහත්තයාගේ අතේ ලේ නැති විත්තිය අපි දන්නවා. අපේ අතේත් ලේ නෑ. නමුත් පාර්ලිමේන්තුවේ අතිවිශාල පිරිසක් ඉන්නවා මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වෙච්ච අය. කොයි පක්ෂෙත්. ඒ වගේම රටේත් ඉන්නවා මේවට සම්බන්ධ වුණු අය.

එහෙමනං ආරක්‍ෂක අංශවල අය විතරක් වෙන්කරලා හඳුනාගන්න බෑ මොකද මේවට සම්බන්ධ වෙච්ච ඝාතන ක‍්‍රියාවල යෙදිච්ච, මානව හිමිකම් කඩ කළ මානුෂීයවාදයට එරෙහිව අපරාධ කරපු, යුද අපරාධ කරපු විශාල පිරිසක් මේ රටේත් පිටරත් නිදැල්ලේ ඉන්නවා. ඉතිං අපි කියන්නේ මේ විදියට අපි විමර්ෂණ කරන්න ගියොත් රටෙන් බාගයක් මේ විමර්ෂණවලට කැඳවන්න වෙයි රට නැවත අවුලක් වෙයි. කොටින්ම එල්.ටී.ටී.ඊ. යේ දොලොස්දහස නැවත අත්අඩංගුවට ගන්න ගියාම රටේ අවුලක් වෙයි. ඒ නිසා මේ අයගේ මේ ඒකපාර්ශවීය දේශපාලන කි‍්‍රයාදාමය ක‍්‍රියාත්මක කරන්න බෑ ඒක ඉතාමත්ම ඒකපාර්ශවීය, අන්තවාදී ඒ ඉල්ලීම කිසිසේත්ම සාධාරණ කාරණයක් මත පදනම් වුණු දෙයක් නොවෙයි. ඒ නිසා රට අවුල් ජාලයක් නොකර අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා වහාම අපේ අර නියෝජිත කණ්ඩායම මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඉදිරියට ගිහිල්ලා ප‍්‍රායෝගික ක‍්‍රියාදාමයක් ඉදිරි වසර දෙකක කාලය තුළ ක‍්‍රියාත්මක කිරීම සඳහා ක‍්‍රියාකළ යුතුයි. තව තව කොමිෂන් දදා තුවාල පෑරීමේ කිසිදු විසඳුමක් වෙන්නේ නෑ. පළමුවෙන්ම අපි ඉල්ලා සිටිනවා පෞද්ගලික අපරාධ කරපු අයට දඬුවම් දෙන්න. නමුත් පොදුවේ යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච අපරාධවලට සම්බන්ධ වෙච්ච ආරක්‍ෂක අංශවල අයත් කොටි සංවිධානයේ අයත් අද අත්අඩංගුවේ ඉන්නවා. සියයකට ආසන්න ප‍්‍රමාණයක් දෙපාර්ශවයෙන්ම. මේ අයට පොදු සමාවක් දීලා එලියට දාන්න. කුමරන් පද්මනාදන් එලියේ නිදහසේ ඉන්නවා නම් නගුලන් සහ රාම් එලියේ ඉන්නවා නම් මේ ඔවුන්ගේ අණ පිළිපැදපු සාමාජිකයන් අත්අඩංගුවේ තබා ගැනීමේ කිසිඳු තේරුමක් නෑ. ශ‍්‍රී ලංකා යුද හමුදාවේත් අතපය නැතිව හිරේ විලංගුවේ වැටිලා ඉන්න සුනිල් රත්නායක වැනි අයව අත්අඩංගුවේ තබා ගැනීමේ කිසිඳු තේරුමක් නෑ. ඒගොල්ලන්ව නිදහස් කරන්න. හැබැයි පුද්ගලික අපරාධ කරලා තියෙනවා නම්,දරුවෝ පැහැරගෙන ගිහිල්ලා තියෙනවා නම්, කප්පම් අරං තියෙනවා නං, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදිලා ඉන්නවා නම් තරාතිරම නොබලා දඬුවම් දෙන්න. ඒ වගේම මේ අතුරුදහන් වූවන් පිළිබඳ තව තව කොමිසන් වලින් පැවැත්මක් නෑ. වහාම අතුරුදහන් වූවන්ගේ කොමිසමේ පරණ දත්ත පරණගම කොමිසමේ දත්ත, උදලාගම කොමිසමේ දත්ත අරගෙන වහාම මේ අතුරුදහන්වූවන්ගේ කාලාත‍්‍රයන්ට යුක්තිය ඉටුවීම සඳහා අතුරුදහන්වීමෙ සහතික නිකුත් කරන්න. ආරක්‍ෂක අංශවල අතුරුදහන්වූවන් දෙදහසකට ආසන්න පිරිසක් ඉන්නවා. ඒ අයගේ දරු මුණුබුරන්ට, බිරින්දෑවරුන්ට නීත්‍යානුකූල අයිතිය දෙන්න. ඒ වගේම දෙමළ ජනතාවගේ අතුරුදහන් වූවාය, සිංහල ජනතාවගේ අතුරුදහන්වූවාය කියලා ඉන්නවා නම් ඒ පිරිස්වලටත් යුක්තිය ඉටුකරන්න. මේක ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ලටත් අදාලයි.

