මහින්ද රාජපක්‍ෂට බැන්නට ණය අඩු වෙන්නේ නෑ..- දයා ගමගේ

August 31, 2019 at 8:02 am | lanka C news
මහින්ද රාජපක්‍ෂට බැන්නට ණය අඩු වෙන්නේ නෑ..- දයා ගමගේ

වසර 2025 දී පෝසත් රටක් හැදීමේ අගමැතිවරයාගේ සිහිනය සැබෑ කිරීම සඳහා බතික් ගම්මාන 100 ක් ඇති කිරීමට කටයුතු කරන බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ‍්‍රයේ පැවැති ‘බතික් ලංකා ප‍්‍රදර්ශනය’ විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. පාට කරන රැකියාවෙන් පාට පිරුණු ජීවිතයක් යන තේමාව යටතේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ප‍්‍රදර්ශනය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

අගමැතිවරයා මට අලූත් අමාත්‍යාංශයක් භාර දීලා ලොකු වගකීමක් පැවරුවා. අලූතින් හිතලා අපනයන වෙළඳපොළ දෙගුණයක් කරන වැඩසටහන් බිහිකරන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියා. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මට භාර වුණා. අමාත්‍යාංශය භාර ගන්නකොට පුටුවක් මේසයක්වත් තිබුණේ නැහැ. බෝඞ් ලෑල්ලක් විතරයි. ඒත් වසර 3 ක් තුළ අපනයන භෝග පැළ දස කෝටියක් අපි මේ වන විට බෙදලා තිබෙනවා. අපනයනය වැඩි කරන්න කුළුබඩු විතරක් නොවේ අඹ වගාව කෙරෙහිද අවධානය යොමු කළා. ටී.ජේ.සී. අඹ හඳුන්වා දී අඩු ආදායම්ලාභී පවුල් දියුණු කළා.

ලක්‍ෂ හතරකට පමණ උදව් කරලා තිබෙනවා. අපනයන ගම්මාන 5000 වැඩසටහන යටතේ ගම්මාන 500 කට වැඩිය අපි වැඩ ආරම්භ කර තිබෙනවා.

රටක් වශයෙන් අපි ණය විශාල ප‍්‍රමාණයක් අරගෙන තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ, ආණ්ඩුවට දොස් කීවට ඒ ණය අඩු වෙන්නෙ නැහැ.

අපේ රටේ ණය ගෙවීමට නම් අපි අපේ අපනයන වැඩි කරන්න නිෂ්පාදන වැඩි කරන්න ඕන. පේ‍්‍රමදාස මහතා කර්මාන්ත පුර ආරම්භ කළා. ඇ`ගලූම් කර්මාන්ත වැඩසටහන යටතේ අපේ අපනයන දියුණු වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ වැඩසටහන ඉදිරියට ගෙන ගියා. ජුකී මැෂිමක්වත් දැක නොතිබූ මමත් ඇ`ගලූම් කම්හලක් පටන් ගත්තා. රටේ අපනයන ආදායමෙන් සියයට 43 ක් අද ඇ`ගලූම්වලින් ලැබෙනවා.

අලූත් නිර්මාණ අද අපට අවශ්‍යයි. බතික් කලාව අපේ ඉතිහාසයේ පටන් පැවත එනවා. මිනිසුන්ගේ ඇෙ`ග් එය තිබෙනවා. මෙම බතික් ප‍්‍රදර්ශනය මට සාර්ථක කර ගැනීමට හැකි වුණේ අනෝමා ගමගේ මහත්මියගේ දැඩි උත්සාහය නිසයි. පශු වෛi නිලධාරිනියක් ලෙස කටයුතු කළ ඇය පසුව ඇ`ගලූම් කර්මාන්තයට සම්බන්ධ වුණා. ලංකාවේ හොඳම අපනයන ව්‍යවසායිකාව ලෙස එක දිගට තුන් වතාවක් ඇය සම්මාන ලබා ගත්තා.

