මහින්ද රාජපක්ෂ අසාර්ථක නායකයෙක්.. ඔහුගේ ඡන්ද පදනම දියවනෙවා.. නැවත බලයට එන්න බෑ – අගමැති ඉන්දියාවට කියයි..
December 16, 2016 at 10:40 am | lanka C news
වත්මන් ජාතික ආණ්ඩුව සාර්ථකත්වයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ අසාර්ථක නායකයෙකු යයි ජනතාව තීරණය කරනු ඇති බවත් එවිට හිටපු ජනපතිට නැවත බලයට ඒමට හැකියාවක් නැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘ද හින්දු’ ඉන්දීය පුවත්පත වෙත අදහස් පල කරමින් සදහන් කර ඇත.
හිටපු ජනාධිපතිවරයා සමග තරුණ ඡුන්ද නැතැයිද පවසන අගමැති රනිල් කාලය ගතවෙද්දී හිටපු ජනපතිගේ ඡන්ද පදනමද ගිලිහෙනු ඇතැයිද කියයි.
අද වන විට විපක්ෂයේ සිටින ශ්‍රීලනිප ඉදිරිපෙල නායකයින් පවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කැදවනු ලබන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවටද සහභාගී වන බවත් ඉදිරියේදී හිටපු ජනපතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රීලනිපයට හැකියාව ලැබෙනු ඇති බවත් අගැමැතිවරයා කියා සිටී.
රනිල් වික්‍රමසිංහ මහතා සිහිනෙන් සිනා සෙන්නට විය.මෛත්‍රී මැතිණිය ආයාසයෙන් ඔහු අවදි කරවා ගත්තාය.
රනිල්,
ඇයි ඔබ මා අවදි කලේ මා අපූරු සිහිනයක රස විඳිමින් නොවැ උන්නෙ.
මෛත්‍රී මැතිණිය,
කුමක්ද ඒ සිහිනය?
රනිල්,
මහින්ද අසාර්ථක නායකයෙක්,මං ඒ බව මෝඩිටත් කියනව හීනෙන් දැක්ක.ඔබ
මෝඩියෙක් වගේ මා අවදි කර හීනෙන් හෝ ලබන්න තිබූ මගේ සතුට නැති කලා.
මෛත්‍රී මැතිණිය,
ඔබ අවදි කරවීම ගැන ඔබ මට ප්‍රශංසා කල යුතුයි.
රනිල්,
ඒ ඇයි?
මෛත්‍රී මැතිණිය,
ඔබ සිහිනෙන් දුටුු දේ හැබැහින් කියාවි කියා මට ඇතිවුනේ පුදුම බයක්.ඒකයි මා ඔබ
අවදි කලේ.
රනිල්,
මට තේරෙන්නෙ නැහැ ඔබ කියන දේ.
මෛත්‍රී මැතිණිය.
ඔබ හැමදේම කරන්නෙ විරුද්ධ පැත්තට.මහින්ද අසාර්ථක නායකයෙක් කියල ඔබ
ප්‍රසිද්ධියෙ කිව්වොත් රටේ මිනිස්සු තේරුම් ගන්නෙ ඒකෙ විරුද්ධ පැත්ත.ඒකයි මං
ඔබව නින්දෙන් අවදි කලේ,,,,
ඔයා පලාත් පාලන චන්දේ ඉක්මනට තියල ඒ බව ලෝකෙට පෙන්නන්න කෝ තැන තැන ටොක් නොදී
මෙන්න 28 වතාවක් පැරදුනු සාර්ථක නායකයා. ගම් පළාත්වල අවොත් මිනිස්සු ගොම වලින් සංග්‍රහ කරවී, ඉන්දියාවට කියනවා තමන් ඉන්න තැන. මෝඩි පන එපා කියල දුවාවි
ඉන්දියාව අන්දන්න හම්බ වෙන්නේ නැ, ඒ කොහොම උනත් උන් දීපු කොන්තරාත්තුව ඉක්මන්කරන්න යනවවගේ මූ.
77 දී ජේ ආර් එනකොට ආවේ ධර්මිෂ්ට රාජ්‍යය කියන නම ඉස්සරහට දාගෙන. රනිල්ට වගේ ම හිතවත් මාධ්‍ය ඔහුට මිස්ට ක්ලින් පට්ටමකුත් ගහල තිබ්බ. එහෙත් අපි දන්නවා 77 තමයි මේ රටේ දේශපාලනය අන්ත දුෂණයට ලක් වුණේ . රනිල්ට තියෙන්නෙත් ඒ ජාන ම බව ලංකා ඉතිහාසයේ සුපිරිම හොරකම වුනු මහබැංකු හොරකම කිරීමෙන් ඔප්පු කරා. 70 – 77 යුගයේ සිරිමාවෝ යුගයේ ප්‍රශ්න තිබ්බ. ඒවායින් මිරිකුණු මිනිස්සු සහනයක් බලන් ජේ ආර් ට ඡන්දෙ දුන්න. ජේ ආර් මේ දුන්නු බලය ඉතා ම ඒකාධිපති විදිහට පාවිච්චි කරලා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඇයට නැවත ඡන්දය ඉල්ලීමේ හැකියාව නැති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැති කරලා දැම්ම. අද මහින්දව අතුගාල දාල රනිල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න යන්නෙත් එක ම තමයි.
මහ සක්වල බ්‍රහ්මදත්ත උන්නැහෙත් දන්නවා සුද්දගේ පස්සපැත්තට මල්තියලා වැඳලා පිලිගන්න අර ලංකාව කියන දූපතේ නායකයා කවුද කියලා?