ඊළඟට මේ උතුරේ ඉඩම් පිළිබඳ නගන හඬ ඇත්තටම විද්‍යාත්මක පදනමකට රට පුරා ආරක්‍ෂක කඳවුරු පිහිටුවිය යුතුයි. එහි කිසිදු සැකයක් නෑ රටේ ජාතික ආරක්‍ෂාව ආවශ්‍යයි. කඳවුරු නැති රටක් ගැන අපට හිතන්න බෑ. හැබැයි අද හදිසි නීතිය නෑ. ඒ නිසා යුද හමුදාවට වෙන්නෙ කඳවුරු ඇතුලෙ ඉන්න. කිසිම විදිහකට ආපදා අවස්ථාවක හැරෙන්න හමුදාව කඳවුරුවලින් එලියට ඇවිල්ලා සිවිල් කටයුතුවලට මැදිහත් වෙන්නේ නැත. එතකොට මේ විද්‍යාත්මක පදනමකින් කඳවුරු පිහිටෙව්වාට පස්සේ ඉඩම් තව තබා ගත යුතු නෑ ඉඩම් එම අයිතිකරුවන්ට දෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි කෙනෙක්ගේ ඉඩමක් කඳවුරකට යටවෙලා තිබෙනවා නම් ඒ අයට වාණිජ පදනමෙන් වන්දි ගෙවලා අවසන් කරන්න. දැන් අපි සංවර්ධනයට ඉඩම් ගන්නවනේ. මහවැලි ජලාශවලට ඉඩම් ගත්තා. පාරවල් හදන්න ඉඩම් ගත්තා. නාගරික සංවර්ධනයට ඉඩම් ගත්තා. එවැනි සංවර්ධනයට ඉඩම් ගත්තම වාණිජ පදනමෙන් අපගේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අදහස අනුව වන්දි ගෙවනවා. වන්දි ගෙවලා මේ ප‍්‍රශ්නය මෙතනින් ඉවර කරන්න. මේ ප‍්‍රශ්න තවත් ඇදගෙන යන්න එපා. වන්දි ගෙවලා මේ ප‍්‍රශ්නය මෙතනින් ඉවර කරන්න.

