මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි මහා බරපතල කොමිසම නිර්දේශ කරයි..?

January 5, 2018 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි මහා බරපතල කොමිසම නිර්දේශ කරයි..?

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු යයි බරපතල දුෂණ වංචා සොයා බැලීම සදහා ජනාධීපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් සිය නිර්දේශ ලෙස සදහන් කර ඇති බව ආණ්ඩු හිතවාදී පුවත් අඩවි කිහිපයකම වාර්තාවන් පල කර ඇත.

මෙම කොමිසම පත් කරන ලද්දේ පසුගිය රජය සමයේ සිදු කල බවට චෝදනා එල්ල වන වංචා, දුෂණ, බලය අයුතු ලෙස යෙදවීම ආදිය ගැන සොයා බැලීම සදහාය.

මෙම කොමිසම විසින් සිය අවසන් වාර්තා පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය.

පසුගිය රජයේ දූෂණ, වංචා රැසකට මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ යයි පෙනි යන බැවින ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යයි එම කොමිසම නිදේශ්ෂ කර ඇති බවද එම පුවත් වාර්තාවන්හි දැක්වෙයි.

පසුගිය දෙසැම්බර මාසයේදී කොමිසමේ නිල කාලය අවසන් වූ අතර එහි අවසන් වාර්තාව හා විමර්ශණ 17ක වාර්තා ජනවාරි 02 වැනිදා ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබීය.

‘ජනපතිවරණ සමයේ සන්ධානයේ ප්‍රචාරක දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට මුදල් ගෙව්වා ද.. එම මැතිවරණයේ බස් සඳහා ලංගමට මුදල් ගෙව්වාද.. උතුරේ අත් හැර ගිය කම්හලක යකඩ කපා ඉවත් කළ බව ආරක්ෂක ලේකම් දැන සිටියාද..’ ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම කොමිසම මගින් විමර්ෂණය කරන ලදී.

148 views

19 Comments to “මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නැයි මහා බරපතල කොමිසම නිර්දේශ කරයි..?”

  1. Dev says:

    Praja aythiya ahosi karoth mokada karanne.

    Rata goda ganne kohomada.

    Janathawa samaga parata bahimu.

  2. Lapaya says:

    Karala balapan puluwan nam. Edata lankawak naha kiyala hita ganilla ayith palanaya karanna hitanta saha hutanta.

  3. Hamangoda says:

    Ak Hdai. Api parata bahimu.

  4. Karu says:

    මහින්ද නං පුදුම ඇණයක්. ඒ මදිවට පොහොට්ටුවක් අටව ගෙන.මෙහෙන් ඒ අව් අස්සෙ පළාත් චන්දයක්. කෝ ඉතින් හතලිහක් එළෙව්වත් මට බය, වෙන ලෙඩක් වැටෙයිද කියල. මොකද හිටිය සීසර්ට වඩා මැරුණ සීසර් බලවත් වුණා නෙව!
    තවක්කාල් අක්කයි, ගංජ පුතායි කුණුදත් මල්ලියි කියා මොනව කරන්නද?

  5. Sadda says:

    එවැන්නක් කරන්න සිංහලයෙක් අත උස්සනව නම්, ඌ සිංහලයෙකුට ජාතක උනු එකෙක් වෙන්න බැහැ.

  6. Gamaya says:

    Rata beragaththa minihage praja aithiya ahosi kara. Lokaye visalama horakama kala agamathi nidos kara nidahas kireema yahapalanaya nam wei.

  7. simiyon says:

    Okatath Commission da ?
    Apade Sallai ..Oya Minihata Praja Aythiya Thibunath Ekai Natah Ekai

  8. UNIKO says:

    JAYA WEWA!!!!!!!!!!!!!!!!!!!!!

  9. Rupa says:

    මෙයට ඉස්සරදිත් ප්‍රතිවාදියාට ඇතිවූ බයම නිසා මැතිනියගෙත් ප්‍රජා අයිතිය නැති කලා බොරු චෝදනා කරලා. එයට අත උස්සපු අයත් පස්සෙ කීවා තමන් කලේ ලොකු වරදක් කියලා. දැන් ඉන්න දෙන්නටත් තියන ලොකුම හිසරදේ තමයි මහින්ද මැතිතුමා. බලමු..

  10. David Milli-Banda says:

    My thunath mewata haul karayek

Main News