මහින්ද රාජපක්ෂ පකිස්තානයේ සැබෑම මිතුරෙක්- පකිස්තාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය නිසාර් අලි ඛාන්
June 25, 2017 at 3:00 pm | lanka C news
පකිස්තානය හා ශ්‍රීලංකාවේ හමුවේ ඇති අභියෝගයන් එක සමාන බවත් ඒවා ජයග්‍රහණය කිරීමට පකිස්තාන ශ්‍රීලංකා දැඩි සම්බන්ධතාවය ඉතා වැදගත් බවත් ඒ අනුව කලාපිය මෙන්ම රටතුල ස්ථාවරවත්වය ඇති කරගැනීමට දෙරටේ සහයෝගය වැදගත් වූ බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයතුල එය ඉතා ශක්තිමත් වූ බවත් පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය චෞද්රිරී නිසාර් අලි ඛාන් ප්‍රකාශ කල බව පකිස්තාන පුවත්පත බොහොමයක් වාර්තා කොට ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පකිස්තාන රජයේ ආරාධනාවක් අනුව පසුගියදා පකිස්තානයේ සංචාරයක යෙදුන අතර එරටේ ආරක්ෂක පීඨයේදී එරට ආරක්ෂක ප්‍රධානින් ඉදිරියේදී විශේෂ දේශයනයක් පවත්වනු ලැබුවේ පකිස්තාන රජයේ ආරාධනාවක් අනුවයි.
මෙහිදී පකිස්තාන ජනාධිපතිවරයා ඇතුළු එරටේ ආණ්ඩුවේ ප්‍රධානින් කිහිපදෙනෙකු නිල වශයෙන් මුණගැසුණු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම, එරටේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු මෙන්ම එරටේ රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු පූර්ණ පකිස්තානයේ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා මුණගැසී විශේෂ සාකච්ඡාවක් පැවත් වූහ.
පකිස්තාන අභ්‍යන්තර කටයුතු හා ආරක්ෂක අමාත්‍යවරයා පකිස්තානයේ ආණ්ඩු කිහිපයකම අමාත්‍ය ධූරයන් හොබවා ඇති අතර පසුගිය කාලයේදී පකිස්තාන විපක්ෂ නායක ලෙසත් කටයුතු කොට ඇත. ඔහු ශ්‍රීලංකාවේ හිටපු ජනාධිපතිවරයා ඉතා උනුසුම් අයුරින් පිලිගත බව එරටේ මාධ්‍ය වාර්තා කොට තිබුනි. Link
රාජපක්ෂ යුගයේ ගොඩනැඟුණු පකිස්තාන-ශ්‍රීලංකා ආර්ථික සම්බන්ධතා බෙහෙවින් දෙරටේ දියුණුවට ප්‍රයෝජනවත් වූ බවත් විශේෂයෙන්ම ආරක්ෂක සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමේ පැවතීම කලාපයේ ආරක්ෂක තත්ත්වය සමබරව පවත්වාගෙන යෑමට බෙහෙවින් ඉවහල් වූ බවත් මේ නිසා මහින්ද රාජපක්ෂ පකිස්තානයේ සැබෑම මිතුරෙකු ලෙස එරටේ ජනතාව මෙන්ම පකිස්තාන ආණ්ඩුව විශ්වාසය කරන බව ශ්‍රීලංකාවේ හිටපු ජනාධිපතිවරයා මුණගැසී අභ්‍යන්තර කටයුතු අමාත්‍ය චෞද්රිරී නිසාර් අලි ඛාන් ප්‍රකාශ කළ බව පකිස්ථාන ටුඩේ පුවත්පත ඇතුළු පුවත්පත් ගනනාවක්ම වාර්තා කොට තිබුණි. Link