මේ ගැටුම නිසා බෝම්බ පිපිරවීම්වලින් සමහරවිට ෂෙල් ප‍්‍රහාර වලින්, ඒ යනාදි වශයෙන් යම් යම් ගැටුමට සම්බන්ධ සටන් කරපු අය නෙමෙයි. අනෙක් අය සඳහා අර අපගේ වන්දි ගෙවීමේ යාන්ත‍්‍රණය මත වන්දි ගෙවලා මේක අවසානයක් කරන්න. ඒක අපි හැම ගැටුමකම කළා. පසුගිය කාලේ ඇති වූ ඔය සිවිල් ගැටුම්, බෙන්තර සිද්ධිය, මහනුවර සිද්ධිය වගේ ඒවාට අනුගමනය කළ ප‍්‍රතිපත්තිය අනුගමනය කර මේක ඉවර කරන්න. ඒ වගේම ආබාධිත තත්වයට පත් වූ කොටසක් ඉන්නවා. පිරිසක් බලාගන්නවා, පිරිසක් බලා ගන්නේ නැහැ. සමහරවිට උතුරෙත් ඉන්නවා ආබාධිත තත්වයට පත් වූ අය. සමහරු එල්.ටී.ටී.ඊ. එකේ සටන් කළ අය. එතකොට ඒ පිරිස්වලටත් යම් සහනදායි කි‍්‍රයාදාමයක් ඔවුන්ගේ තත්වය රැුක බලාගැනීමේ කි‍්‍රයාදාමයක් අවශ්‍යයි. අන්ධ වෙච්ච අය දෑත් දෙපය අහිමි වූ අය. ඒ අයටත් ජීවිතවලට උදව් කිරීමක් විශේෂ වශයෙන් අවශ්‍යයි.

ඒ වගේම උතුරු පළාතේ සහ නැගෙනහිර පලාතේ මේ යුධකාමී වාතාවරණය නිසා බොහෝ දෙනෙක්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙලා තිබෙන්නේ. ඒ නිසා රජයේ රැකියාවකට යන්න ගියහම සාමාන්‍යපෙළ විභාග ප‍්‍රතිපළය අහනවා. එහෙම සාමාන්‍යපෙළ විභාගයක් එහේ කෙරිලා නැහැ. ඒ නිසා මේ අයට රැකියා ලබාදීමේ කි‍්‍රයාදාමයක් අනුගමනය කළ යුතුයි. දැනට කම්හල් දෙක තුනක් විතරයි පුද්ගලික අංශයෙන් දාලා තිබෙන්නේ. ඒ නිසා විශාල අසහනයක් රැකියා නැති කමින් තිබෙනවා. ඒක එහේ පදිංචි වෙන්න ගිය සිංහල අයටත් තිබෙනවා. මුස්ලිම් අයටත් තිබෙනවා.

ඒ වගේම මේ දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය පමනක් නෙමෙයි උතුරෙන් සංවිධානාත්මකව පළවා හැර තිබෙන සිංහල ජනතාවක් මෙන්ම මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඒ අයට යුක්ති සහගත සමානතාවයක් දිය යුතුයි. ඒ ගොල්ලන්ටත් උතුරේ පදිංචි වෙන්න අයිතිය තිබිය යුතුයි. මොකද අද ලංකා දෙමළ ජනතාවගෙන් 40% ය උතුරු පළාතේ ඉන්නේ. ඉතුරු 60% ඉන්නේ දකුණේ. ඒවගේ අයිතියක්, ඉතා සුළු පිරිසක් උනත් මේ අයට ලැබිය යුතුයි. අපි දැක තිබෙනවා ඒ පළාත්වල මුස්ලිම් ජනතාව, සිංහල ජනතාවට ඒ සමාන අයිතිය ලැබෙන්නේ නැහැ පළාත් පාලන ආයතනවලින්, පළාත් සභාවලින්, රජයේ ආයතනවලින් ඉතාම ජාතිවාදි විදිහට සලකන්නේ.