දයා සරණ පදනම මගින් ජනතාවගේ ආර්ථිකයත්, දුවා දරුවන්ගේ පාසල් කටයුතුවලටත්, වෛi ප‍්‍රතිකාර සඳහාත් දායකත්වය ලබා දෙනවා. දයා සරණ පදනමට නෙදර්ලන්තයෙන් ලැබුණු ඩොලර් විසි දහසක් මගින් අම්පාරේ කාන්තාවන් 50 දෙනකු බතික් කර්මාන්තය සඳහා පුහුණු කළා. එම කාන්තාවන්ගෙන් දස දෙනකු රුපියල් ලක්‍ෂ දෙකක් මාසයකට උපයන තත්ත්වයට දියුණු වුණා. ඉන් හතර දෙනකු බතික් පුුහුණුව සඳහා ඉන්දුනීසියාවට යැව්වා.

මගේ අමාත්‍යාංශයෙන් ලක්‍ෂ 200 ක් ලබාදී අම්පාරේ කාන්තාවන් 500 ක් බතික් කර්මාන්තයට සම්බන්ධ කර ගත්තා. එම කාන්තාවන්ගේ බතික් නිර්මාණ ලංකාවේ නොවේ අද ලෝකයේ ඕනෑම තැනක පිළිගැනීමට ලක්වන තත්ත්වයේ තිබෙනවා. ඒ තරමට දියුණු මෝස්තර ඔවුන් අතින් නිර්මාණය වෙනවා.

2025 පොහොසත් රටක් හදන්න අගමැතිගේ සිහිනය ඉටු කරන්නට බතික් අපනයන ගම්මාන 50 – 100 ක් අතර හැදීමට කටයුතු කරනවා. අගමැතිවරයා කර්මාන්ත ඇමැති ලෙස එදා ඇ`ගලූම් කර්මාන්ත දියුණු කළා. අගමැතිවරයා බලාපොරොත්තු වන තැනට අපි අපේ රට ගෙනියනවා.

ඇතැමුන් අහනවා අපි මොනවද කළේ කියලා. පාස්කු ප‍්‍රහාරය වෙලාවේ ආරක්‍ෂාවට තර්ජන ආවා. ළමයින්ට පාසල් යන්න බැරි වුණා. එවන් ප‍්‍රහාර එල්ල වූ රටවල්වලට නැගිටින්න අවුරුදු දෙක තුනක් ගත වුණා. ඒත් අපි මාස තුනක් යනවිට නැගිට්ටා. මිනිසුන්ගේ මානසිකත්වය හැදුවා. රට ගැන හොඳ ප‍්‍රතිරූපයක් ඇති කළා.

දැනුවත් කිරීමේ වැඩසටහන් 25 ක් පවත්වලා ලක්‍ෂ හයකට මාසයක් ඇතුළත සමෘද්ධිය ලබා දෙන්න අපට හැකිවුණා. එක වැඩසටහනකට 5500 ක් කැඳෙව්වා. පාස්කු බිය ජනතාවගෙන් ඉවත් වුණා.

සංචාරක ව්‍යාපාරය නගා සිටුවූවා. අපි ඉදිරියට යන ගමන නවත්වන්න කාටවත් බැහැ. 2025 වන විට ඔබ බලාපොරොත්තු වන පොහොසත් රට හදලා ඔබවත් පෝසත් කරනවා. එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා යටතේ අඩු පොලියට ණය දෙනවා.

අප ඉදිරියට යන ගමන කිසිවෙකුටවත් නතර කළ නොැකියි. ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරනවා. ඒ ජයග‍්‍රහණයෙන් පසුව ජනතාව බලාපොරොත්තු වන පෝසත් රට අපි හදනවා. ඒ පොහොසත් රටේ ඔබව ශක්තිමත් කරන්නත් අපි ලෑස්තියි.

– මාධ්‍ය ඒකකය

134 views
Main News