ඒ වගේම සංවර්ධන කටයුතු කරද්දි, ගම්පෙරළිය, ගම්උදාව, නාගරික සංවර්ධනය, ග‍්‍රාම ශක්ති මේ හැම කටයුත්තකදීම අපේ යෝජනාව වහාම රැකියා ලබාදීමේ සිට සංවර්ධනය දක්වා මහජන නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් කරන්න කවර පක්ෂයේදී කියලා බලන්න එපා. ආණ්ඩු පක්ෂයට සම්බන්ධද,නැද්ද කියලා බලන්න එපා සියළු දෙනාම සම්බන්ධ කරගෙන ඒ කටයුත්ත කරන්න. මේ විදිහට අපි ප‍්‍රායෝගික වැඩපිළිවෙලක්, මාර්ග සිතියමක් රජය සකස් කර ඉදිරිපත් කළ යුතුයි. මම මේ පිළිබඳ කැබිනට් සංදේශයක් දාලා මේ ඉල්ලීම රජයෙන් කර තිබෙනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම දෙමළ දේශපාලන පක්ෂවලින් ඒ අය දිගින් දිගටම පොඩි පොඩි සිද්ධිවලටත්, වෙනත් කාරණයන්ටත්, පොදු කාරණාවලටත් හර්තාල්,උද්ඝෝෂණ පවත්වනවා. කරුණාකරලා මේ දෙමළ ඊලම නමැති සිහිනය කවදාවත් සැබෑ වෙන එකක් නෙමෙයි. මේකට තවත් ලේ, කඳුලූ ගෙවන්න මේ රට ලැහැස්ති නැහැ. මේවා අතහැරලා දකුණත් සමග සාමකාමීව ජීවත් වෙන්න අපි හිත හදාගමු කියන ඉල්ලීම අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද උතුරේ හර්තාල්වලින් වෙන්නේ යම් ආයෝජකයෙක්, සංචාරකයෙක් ඉන්නවා නම් උතුරට යන්න, යම් අරමුදලක් ඒ අයට ලබාදෙන්න ඒ අය ඒවායින් වලකින එක විතරයි මෙවැනි කි‍්‍රයාවලින් වෙන්නේ. ඒ නිසා මේක ඔබේ ජනතාවටම විශාල පාඩු වෙන දෙයක්. මොකද මේක නිදහස් ලෝකයක්. බලහත්කාරයෙන් කිසිම දෙයක් කර ගන්න බැහැ මේ රටේ, මේ නිදහස් සමාජයේ. ඒ නිසා ඊලම නමැති සිහිනය අතහැරලා මේ රටේ පොදු කටයුතු වලට දායක වෙලාකටයුතු කරන්න කියලා අපි ඒ සියළුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය අංශය
ජාතික හෙළ උරුමය

21,726 Viewers

23 Comments to “මහින්ද රාජපක්ෂ කොටි සාමාජිකයන් 12,600ක් නිදහස් කලා..කොටි සාමාජිකයන් විශාල ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශයට බඳවාගෙන පඩි ගෙව්වා..”

  1. Ranjan says:

    Enna Enna pissu wage.

    • Don says:

      ඒ බව පේනවා … එත් ඒක මෙතන කොමෙන්ට් වල දැම්මට හරියන් නැහැ …. අංගොඩ ගිහින් නැවතියන්
      දන්නා රෙද්දක් නැති දෙකයි පනහේ හිකනල්ලු මේවයේ පොරවල් වෙන්න දගලනවා

      • වර්නසිංහ says:

        මෙතන මේ Don කියල comment දාන්නෙ ආලාපාලු රනවකයම කියල හොඳටම පැහැදිලියි;
        ඌට තමයි පලපුරුද්ද තියෙන්නෙ හොඳට ඉන්න තරුණයන්ව අංගොඩ අරන් ගිහින්ල බලහත්කාරයෙන් ඔලුවට කරන්ට් අල්ල වන්ඩ.

  2. පොරමෝලා says:

    උග්‍ර දෙමල විරෝධියකු ලෙස දේශපාලනයට පිවිසුන මොහු සාස්තර කාරෙයෙක් කියපු අනාවැකියකට අනුව ජනාධිපති සිහිනයක් දකිමින් අංශක 180 කින් හැරිලා සුමන්දිරන්ට ගොට්ට ගසමින් දෙමල චන්ද වලට ඉව අල්ලමින් සිටින බව නිරීක්ෂණය වේ

    • Don says:

      ආමි එකේ කොල්ලෝ යුද්දෙන් මැරෙද්දි ….. මෙහෙ ඉදන් MIG වලිනුයි අනිත් හැම එකෙන්මයි හොරා කාපු තොපේ මිනීමරු ගොට්ලර්ට වැඩිය මූ ඉහටත් උඩින් …… යන්තන් O/L පාස් ගොට්ලර් වගේ නෙවයි මු ඉගෙනගත්ත මොලයක් තියෙන වැඩක් කරන්න පුළුවන් බව පෙන්නලා තියෙන එකෙක් ….. අනුන්ගේ වැඩ වලට උප්පැන්න ලියාගන්න සල්ලි දීල පොත් ලියාගත්ත එකෙක් නෙවෙයි , තමන්ම පොත් ලියපු එකෙක්…..
      අනික මු මුල ඉදන්ම බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහිව කෙලින් හිට ගත්ත එකෙක් …….. දකුණේ සිංහල කොල්ලෝ මරල… ඊට පස්සේ මෙඩිකල් කන්ඩෙම් කරන් යුද්දෙන් පැනල ගිහින් සුද්දන්ගේ වහල්කම් කර කර ඉදල … මහින්ද ආපු ගමන් උඩින් පාත් වෙච්ච හොර තක්කඩියෙක් නෙවයි …… මහා ලොකු දේශප්ප්රේමිය තාම ඇමරිකන් සිටිෂන්ශිප් එක අයින්කර ගන්න බැරුව තටමනවා

      • Karma says:

        Don mokekda ban umba.. Oya Pataliya thamai jathi beda athikale aekale.. Agaam wiwechanaya kale oya miniha thamai.. minissu athara sahajeewanaya nathi karanna oya minihath eka karanayak thamai..

      • අප්පුහාමි says:

        අම්මට හුඩු! දැන් පැනමා චම්පකත් වෙන, වෙන නම්වලින් කොමෙන්ට් දාන්ඩ පටන් අරන්.

        මූ කලින් කොමෙන්ට් දැම්මෙ `නැවුම් මාවත’ කියන නමින්.

  3. AK47 says:

    ගොන්ජෝ…. මෙන්න තවත් කොකේන් කාරයෙක්. මූවත් ලිස්ට් එකට දාපන්.

  4. Ungrateful says:

    ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා යටි අරමුණක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයලා එකතු වෙලා කොටි සාමාජිකයෝ 12,600 ක් කිසිම සොයා බැලීමකින් තොරව නිදහස් කළා
    This man is number one opportunist in our society!
    What is the so called Yati Aramuna?
    If this gonibilla becomes president in our country what will happened to it?

    • Don says:

      number one opportunist is non other than your megalomaniac මහා සාටකයා
      “so called” yati aramuna is stated in the very next sentence… at least f**king read the text before comment …
      this man is far better than the Gotler the murderer , gotler the robber

      • ක්‍රිමිනල් says:

        අසව්, අසව්!

        ප්‍රගීත් එකනැලිගොඩව අතුරුදහන් කරපු එකා අනික් අයට මිනීමරුවො කියනව.

        විදුලිබල මණ්ඩලයේ ගල්අඟුරු ටෙන්ඩර් වලින් ගසා කෑ මිලියන ගණනක ඩොලර් කලු සල්ලි අමරබන්දුගේ නමින් පැනමා රටේ රහස් බැංකු ගිණුම්වල තැන්පත් කල එකෙක් අණික් මිනිස්සුන්ට හොරා, හොරා කියනව.

  5. Love nature says:

    “නත්ථි පාපං අකාරියං” යනුවෙන් බොරු කියන්නාට කළ නොහැකි පවක්, අකුසලයක් නැති බව කියා තිබේ.

  6. Love nature says:

    මුසාවෙහි ආදීනව

    බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

    • Don says:

      මිත්‍යාව වපුරන් නැතුව ගෙදර ගිහින් වැලක් ඇදල බුදිය ගනින් වෙන වැඩක් නැත්තන් …….. එක්කෝ පවු නොදී ගිහින් මහන වෙයන් කොහේහරි … අඩු ගානේ ගෙදර ගෑනිටවත් සහනයක් වෙයි එතකොට ………..දන්නා රෙද්දක් නැති දෙකයි පනහේ හිකනල්ලු මේවයේ පොරවල් වෙන්න දගලනවා

      • එක්නැලිගොඩ says:

        අඩෝ පාහර චම්පකයා, තෝ අණුන්ගේ පවුල් හරිගස්ඩ ඉස්සෙල්ල උඹේ පවුලට උඹ කොරපු අපරාදෙට නිර්මලාගෙන් සමාව ගණින්.
        ඒ ගෑණි උඹව දාල ගියේ උඹ විකෲති කාම ආශාවෙන් පෙලෙන උන්මන්තකයෙක් නිසා.

        උඹට කන්ඩ උයල දීපු උඹේ හිතෛෂී සේවකයව බලහත්කාරයෙන් අංගොඩ අරන් ගිහින්ල ඔලුවට බලෙන් කරන්ට් ඇල්ලෙව්වෙ මිනිහගෙ පෙම්වතීව පැහැර ගන්ඩ කියන බව මේ රටේ මිනිස්සු දන්නෙ නැහැයි කියලද උඹ හිතන් ඉන්නෙ?

        • Lal says:

          මිනිහා මෑතකදී ඇමරිකාවෙන් ලැබුන ශිෂ්ශත්වයකට මාසයකට ඇමරිකාවට ගිය වෙලාවේදීත් තමන් නැවතිලා හිටපු තැනට ගෙන්වාගත් ගණිකාවට බලෙන් විකෘති ලිංගික අතවරයක් කරන්ඩ හදල තියෙනවා.

          ඒ ගෑණි ඒකට අකමැතිවෙලා පොලීසියට පැමිනිලි කරන්ඩ ගිය වෙලාවෙ මිනිහට ඉඳුම්, හිටුම් දුන් ශ්‍රී ලාංකිකයා තමයි බැගෑපත් වෙලා ආලාපාලුවාව බේරගන තියෙන්නෙ. එයාගෙන් තමයි ඇමරිකාවෙ ඉන්න අනික් අයටත් දැනගන්ඩ ලැබුනෙ.

          • සිල්වි says:

            බලාගෙන යනකොට ආලාපාලුවා නොම්බර එකේ අසහන කාරයෙක්නෙ.

  7. siri says:

    Sathiyak mahanawela hitapu “Hela karumaya” kata ariyoth boruma thama kiyanne,mohu avichiyatama yanawamathama.

  8. ගානකෝන් says:

    එන්න එන්න එන්න ඩොලර් කුට්ටි ගන්න එන්න…

    • චම්පක says:

      ගල් අඟුරු ලාභයි!ගල් අඟුරු ලාභයි!!

  9. දප්පුල says:

    චම්පකයා ජනාධිපති අපේක්ෂක කම ලැබෙයි කියල බලාගෙන උගේ මඩ ව්‍යාපාරය දැන්ම ඉඳලම පටන් අරන්.

    හැබැයි මූට වහකන්ඩ වෙන්නෙ රනිලා ජනාධිපතිවරණයට නාමයෝජනා බාද දුන්නහම තමයි.

    • Perera says:

      සම්පූර්ණ ඇත්ත. නවීනුයි, අකිලයි දෙන්නම ප්‍රසිද්ධියෙ කියනව
      UNP එකෙන් ඇරෙන්ඩ වෙන කාටවත් ජනපති නාම යෝජනා දෙන්න නැහැයි කියල.

Main News